දහයට එන්න හො‍ඳේ…

පොරක් ගියාලු ජොබක ඉන්ටවිව් එකකට. මෙයා ජෝකර් මල්ලිට කිසිම සම්බන්ධයක් නෑ හො‍ඳේ. ඔන්න ඉතිං එතන හිටපු ලොක්ක මිනිහගෙන් ප්‍රශ්ණ අහනවලු.

“ඔයාට මොනවට හරි ඇලජික් එකක් එහෙම තියෙනවද?”

“එහෙමමත් නෑ… හැබැයි ප්ලේන්ටි බිව්වම බඩේ ගෑස් එනවා… ඒ නිසා ප්ලේන්ටි බොන්නෙ නෑ මම”

“හුම්ම්… එතකොට… ඔයා කලින් කොහෙද වැඩ කරේ?”

“හෙහ් හෙහ්… හමුදාවෙනෙ සර්… මේම හිටියට රණ විරුවෙත් තමා… ඒ කාලෙ ඉරාකෙ මානුෂික මෙහෙයුම කරේ අපිනෙ.”

“ෂා නියමයි. අන්න එහෙම දක්ෂ කෙනෙක් තමා අපි හොයන්නෙ. ඇයි ඉතිං අයින් උනේ? පෙන්ෂන් ගියාද?”

“ඒකනෙ සර්… දැන් අපේ උන් කරන වැඩවල හැටියට අයින් උන එක ගැන දුකයි. ඒ උනාට කලින් පෙන්ෂන් යන්න උනා.”

“ඒ කියන්නෙ මොකක් හරි අනතුරක් උනාද?”

“ඔව්නෙ සර්… බෝම්බයක් පිපිරිල මගෙ ඇට දෙකම බ්ලාස්ට් උනානෙ…”

“හහ් හා… එහෙනං තමුසෙ තමයි ජොබ් එකට කියාපු බඩුව. හෙට ඉඳන් වැඩට එනව. අපි සාමාන්‍යයෙන් උදේ 8 ඉඳන් හවස 4 වෙනකල් වැඩ. හැබැයි තමුසෙ උදේ 10ට ආවට කමක් නෑ.”

“ඈ…? ඇයි සර් 10ට? මට උදේ 8ට වැඩට එන්න පුළුවන්. කිසි ප්‍රශ්ණයක් නෑ”

“මේකනෙ අයිසෙ. මේක රජයෙ තැනක්නෙ. අපි කොහොමත් උදේ 8 ඉඳන් 10 වගේ වෙනකල් ඇට කහ කහ ප්ලේන්ටි ගහන ගමන් බයිල කියවන එක තමා කරන්නෙ. තමුසෙ උදේ 8ට ආවට වැඩක් නෑනෙ ඉතිං”

හිලේ කතාව මෙතනින්

12 thoughts on “දහයට එන්න හො‍ඳේ…

  1. ඇත්තම තත්ත්වෙත් ඕකමනේ බන් අපේ රාජ්‍ය සේවේ

  2. ඒ ප්ලේන්ටිය හදන පියන් කාරයත් ඇටේ කහ කහලු හදන්නෙ.
    කොහොමද ඒකෙ රහ නේද.
    ඊය ඇට ප්ලේන්ටි බොන්ඩ මගේ දරුවෙක්වත් රජයේ සේවයටනම් යන්න දෙන්නේ නෑ

  3. සන්තෝසයි

  4. මේක මං කලිං දැකල තියනෙ කතාවක් වගේ..

    • හිල ගුරුප් එකේ ගියා. නැත්තං වෙන කවුරු හරි පරිවර්තනේ කරපු එකක් දකින්න ඇති.

  5. එතන එහෙනම් උදේම වැඩක් කරන්න ඉන්න එකම මිනිහා ඌ විතරයි එහෙනම්

    • ඌ වතුර බිබී වෙන මොනව හරි කහන්න ගත්තොත් ඉවරයි 😀

  6. 10 න් පස්සෙත් ඕකුන් කරන්නේ ඔය වැඩේම තමයි බන්

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!