Blog Portal of Durakatana

best smart phones of 2013

Cell Phone, Smartphone වලට පසුව Tablet හා Phone එක්ව සෑදුනු Phablet දක්වා දුරකථන වෙළඳපල පුළුල් වී ඇත. විවිධ දුරකථන නිෂ්පාදකයින් විවිධ හැඩයේ හා ප්‍රමාණයේ දුරකථන වෙළඳපලට නිකුත් කරනු ලබන අතර ඒ සියල්ලම එකිනෙකා පරදවා පාරිභෝගික ප්‍රසාදය දිනා ගැනීමට විවිධ සිත් ඇදගන්නා සුළු පහසුකම් හා විශේෂීකරණයන් සිය ජංගම උපාංගවලට ඇතුළත් කරති. මෙම Features කෙතරම් චිත්තාකර්ශණීය ද යත්, ජංගම උපාංග මිලට ගැනීමේදී කුමක් තෝරා ගන්නවා දැයි අපටම සිතාගත නොහැකිය. එබැවින් දුරකථනයක් මිළට ගැනීමට වෙළඳපලට ගියවිට ඔබ මෙම Features අතර අතරමං වී ඔබට නොගැලපෙන ජංගම උපාංගයක් රැගෙන ඒමේ හැකියාව ඉතා ඉහළය. මෙම ගැටළුව වලකා ගැනීමට, 2013 වසරේ ජනප්‍රිය වූ විවිධ නිෂ්පාදකයන්ගේ සුපිරි ජංගම දුරකථන හා Phablet කිහිපයක විස්තර ඔබ වෙත ගෙන එන්නෙමු.

මේ සඳහා අප තෝරාගත් උපාංග වූයේ,

  • Samsung Galaxy S4
  • HTC One
  • Apple iPhone 5
  • LG Optimus G Pro
  • Blackberry Z10
  • Sony Xperia Z
  • LG / Google Nexus 4
  • Samsung Galaxy Note II

යන උපාංග කිහිපයකි.

——————————————————————-

ප්‍රමාණය :

ජංගම දුරකථනයක මූලික ආකර්ශණය වන්නේ එහි ප්‍රමාණයකි. සමහර පාරිභෝගිකයන් විශාල Display සහිත උපාංග වලට කැමැත්තක් දක්වන අතර සමහරුන් සොයන්නේ හුරුබුහුටි උපාංගයි. බොහෝ දෙනා ඉතා සිහින් හෙවත් මිලි මීටර 9 ක් හෝ ඊට අඩු ඝනකමක් සහිත දුරකථන වලට කැමැත්තක් දක්වති. අප සලකා බැලු දුරකථන අතරින් LG Optimus G Pro හා Samsung Galaxy Note II යන උපාංගයන් ෆැබ්ලට් උපාංග බැවින් ඒවා ඉතා විශාල උපාංග විය. ඝනකම අතින් අඩුම ඝනකම වූයේ 7.6 mm ඝනකමැති Apple iPhone 5 උපාංගයයි.

——————————————————————-

නිමාව :

ජංගම දුරකථනයේ පිටත නිමවා ඇති අමුද්‍රව්‍යය අනුව එය අතට දැනෙන ආකාරය හා පිටතට පෙනෙන ආකාරය තීරණය වෙයි. ඔබේ ජංගම දුරකථනය ඇලුමිනියම්, ප්ලාස්ටික් හෝ වීදුරු වලින් නිමවා තිබීමට හැකිය.

——————————————————————-

බර :

දුරකථනයේ බර පිලිබඳ පාරිභෝගික වරණය විවිධාකාරය. කෙසේ වුවද අප සමීක‍්ෂණය කළ සියලූ දුරකථන ග්‍රෑම් 200 කට වඩා බරෙන් අඩු උපාංග විය. 180g බරැති Note II උපාංගය වැඩිම බරෙන් යුත් උපාංගය වූ අතර අඩුම බරෙන් යුතු වූ Apple iPhone උපාංගයේ බර ග්‍රෑම් 112 ක් විය.

——————————————————————-

තිරය :

බොහෝ දෙනා ජංගම දුරකථන තිරයක සලකා බලන්නේ එහි ප්‍රමාණය පමණි. නමුත් අප දුරකථන තිරයේ ප්‍රමාණය Resolution මෙන්ම එහි PPI අගය හෙවත් Pixel per inch අගයද ඔබට ඉදිරිපත් කරන්නෙමු. PPI යනු තිරයේ අඟලක් තුල ඇති Pixels ප්‍රමාණයයි. මෙම අගය ඉහළ යන තරමට දුරකථන තිරයේ ඡායාරූප වල ප්‍රමිතිය ඉහළ යයි. තිරය කෙතරම් විශාල වුවද එහි PPI අගය අඩුනම් එහි ඡායාරූප වල තීවෘතාව පහළ බසී.

අඟල් 4 සිට 5.5 දක්වා ප්‍රමාණයන් වල පැතිර තිබූ අපගේ නිදර්ශක අතර විශාලතම තිරය හා අඩුම PPI අගය ඇති Galaxy Note 2 (5.5 inch, 267 ppi) තිරයේ ප්‍රමිතියද ඉතා ප්‍රශංසනීයය. කෙසේ වුවද මේවා අතරින් හොඳම තිරය වූයේ අඟල් 4.7 ක් විශාල මෙන්ම 468 ක PPI අගයක් තිබූ HTC One දුරකථන තිරයයි.

——————————————————————-

ප්‍රොසෙසරය :

දුරකථනයේ බලය ලෙස සැලකෙන්නේ මෙයයි. අප සලකා බැලු සියලූම උපාංගවල Dual Core හෝ ඊට වැඩි අභ්‍යන්තර ඒකක ගණනක් තිබූ ප්‍රොසෙසර අඩංගු වූ අතර අඩුම බලයක් තිබූයේ Apple iPhone හි 1.3 GHz Dual Core ප්‍රොසෙසරයයි. ඉහළම බලයක් තිබූ උපාංගය වූයේ Galaxy S4 උපාංගයයි. මෙය 1.9 GHz Quad Core (ඒකක 4ක්) හෝ 1.6 GHz Octa Core (ඒකක 8ක්) ප්‍රොසෙසර සහිතව මිළට ගත හැකිය.

——————————————————————-

RAM මතකය :

සියලූම උපාංග වලට 2 GB RAM අඩංගු වුවද iPhone හි පමණක් 2 GB RAM එකක් අඩංගු විය. එය එතරම් ගැටළුවක් ලෙස කීමට නොහැක්කේ Apple හි Software හා Hardware ද්විත්වයම එකිනෙක හා එක්ව මනාව ක්‍රියාකරන නිසාවෙනි.

——————————————————————-

අභ්‍යන්තර මතකය :

දත්ත ගබඩා කිරීමට ඉඩකඩ යනු කිසි දිනක නොසන්සිඳෙන පිපාසයක් වැනිය. බොහෝ දුරකථන නිෂ්පාදකයින් සිය ජංගම දුරකථන වලට අතිවිශාල අභ්‍යන්තර මතකයන් හා Card Slot එකක්ද ඇතුළත් කරන්නේ එබැවිනි. අප පරීක්ෂා කළ උපාංග බොහොමයක 16 GB හෝ ඊට වැඩි මතකයක් තිබූ අතර බොහොමයක Card Slot පහසුකමද අන්තර්ගත විය.

——————————————————————-

කැමරාව :

අප පිරික්සූ සියලූම දුරකථන වල 4MP සිට 13MP දක්වා විසිරුණු ප්‍රධාන කැමරාව සහ 1.3MP සිට 2.1MP දක්වා විහිදුණු ඉදිරිපස කැමරා දක්නට ලැබුණි. කෙසේ වුවත් කැමරාවලින් ඡායාරූප ලබා ගැනිමේදී එක්කළ හැකි Features අනුවද එහි ප්‍රමිතිය තීරණය වන බව සිහි තබා ගත යුතුය.

——————————————————————-

බැටරිය :

මෙයද එක් බැල්මකින් නිගමන වලට පිවිසීමට අපහසු සාධකයකි. සියලූම උපාංග වල 1440 mAh ඉක්මවා ගිය බැටරි ධාරිතාවක් තිබුණද, ඒවායේ තිරය, ප්‍රොසෙසරය හා පාරිභෝගිකයා එය භාවිතා කරන ආකාරය අනුව බැටරි ආයු කාලය වෙනස් වීමට හැකියාව ඇත.

——————————————————————-

මෙහෙයුම් පද්ධතිය :

අප ඔබ වෙත ඉදිරිපත් කරනු ලබන දුරකථන වල ප්‍රධාන මෙහෙයුම් පද්ධති 3 කි. Android, iOS හා Blackberry යනු මේ ත්‍රිත්වයයි. ඔබ දුරකථනයක් තෝරා ගැනීමේදී එම මෙහෙයුම් පද්ධතිය හා එහි version එක පිළිබඳ සැලකිය යුතුය. මෙම මෘදුකාංග සියල්ලටම ඒවා සඳහා ආවේණික වූ App Store එකක් බැවින් ඇති අතර Apple හා Android App Stores ඉතා විශාල Apps ප්‍රමාණයක් දරා සිටිති. කෙසේ වුවද Blackberry හා Windows (මෙහි ඇතුළත් නොවේ.) App Stores තවත් දියුණු කළ යුතු බව කිව යුතුය.

——————————————————————-

සමස්ථයක් ලෙස බලද්දී මෙම දුරකථන හෝ ෆැබ්ලට් සියල්ලේම එකිනෙකට සාපේක‍්ෂව අඩු හෝ වැඩි විශේෂතා දක්නට ලැබේ.
Galaxy S4 යනු නවීන හා සිත් ඇදගන්නා සුළු උපාංගයයි. මෙහි ඇති පරිහීලකයාගේ ඇසට සංවේදී sensors පද්ධතිය මගින් ඇස චලනය වන විට Auto Scroll වීම, තිරයෙන් ඇස් ඉවතට ගත් විට වීඩියෝ auto Pause වීම වැනි විශේෂාංග අනාගතයෙන් ගෙන ආ තාක‍්ෂණික නිමැවුම් සිහි ගන්වයි.

HTC One දුරකථනය Galaxy S4 පසුකර යාමට සමත් නොවුණද, එහි අනර්ඝ නිමාව සුපිරි සුපැහැදිලි තිරයක් හා කාර්යක‍්ෂම ක්‍රියාකාරිත්වය එය ප්‍රමුඛයින් අතරට ඔසවා තබයි.

බොහෝ දෙනා බලාපොරොත්තු තබා ගෙන සිටිය ද, පැරණි සාමාන්‍ය ආකෘතිය පසුකර යන්නට Apple iPhone 5 සමත් වූයේ නැත. සම්ප්‍රදායික Apple උපාංග වලට ආවේණික සුමට ක්‍රියාකාරිත්වය හා අනර්ඝ නිමාව සහිත iPhone 5 උපාංගය පොදු එහෙත් සාමාන්‍ය උපාංගයකි.

Phablet ගණයට වැටෙන LG Optimus G Pro හි සුවිශේෂ මෘදුකාංග Features වලින් සපිරි වුවද තවමත් ලොව පුරා පූර්ණ වශයෙන් ව්‍යාප්ත කර නොමැති උපාංගයකි. මෙය හා සම මට්ටමේ සිටින Samsung Galaxy Note II සමග තරඟ කිරීමට හැකියාව ඇති උපාංගයකි.

Android හා Apple සමග තරඟ කළ හැකි මෙහෙයුම් පද්ධති සංස්කරණය වූ Blackberry OS 10 සහිතව වෙළඳපලට පැමිණි ප්‍රථම Blackberry දුරකථනය Z-10 දුරකථනයයි. Home Button හෝ Navigation Keys රහිත මෙහි බොහෝ කටයුතු Gestures හා Swipe කිරීම් වලින් ඉටු කර ගත හැකිය.

බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටි Sony Xperia Z දුරකථනය වෙළඳපල තුලදී නම් සිතූ තරම් සාර්ථක වූයේ නැත. නමුත් එම මාදිලියේ හෝ එම කාණ්ඩයේ කිසිම නිෂ්පාදකයෙකු විසින් ලබාදීමට අපොහොසත් වූ Water, Dust Resistent ගුණාංගය Xperia Z හි දක්නට ලැබේ. දුරකථනය පැය භාගයක් ජලය තුළ පූර්ණව ගිල්වා තැබුවද කිසිදු හානියක් තොරව භාවිතා කල හැකි වීම හා දිය යටදී වුවද ක්‍රියාත්මක කළ හැකි වීම මෙහි ඇති අපූර්ව වාසියකි.

Nexus 4 ගැන නම් කීම හැක්කේ එය ඉතා ආකර්ශණීය නිමැවුමක් බවය. ඉතා අඩු මිළට ලබා ගත හැකි හොඳ නිමැවුමක් වන මෙය වෙළඳපලට නිකුත් කළ සැනින් අධි වේගයෙන් විකිණී අවසන් වීම දැකිය හැකි වේ. මෙහි නවතම සංස්කරණය වශයෙන් Nexus 5 දුරකථනයද LG / Google එකමුතුවෙන් පසුගියදා නිකුත් කෙරුනු අතර ඒ පිළිබඳව නවතම ලිපියක් ඉදිරියේදී “දුරකථන” බ්ලොගයෙන් බලාපොරොත්තු වන්න.

Stylus එකක් හෙවත් “Touch pen” එකක් සහිත එකම Smartphone/ Phablet දුරකථනය Samsung Galaxy Note II උපාංගයයි. මෙහි විශාල තිරය හා Stylus එක නිසා සටහන් තබා ගැනීම, චිත්‍ර ඇඳීම හා රූපසටහන් තැබීමට හැකි මෙය වාර්තාකරුවන්, ව්‍යාපාරිකයන් හා සිසුන් අතර වඩා ජනප්‍රියය.

ස්මාට් ෆෝන් වෙළඳපල වේගයෙන් වෙනස් වන බැවින් තවත් මාස කීපයකදී මේ සියලූ උපාංග යල් පැනගිය උපාංග වීමට හැකිය. නමුත් අවම වශයෙන් දැනට වෙළඳපලට යන ඔබ, වෙළෙන්දාට වැඩි වාසියක් ලැඛෙන ලෙස නොව, ඔබට වැඩි වාසියක් ලැඛෙන ලෙස දුරකථනයක් මිළදී ගැනීමට තරම් දැනුමෙන් සන්නද්ධ වීමට මෙම කරුණු ඔබට වැදගත් වනු ඇත…

Comments on: "හොඳ ස්මාට් ෆෝන් එකක් තෝරා ගන්නේ කෙසේද ?" (6)

  1. දැනුම වැඩි දෙනෙක් අතරේ බෙදාහරින එක ලොකු පිංකමක් ! හුගාක් දෙනෙක්ට දැනුම ඉංග්‍රිසියෙන් තියෙන එක දැනුවත්වීමට බාදාවක්.හැම දැනුමක්ම තමුන්ගේම භාශාවට පරිවර්ථණය වෙනවා හැම රටකම.ඒත් ලංකාවේදි ඒක වෙන්නේ ඉතාම අඩුවෙන්.මේ උත්සහාය සාර්ථකවේවා !!!!

  2. Good Work

ඔබේ ප්‍රතිචාර සටහන් කරන්න..එය අපට ශක්තියක්