අහිමි වූ සඳවත
හිනැහෙමින් තනියෙන් ම තුන්යම
දිලිහෙනා නෙත් යලිත් සිහි කොට
යලි යලිත් පද රටා හැඩ කළ
පෙම් කවිත් මේ තරම් නපුරු ද
කොනිති ගසනා හදවත…
සුදු සේල සළුවෙන්ම හැඩ වුණ
සත් මාල ගෙල වටා රැන්දුන
තැල්ල හද මත තැල්ම ඇති කළ,
කඩුක්කන් එළි දෑස් බොඳ කළ
සොඳුරු රුව මේ තරම් නපුරුද
කොනිති ගසනා හදවත…
රාත්රියේ ගණ අඳුර දුරු කළ
රන් පැහෙන් ඉණ වටා දිලිසුණ
හවඩි පට ගැලවුවේ කවුරු ද
සිතුවිලිත් මේ තරම් නපුරු ද
කොනිති ගසනා හදවත
අහිමි වූ සඳවත…