සුදු ගෝනා

Posted: November 14, 2013 in Uncategorized

දොස්තර රිචඩ් ලයනල් ස්පිට්ල් විසින් රචිත සුදු ගෝනා කෘතිය මම කිහිපවරක්ම කියවා ඇත්තෙමි.හෑන්ස් නැමති ඕලන්ද ජාතික තරුණයා ඇසුරින් නිර්මාණය වී ඇති මෙය රසවත් මෙන්ම ත්රා සජනක සිද්දීන් තුලින් හැඩ ගැන්වී තිබේ.ඕලන්දයෙන් නැව් නගින හෑන්ස්ගේ නැව් ජීවිතය නිමාවෙන්නේ ලංකාව අසල මුහුදේදී ඔහු ගමන් කල නැව මුහුදුබත් වීම නිසාවෙනි.පසුව වැද්දන් හා එකතු වන හෑන්ස් ඔවුන් සමග ජීවත් වීමට පටන් ගනී.රුදුරු වන සතුන් සමග ඉතාමත් කුලුපග වෙයි.”දීයා,දිකුද්,බිම්බි,ටිකී” ඔහුගේ මිත්රෙ සිවුපාවුන්ය.”රන්දුනා,පෙමා,රනී,සෙලා,ගැස්පා,පිගේරා,රජතුමා මෙහි ඉන්නා වූ සෙසු චරිතයන්ය.ඒ.පී ගුනරත්නයන් විසින් සිංහලට පරිවර්තනය කරන ලද මෙම කෘතිය ඉතාමත් විශිෂ්ඨ ලෙස සිංහලට පෙරලා ඇත.ඒ බව මෙම පොතේ කතුවරයා ගැන හැදින්වීමේදීද විශේෂයෙන් සදහන් කර ඇත.

Leave a comment