මේක හද්ද පරණ කතාවක්. මම කියෙව්වෙ මහින්දගේ ආගිය කතා එකකින්. මේක උණේ අවුරුදු 12-15කට විතර කලින් VCR වීඩියෝ කැසට් ඩෙක්වලින් ගෙවල්වල ෆිල්ම් බලපු කාලෙ.
———————-
පෙරේරා මහත්තය රස්සාව කළේ ටිකක් ඈත පළාතක බැංකුවක. සඳුද පාන්දරම ගෙදරින් ගිහින් සතියෙම බෝඩිමක නැවතිල වැඩ කරල සෙනසුරාද වරුවෙන් තමා ගෙදර එන්නේ. ගෙදර ඉන්න නෝනටයි ළමයි තුන් දෙනාටයි කඩචෝරු එක්ක සෙනසුරාද හැන්දෑවට ළමයින්ට බලන්න කියල VCR වීඩියෝ ටේප් එකකුත් අරන් එනව.
ඔන්න සෙනසුරාද දවසක පෙරේර මහත්තය ගෙදර එන්න කලින් වීඩියෝ ෂොප් එකකට ගියාලු. එතන හිටියෙ අළුත් කොල්ලෙක්ලු. බුවාගෙන් ළමා චිත්‍රපටියක ටේප් එකකුත් ඉල්ලගෙන පොර ගෙදර ආවලු.
“අද මම ඔයාලට ලස්සන ෂෝ එකක් ගෙනාවා. ජුමාන්ජි… මේක මරු ඈ… කට්ටිය බලන්න එහෙනං මං ඇඟපත හෝදගෙන එනකං. කෝ මේ අම්මා… අම්මටත් හොඳයි මේක බලන්න..”
පොර අම්ම කිව්වෙ නෝනගෙ අම්මට හෙවත් නැන්දම්මට. ඔන්න ළමයි තුන් දෙනයි නෝනගෙ අම්මයි තුන් දෙනාම ඉඳගෙන ජුමාන්ජි බලනවලු. නෝන කුස්සියෙ කෑම රත් කරනවලු. පෙරේරා මහත්තය ගියාලු වොෂ් රූම් එකට.
ටිකකින් පොරට ඇහෙනවලු සාලෙ පැත්තෙන් සද්දයක්…
“අයියෝ… මේ මොනවද මේ.. මේක ඕෆ් කරන්නෝ…”
පෙරේරා මහත්තය දුවගෙන ආවලු ඇඳගෙන හිටපු තුවාය පිටින්ම. බැලින්නං ටීවි එකේ හෙන බ්ලූ ෆිල්ම් එකක්ලු. ළමයි ඇස් උඩ තියන් බලං ඉන්නවලු. නැන්දම්ම කම්මුලේ අත තියංලු. නෝන දොර ගාව හිටගෙන මූණ වහගෙනලු අත් දෙකින්.
පෙරේරා මහත්තය කළබල උන පාර ඇඳන් හිටපු තුවාය ගලවල ටීවි එක වැහුවලු.
“ආ… දැන් එකක් මදිවට දෙකයි…”
ඒ පාර නැන්දම්ම ඇස් උඩතියාගෙන කිව්වලු.
———————-
ඉස්සර වීඩියෝ ෂොප්වලට පොලිසියෙන් පනිනවට උන් බ්ලූ ෆිල්ම් තියෙන ටේප් වෙනම තියාගන්නෙ නෑලු. උන් කරන්නෙ වෙන සාමාන්‍ය ෆිල්ම් එකක මැදට බ්ලූ ෆිල්ම් එක රෙකෝඩ් කරන එකලු. ඒව දෙන්නෙ දන්න අයට විතරයි. මෙතනදි කඩේ හිටපු කොල්ලට පොඩ්ඩක් ටැපලිලා.
එකක් මදිවට දෙකක් කිවුවලු.
හි..හි..
වඩා හොඳයිනෙ නේද 😀
Meka mamath kiyawla thiyenawa lakbima pattare
එළ!