වැරදීමක් උණොත්

බාබර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ස්ටයිල් එක

ඩ්‍රයිවර්ට වැරදීමක් උණොත් – ඒක අනතුරක්

ඩොක්ටර්ට වැරදීමක් උණොත් – ඒක ඔපරේෂන් එකක්

ඉන්ජිනියර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ස්ටයිල් එකේ බිල්ඩිමක්

දෙමව්පියන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් පරම්පරාව

දේශපාලකයන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් නීතිය

විද්‍යාඥයන්ට වැරදීමක් උණොත් – ඒක අළුත් සොයාගැනීමක්

ටේලර්ට වැරදීමක් උණොත් – ඒක අළුත් ෆැෂන් එක

ගුරුතුමාට වැරදීමක් උණොත් – ඒක අළුත් තියරියක්

ලොක්කට වැරදීමක් උණොත් – ඒක අත්වැරදීමක්

සේවකයට වැරදීමක් උණොත් – ඒක වැරදීමක්ම තමයි

කොල්ලටයි කෙල්ලටයි වැරදීමක් උණොත් – අන්න බබෙක්

ජෝකර් මල්ලිට වැරදීමක් උණොත් – ඒක ඊළඟ හිලරියස් කතාව

හිලේ කතාව මෙතනින්

6 thoughts on “වැරදීමක් උණොත්

  1. වැරදීම දේව ගතියකි
    සමාව දීම මනුස්ස ගතියකි කියනවනෙ ජොකර් මලයා.
    මේ බ්ලොග් ලියන කෙනෙක්ට වැරදීමක් උනොත්???

    • පොඩ්ඩක් නෝන්ඩි කරලා සමාව දෙන්න ඕන. නැත්තං අපේ යාළුකං වැඩක් තියේයැ නේද?

  2. චන්දෙ දාද්දි වැරදි කෙනාට කතිරෙ ගැසුනොත්?

  3. අඬන්නම බලන් ඉන්න මිනිස්සුන්ව හිනස්සන්න උඹ වගේ එකෙක් ඉන්න එකත් ලොකු දෙයක්.

    • ඇයි මචං අඬන්න බලාගෙන ඉන්නේ? ජීවිතේ ඒ තරං අවුල්ද?

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!