ජෝකර්ට උන පජාත සීන්

the_joker-wallpaper 500

ආවා ආවා ආවා… ජෝකර් මල්ලිගේ කතා ඇතුලත් අළුත්ම පෝස්ට් එක මේන්න ආවා… මීට කලිං අහල තිබුණත් ඒ ජෝකර් මල්ලිගෙ අටමගල් නෙවෙයි. ඔබත් දැන්ම කියවන්න… ආවා ආවා ආවා…

 

1.

අවුරුදු කීපෙකට කලින් දවසක් ජෝකර් මල්ලිගෙ යාළුවෙක්ට ජෝකර් මල්ලිගෙන් කෝල් එකක් ආවලු.

“මචං අකිල, මම මේ ජෝකර් මල්ලි කතා කරන්නෙ. මගෙ මොබයිල් නම්බර් එක වෙනස් උනා බං. කලින් තිබුණෙ නොකියා 3310නේ. දැන් නම්බරේ නොකියා 6610. සේව් කරගනිං හො‍ඳේ. මං අනිත් උන් සෙට් එකටත් කිව්වා.”

2.

ජෝකර් මල්ලිගෙ අප්පොච්ච දවසක් එයාගෙ යාළුවෙක් එක්ක කයියක්ලු.

“බලහං අප්පුහාමි, අපේ ජෝකර් කොලුව ගැන මං හිතාන උන්නෙ වැරදියට බොලං. ඒක කොහොම හරි දොස්තර කොලීජියට ගියානෙ ඉතිං”

“හැබෑට? ඒක එහෙ ගිහිං මොනවැයි ඉගෙන ගන්නේ?”

“ඌ ඉගෙනගන්න ලබ්බක් නෑ බං. ඒකෙ ඉන්න අනික් උං අපේ කොලුවව පරීක්සන කොරලලු ඉ‍ගෙනගන්නෙ”

3.

ජෝකර් මල්ලි පොඩි කාලෙ දවසක් සුරංග එක්ක ගහක අත්තක ඉඳගෙන සින්දු කියනවලු. එක දිගට සින්දු 4ක් කියපු ජෝකර් මල්ලි ඊට පස්සෙ කකුල් දෙක අත්ත උඩින් දාල කකුල් දෙකෙන් ගහේ එල්ලිලා පැද්දි පැද්දි ආයෙ සින්දු කියන්න ගත්තලු. සුරංගට මේක හෙන අවුල්ලු.

සුරංග ඇහුවලු

“ඇයි බං ඔය අනිත් පැත්තට එල්ලිලා සින්දු කියන්නේ??”

ජෝකර් මල්ලි උත්තර දුන්නලු.

“නෑ බං දැං කියන්නෙ තැටියෙ අනිත් පැත්තෙ සින්දු”

(‍ජෝකර් මල්ලිට පස්ට වයස බැවින් මේ කියා ඇත්තේ ග්‍රැමෆෝන් තැටි ගැන බව කාරුණිකව වටහාගන්න)

4.

ජෝකර් මල්ලි දවසක් යාළුවො ටිකක් එක්ක සෙට් උනාලු. බුවා විදුරුවක් විතර ගහල වෙරි වෙලා ඕං කියවනවලු…

“අඩෝව්… තොපි දන්නෙ නෑ යකෝ… මාව දෙයියො කියල සලකන මිනිස්සු ඉන්නව ඩෝ…”

යාළුවො පොරව බයිට් කලාලු.

“අනේ පල ජෝකර් මල්ලි නිකං පච කියවන්නෙ නැතිව”

“පල? තෝ මට පල කිව්වනේ… මං යනව තමයි යකෝ. තොපි හිතන්නෙ මං බොරු කියනව කියලද. මං දැං ගිහිං ෆේස් බුක් ලොග් වෙලා හිලරියස් ගෲප් එකේ පෝස්ට් එකක් දානව. අන්න බලපං එතකොට අපේ කොල්ලො කෙල්ලො මට සලකන විදිය”

“කොහොමද දෙයියන්ට වගේ සලකනවද?”

“නැතුව? උං සේරම අහනව මගෙං ‘අපොයි දෙයියනේ උඹ ආයෙත් ආවද?’ කියල. අන්න බලහං සැලකිල්ල”

8 thoughts on “ජෝකර්ට උන පජාත සීන්

  1. 3 වෙනි එක නියමයි… අනිත් ඒවත් නියමයි…

  2. සේරම හොදයි.
    ඔයාගෙ දෙක ගොඩාක් හොදයි.

  3. මටනම් හොදම එක 4වෙනි එක

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!