ඔයත් පෙන් ඩ්‍රයිව් හොරෙක්ද?

the_joker-wallpaper 500

ජෙනියුඉන්ලි මට උන එකක් හො‍ඳේ…

ජෝකර් මල්ලිගෙ ඔපිස් එකේ දෙන්නෙක්ගෙ පෙන් ඩ්‍රයිව්ස් නැති උනා. කට්ටිය හැම තැනම හෙව්වා. හොයාගන්න උනේ නෑ. ඒ පෙන් ඩ්‍රයිව් වල ඔපිස් එකේ වැදගත් ලියකියවිලි තිබුණ නිසා මේ ගැන පරීක්ෂණයක් කරන්න කියල ‍ලොක්ක මාවයි තව දෙන්නෙක්වයි පත් කලා. හොයන්න පුළුවන් හැම විධියටම හෙව්වා. දරුණු ඉන්විස්ටිගේෂන් එකක් කලා. හරි ගියෙ නෑ.

මේ ගැන ජෝකර් මල්ලිටයි අනිත් උන් දෙන්නටයි සෑහෙන්න අප්සෙට්.

අපි තුන් දෙනා බාර් එකකට ගිහින් බොන්න ගත්තා මේක විසඳන්න බැරි දුකට. අනිත් පැත්තෙ මේසෙක තව කොල්ලො ටිකක් හොඳට බීල සින්දු කියන්න ගත්තා.

මුන් ජේ.ඒ. මිල්ටන් පෙරේර මහත්තයගෙ සින්දුවක් කිව්වා. අන්න අපට හම්බ උනා හොරාව. ඒ තමා අනංගයා.

සුපෙම් ලොවේ කුසුම් සරා මල් සරා
ඔය අනංගයා තමයි මහා පෙන් හොරා…

 

ඕනනං මෙතන තියෙනවා සින්දුව අහන්න. ඕනනං බාගන්න. බොරුද කියල බලන්න.

හිලේ කතාව මෙතනින්

———————-
මෙය ජෝකර් මල්ලි විසින් රචිත ඔරිජිනල් ජෝකර් මල්ලිගේ විහිළුවක් බව කරුණාවෙන සලකන්න.

6 thoughts on “ඔයත් පෙන් ඩ්‍රයිව් හොරෙක්ද?

  1. ඉක්මනට ගිහින් අනංගයාගේ සාක්කු චෙක් කොරපන්

    • අනංගයා මං කියල පිළිගත්ත ජෝතිපාල මහත්තය නැතිඋනානෙ.

      දැන් කවුද දන්නෑ පොර!

  2. මේකනම් පට්ට පට පට ඔයි

  3. මිල්ටන් අයිය කියපු පෙම් කෑල්ල,එයාලගේ පුතාල පෙන් කරපු හින්ද තමයි දැන් කොල්ලො ඒම ගයන්නෙ.
    ඉතාමත් ඔදයි..

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!