ෂොපිං නොයන, සැලොන් නොයන, ෂොට් එකක් නොදාන සුරඟනක්!

The joker malli

මල්ලිකා ෂොපිං පාරක් දාල එද්දි පාරෙදි හම්බඋනාලු අපිරිසුදු කැත ගෑණියෙක්ව. ඒ ගෑණි තරුණ උනාට හරියට මූණවත් හෝදල නෑලු. හරියට ගෙයක් දොරක් නැති අතපාල ජීවත්වෙන ගෑණු කෙනෙක්.

මේ ගෑණි මල්ලිකාගෙන් සල්ලි කීයක් හරි දෙන්න කියල ඉල්ලුවලු. මල්ලිකාට දුකත් හිතුනලු. ඒ උනාට සල්ලි දෙන එක අපතෙ ගියොත් වැඩක් නෑනෙ. මල්ලිකා රුපියල් දාහක් අතට ගත්තලු.

“මට ඔයාට සල්ලි දෙන්න පුළුවන්. හැබැයි ඔයා ඒ සල්ලිවලින් අරක්කු බොයි”

මල්ලිකා කිව්වලු.

“අනේ නෝනා… මම ඉස්සරනං බිව්වා ඔය අපෙ මනුස්සය හිරේ යන්න කලින් උන්දැ තමයි පෙරුවේ. දැන්නං කටේ ති‍යන්නෙ නෑ නෝනා. රෑ කෑමට මොනවහරි ගන්න තිවුණනං ඇති”

“ඒ උනාට ඔයා මේ සල්ලිවලින් වෙන මොනව හරි ගන්න ෂොපිං කළොත්?”

“සොපිං? අනේ නෝනා අපිට මොන සොපිංද? වත්තෙ පීටර් අයියගෙ කඩෙං තමා හාල් හුණ්ඩුව ගන්නේ”

“ඒ උනාට ගෑණුංගෙ හැටි මං දන්නෙ නැද්ද? ඔයා ‍මගෙ සල්ලි අරන් සැලොන් එකකට යයි”

“මේ නෝන මොනව කීනවද මන්දා… අපි ඔව්වයෙ ගිහිං මොනා කරන්නද? මූණෙ කුරුලෑ, ඔළුවෙ උකුණො, ඉස්සොරි පොඩි කාලෙ ඉඳන් අපිට හුරුයි නෝනා”

මල්ලිකාගෙ මූණෙ මල් මල් හිනාවක් පිපුණලු.

“හ්ම්ම්… ඒ උනාට මම මේ සල්ලි ඔයාට දෙන්නෙ නෑ. හැබැයි ඔයාව මම රෑ කෑමට එක්ක යනවා මමයි මගෙ මහත්තයයි එක්ක”

ගෑණි පුදුම උනාලු.

“අනේ නෝනා… මේ මාත් එක්ක? මං කැතයි. නාල නෑ සති ගාණකිං. ඇඟ පුරා ගඳයි. නෝනගෙ මහත්තය නෝනට හොඳටම බනියි නෝනා”

“ඒකට කමක් නෑ. ෂොපිං නොකරන, සැලොන් නොයන, ඉඳල හිටලවත් ෂොට් එකක් නොදාන ගෑණියෙක් මොන වගේද කියල එයාට පෙන්නන්නයි මට ඕන”

හිලේ කතාව මෙතනින්

10 thoughts on “ෂොපිං නොයන, සැලොන් නොයන, ෂොට් එකක් නොදාන සුරඟනක්!

  1. මරු … ඔයි …. දැන් උබට කොමෙන්ට් දාන්න මට වචන නැ ඔයි

  2. Ane ara geni koheda inne kiyala kiyannako. Ape ammath, thaaththata pennanna ara geniva hoyanava. mata email karanna uncle lakshanm9@gmail.com

    • මල්ලිකාව සෙට් උනාම මම කියන්නංකො. ඊ මේල් එකේ මැදට ස්පේස් එකක් වැදිල නේද? 😀

  3. මල්ලියො අර මොනවාද කාපු ජෝකර් ගෙ මුහුණ හැම කතාවකටම නොදා,කතාවට අදාල නැගල යන පින්තුරයක් දාන්න බලන්න.
    අර ජෝකරය ගෙ මුණ දකින්න සමහරු කැමති නැහැ.
    අනිත් දෙය කතාව අලුත් වුනාට පින්තුරය එකම නම් කවුරුත් ගොඩ වදින්න මැලි වෙනවා.

    • මේ කතාව බුකියෙ එකෙකුත් කිව්ව අයියා. බ්ලොග් එක නිකං ජොලියට කරන නිසා ඒම දාන්න ඕන කියල හිතුවෙ නෑ. ඒ උනාට දැම්මනං හොදයි තමයි.

      හෙළුවැලි අක්කිලගෙ පොටෝ ගොඩක් දාතැහැකි 😀

  4. මරු මරු….මරේ මරු..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!