බිස්කට් හොරුන්ගේ පළි ගැනීම

හෝද හෝද මඩේ දානවා කියන්නේ ඒකනේ.මිස් නිකං නොදන්න පාට් එක ඇක්ට් කරනවා.

ඔය කතාවට ඔහොම හිනාවෙවී ඉන්න කොට මෙන්න එනවා ඔ‍ෆිස් එකෙන් breaking news.එතැන් සිට……

ලමයි අද බැජ් ගහන්නේ නෑ කියලා.කෙළියා තාප්පෙට.දැන් අපි කොහොමද ආයි පන්ති වලට යන්නේ,මොකද පන්ති වලින් දන්නවා අපි බැජ් ගහන්න හිටියේ අද කියලා,උන් අපි දැන් ටයි දාගෙන කෝට් දාගෙන නිකං එලියට ආවොත් හරියට චාලි චැප්ලින්ලා වගේ වෙනවා.හේතුවක් දන්නේ නැති හින්දා මොකද කියලා විපරම් කරලා බලද්දි අපේ විදුහල්පතිතුමාට උත්සවයක් විදිහට තියන්න ඕන මේ වැඩේ පෙරහුරුවක් කරන්න ඕනවෙලා.

ආරාධිත අමුත්තට හවසට එන්න කියලා අපි අව්වේ පෙළ ගස්සලා යනවා දැන් පෙරහුරුව.

වැස්සා. මිනිහා හෙවනේ අපි තෙමෙනවා,

Image

ඒත් රියසල් එක යනවා.අන්තිමට ආරාධිත අමුත්තා එද්දි අපි තෙමිච්ච කුකුලො ගානයි.ඒක හරි කියමුකො.ඔන්න ඒක ඉවර වෙච්ච ගමන්ම හම්බවුනා වැඩක්.එදා මොකක්ද එකකින් අපේ ඉස්කෝලෙට ඇවිල්ලා ආහාර ආධාර බෙදනවා,බිස්කට්.මොකද ඒ කාලේ අපේ ඉස්කෝලේ ආශ්‍රිත ප්‍රදේශය ස්වාභාවික ව්‍යසනයකින් විපතට පත් වෙලා තිබුනේ.

අපිට පැවරුනා ඉස්කෝලේ එක කොනක ඉඳලා අනික් කොනට අර 2.5kg පෙට්ටි 3 ගානේ අරන් යන්න.පඩිපෙල් නැග නැග බැස බැස ගෙනියන්නෙ.එක සෙට් එකක් ඉවර වුනාම තව පෙට්ටි 3 දෙනවා.සමහර වෙලාවට 4 කුත් දෙනවා.

ඒ වුනාට අපිට වතුර උගුරක්වත් නෑ උත්සවයේ ඉඳන්.කමක් නෑ කරලා දාමුකෝ කියලා කොල්ලො ටික එකතු වෙලා වැඩේ ගොඩ දැම්මා.හරියටම ඉස්කෝලේ ඇරෙද්දි A/Lපන්ති ඇර අනික් සේරටම බිස්කට් බෙදලා ඉවර කලා.කමක් නෑ ඉතුරු ටික හෙට බෙදමුකො කියලා අපි යන්න ආවා.මෙන්න ඊළඟ දවසේ අපිට කතා කළේ නෑ මේකට.ටිකක් වෙලා යද්දි ලමයි ටිකක් එක බිස්කට් පෙට්ටියක් අරන් එනවා අපේ සෙක්ශන් එකටම.මෙච්චරයි තිබුනේ කියලා.

යකෝ ඊයේ ඉවර වෙද්දි බිස්කට් පෙට්ටි 50  විතර තිබුනනෙ.

ඒ කාලේදි අපි ටිකක් ‍රැඩිකල්.බිස්කට් වලට මරා ගන්න ඕන්නැති වුනාට මේකට සිද්ධ වෙච්ච දෙයක් තියෙන්න එපායැ.අපිට ටීචර්ලා කිව්වේ අනික් සෙක්ශන්වල ලමයි ඉතුරුවා කාලා කියලා.එයාලා හිතුවේ අපිව අර බාලිකා පාසැල්වල ලමයි වගේ කර බාගෙන ඉඳියි කියලා.ඒ වුනාට බලද්දි අනික් සෙක්ශන්වල ලමයිටත් මෙහෙමම තමයි.අපිට බිස්කට් කන්න පෙරේතකමක් තිබුනේ නැති වුනාට මේ අසාධාරණයට කෑගහන්න අපිට වුවමනා වුනා.අපි ඔ‍ෆිස් එකට ගිහින් ඇහුවා ඇයි මෙහෙම වුනේ කියලා,

ඔක්කොම කටේ බිබික්කං වගේ ඉන්නකොට තමයි අපිට තේරුනේ කට්ටියම කුඩු කාලා කියලා.අපේ බොසාටත් කට උත්තර නෑ.අපිත් ඉතින් එන්න ආවා.

කලින් දවසේ හවස ඉස්කෝලේ ටීචර්ලා අත්‍ර හිටපු චීටර්ලා බිස්කට් පෙට්ටි පිටින් පිල්ලි ඇරලා විකුණලා කඩ වලට.

බිස්කට් කෑමේ මහා අහේනියක් හෝ මල පෙරේතකමක් අපිට තිබුනේ නෑ,ඒ වුනාට ආහාර ආධාර විදිහට හම්බවෙච්ච දේවල් ගෙඩි පිටින්ම අර ගුරුහොරු ටික පිල්ලි ඇරපු එකට අපිට තිබුනේ ලොකු තරහක්.අපි ඒකට කැගහපු හින්දා අර ගුරු හොරු ටිකගේ මේ පිල්ලිය මුලු ඉස්කෝලෙම දැන ගත්තා.ඒත් ගුරුහොරුන්ට කවුරුත් සපෝට්, මොකද එකතු වෙලානෙ කුඩු කාලා තියෙන්නේ.

හැබැයි මේකට අපෙන් පළිගන්නත් මේ ගුරු හොරු කටයුතු කරලා තිබුනා.මට නම් වුනේ මට A/L පස්සේ ඉස්කෝලෙන් සරසවියට තේරුනු ලමයින්ට දෙන ශිෂ්‍යත්වය කපලා දාපු එක.ඒක මට නම් එච්චර ලොකු දෙයක් වුන් නෑ,මොකද ඒක හම්බවෙච්ච කොල්ලන්ට ඉස්කෝලෙන් හිඟා කන ගානට සලකපු හින්දා.අනික් උන්ට නම් ෂොට් එක දෙන්න බලාගෙන හිටියත් වෙලාවක් හරීයට හම්බවෙලා තිබුනේ නෑ.

Leave a comment