Blog Portal of Durakatana

1990 දශකයේ පමණ සිට ලොව පුරා ප්‍රචලිත වන්නට වූ නිවෙස් පරිගණක නොහොත් පුද්ගල පරිගණක (PC) නිසා අපේ වැඩ කටයුතු ගොඩාක් පහසු වුනා. ඒ පහසුව තවත් වැඩි කරගන්න මේසේ උඩ තියන ඩෙස්ක්ටොප් පරිගණකය පොඩි කරලා ලැප්ටොප් පරිගණකය හැදුවා. ඩෙස්ක්ටොප් කම්පියුටරයක වගේ ඕනෙම වැඩකට ඔට්ටු ලැප්ටොප් පරිගණක දැන් තියෙනවා. එතනින් තවත් ඉස්සරහට ගිහින් දැන් පරිගණකයෙන් කරපු ඉන්ටර්නෙට් හා ඊමේල් පරීක්ෂාවන්, විවිධ දේ ඩවුන්ලෝඩ් කිරීම, file share කිරීම, ගීත ඇසීම හා වීඩියෝ නැරඹීම ආදී සෑම දෙයක්ම දැන් අපේ අත්ල උඩ තියෙන ස්මාට් ෆෝන් එකෙන් කරගන්න පුළුවන්. කෙටියෙන්ම කිව්වොත් පරිගණකය දැන් අපේ අත්ල උඩටම ඇවිත්. ඒත් ජංගම දුරකථනයට කරන්න බැරි වැඩත් තියෙනවා. ගොඩාක් දෙනෙක් හිතාගෙන ඉන්නේ ෆෝන් එකෙන් ප්‍රින්ට් කරන්න බෑ කියලා… ඒක ඇත්තද ?

ඕනෑම තැනක සිට, ඕනෑම පරිගණකයකින්, ස්මාට් ෆෝන් එකකින් හෝ ටැබ්ලට් එකකින් ඔබේ ප්‍රින්ටරයට printouts එවීමට හැකි යැයි ඔබ දැන සිටියාද ? කලකට පෙර එවන් පුවතක් ඔබ අවඥාවෙන් බැහැර කරනු ඇති වුවත්, දැන් නවීන තාක්ෂණ ක්‍රම සමගින් එම කරුණ සැබෑවක් බවට පත්වෙලා. දැන් ඔබටත් ඔබේ අතේ ඇති ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයෙන්ම ඔබ කැමති ලිපියක්, වෙබ් පිටුවක් හෝ පින්තූරයක් ක්ෂණිකව ප්‍රින්ට් කරගන්න පුළුවන්. ඒ කොහොමද ?

ඒ තමයි මෙවර “දුරකථන” කලාපයේ (11 කලාපය – 2013 නොවැම්බර්) ප්‍රධාන විශේෂාංගය. ඊට අමතරව තවත් බොහෝ වැදගත් හා ප්‍රයෝජනවත් ලිපි රැසක් මෙවර කලාපයේත් අඩංගුයි.

  • මුලින්ම ලෝකෙට ඇන්ඩ්‍රොයිඩ් ස්මාට් දුරකථනයක් නිකුත් කලේ HTC සමාගම. ඒ සමාගමේ ඉතිහාස කථාව ඔයාලට කියවන්නට පුළුවන්…
  • ගොඩ දෙනෙක් ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකක් ඡායාරූප ගන්නවා ඇති. දුරකථනයේ කැමරාවෙන් හොඳ ඡායාරූපයක් ගන්න හැටි මෙවර කලාපයෙන් අපි කියලා දෙනවා…
  • පරිගණකයත්, දුරකථනයත් දෙකෙන්ම වැඩ කරන අයට මේ දෙක අතර file share කරගන්න නිතරම වුවමනා වෙනවා. දුරකථනයේ ඇති files පරිගණකයටත්, පරිගණකයේ ඇති files දුරකථනයටත් යවන හැටිත් ඔයාලට කියවන්න පුළුවන්…
  • සෝනි සමාගමෙන් නිකුත් කළ හොඳම ස්මාට් දුරකථනය ලෙස හඳුන්වන්නට පුලුවන් sony xperia Z1 කියන දුරකථනය ගැන විවරණයක්…
  • සැම්සුන් සමාගමෙන් ඊලඟට නිකුත් කරන්නට නියමිත samsung galaxy S5 ගැන ආරංචි ටිකක් දැනගන්න කැමතිද ?
  • ඔන්න දැන් පරිගණකයෙන්, අන්තර්ජාලය හරහා ලංකාවේ දුරකථන වලට නොමිලේ MMS යවන හැටි දැනගන්න පුළුවන්…
  • ඇන්ඩ්‍රොයිඩ් දුරකථනයක් කියන්නේ ඇමතුමක් ගන්න, වීඩියෝ ගේම් ගහන්න තියෙන්න උපාංගයක් පමණක් නොවෙයි. ඇන්ඩ්‍රොයිඩ් වලින් ගොඩාක් ප්‍රයෝජන ගන්න පුළුවන්. දුරකථනය භාවිතා කරලා ඔබේ හදගැස්ම මැන ගන්නට පුළුවන් අපූරු app එකක් ගැන අපි ඔයාලට කියලා දෙනවා…

මීට අමතරව ජංගම දුරකථන තිර තාක්ෂණය හෙවත් display ගැන ගියවර සඟරාවේ පළවූ ලිපියේ දෙවැනි කොටස මෙවර පළවෙනවා. ඒ වගේම ලෝක ප්‍රසිද්ධ නොකියා සමාගම මයික්‍රොෙසාෆ්ට් සමාගමේ කොටසක් බවට පත්වීම ගැනත්, ඒ නිසා ඇතිවන නව ප්‍රවණතා ගැනත් ලිපියක් මෙවර පළ වෙනවා.

“දුරකථන” නවතම කලාපය දැන් පිටවුනා. ඔයාලට ලඟම පොත් හා පුවත්පත් අලෙවි සැල් වලින් ලබාගන්නට පුළුවන්.

දුරකථනයෙන් වැඩගන්න… දුරකථන නිති කියවන්න…

Comments on: "ජංගම දුරකථනයෙන් ප්‍රින්ට් කරන හැටි…!" (4)

  1. can we buy all the magazines…if can from where?

  2. මේ මැගසින් එක මාසිකව ගාණක් ගෙවලා ඔන්ලයින් කියවන්න වැඩ පිලිවෙලක් නැද්ද තවම ! ලංකාදීප පත්තරේ එහෙම ක්‍රමයක්
    තියෙනවා.එහෙම තියෙනවානම් හොදයිනේද ?

  3. මේ තියෙන හැම ලිපියක්ම සිංහලෙන් සහ එම ලිපියම ඉංග්‍රීසි භාශාවෙනුත් පරිවර්ථණය කරලා දානවානම් හුගාක්ම හොඳයි !

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්