කට පාවිච්චි නොකලට තෑන්ක්ස්!

මිනිස්සු දෙයියො ගැන තියෙන විශ්වාසෙ නැති වෙලා තියෙන නිසා දේව දූතයො සෙට් එකක් දෙයියන්ට කිව්වලු මේ ගැන පරික්ෂණයක් කරන්න කියලා. දෙයියොත් පෘථිවියෙ වැඩ සිද්ධ වෙන්නෙ කොහොමද කියල බලන්න සිනියර් දේව දූතයෙක් පත් කරාලු. මේ දූතයා පෘථිවියෙ රවුමක් ගහල දෙයියන්ට වාර්තා කරන්න ගියාලු.

“කෝමද කොල්ලො ඉතිං.. වැඩේ කරාද තිතට? මොනවද හොයාගත්තේ?”

“කියන්න කණගාටුයි දෙවියනි, පෘථිවියෙ මිනිස්සු හරිම පව්කාර ‍ජාතියක් වෙලා. උන් නොකරන වරදක් නෑ. මත්ද්‍රව්‍ය, අරක්කු, මිනී මැරුම්, යුද්ධ… ඔය හැම දේම. හැමදේමට වඩා නරකයි මේ අළුතින් පටං අරන් තියෙන කටින් සෙක්ස් කරන එක. මගේ ගණන්බැලීම් අනුව මුළු ජනගහණයෙන් 88%ක්ම කටින් සෙක්ස් කරන අය. මේක වසංගතයක් වගේ පැතිරෙනවා.”

දෙයියො කියන්නෙ අපේ ලොක්කො වගේ තමන්ට හිතෙන දේම කරන පොරක් නෙවෙයි. ටිකක් සොක්කන්ගෙ අදහසුත් අහනවා. ඒ නිසා පොර මුලින්ම දේව දූතයගෙන්ම විසඳුම් ඇහුවා.

“හුම්ම්… මේ විකෘතියෙන් මිනිස්සු ගලවගන්න ඔයා ගාව මොනව හරි විසඳුම් තියෙනවද?”

“මම හිතන්නෙ අපි ඔය කටින් සෙක්ස් කරන හැමෝටම මැසේජ් එකක් දෙන්න ඕන කියල තමයි දෙයියනේ. ‍ඒ වැඩේ නතර නොකරොත් මළාට පස්සෙ අපායෙ යන්න වෙනව කියල අපි එයාලට කියන්න ඕන. ඇහුවෙ නැත්තං දඬුවම් දෙන්න ඕන.”

“ඒක බොහොම හොඳ වැඩක්. හැබැයි එයාලට එහෙම දඬුවම් දෙනවට වඩා බජට් වයිස් ලේසියි කටින් සෙක්ස් නොකරන අයට පොඩි තෑග්ගක් දෙන එක. එයාල 12% නෙ ඉන්නේ… අපි මෙහෙම කරමු. ඔය වැඩේ කටින් නොකරන එක ගැන ස්තූති කරල මම අත්සන් කරපු තැංකිව් ලියුමක් අපි කටින් සෙක්ස් නොකරන හොඳ මිනිස්සුන්ට යවමු.”

ඔන්න ඉතිං දෙයියො තමන්ගෙම අත්සනින් අර හොඳ මිනිස්සුන්ට සුභ පතල ලියුමක් ලියල දැම්මා…

ඒ‍කෙ තිබුණෙ මොනවද දන්නවද?

දන්නෙ නැද්ද?

හයියෝ එහෙනං ඔයාට ඒක එවල නෑ…

හිලේ කතාව මෙතනින්

4 thoughts on “කට පාවිච්චි නොකලට තෑන්ක්ස්!

  1. පිස්සු හැදෙනවා මං දන්නෙත් නෑනෙ. :$

  2. මටත් ආවෙ නෑ…..

  3. කට පාවිච්චි නොකලට තෑන්ක්ස්..

  4. කාටවත් කියන්න එපා… මට ආවෙත් නෑ 😀

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!