පස්ස පැත්තෙ හදිසි අනතුරක්

the_joker-wallpaper 500

ඕං අර මත්තල ගුවන් තොටුපොලෙන් ගුවන් යානයක් පිටත් වුණාලු. මේකෙ ඉන්නෙ අර කටුණායක මත්තල රවුං ටුවර් දාන්න ආපු උදවියලු. ටික දුරක් ගිහින් ස්ථාවර ගුවන් පථයකට ආපුගමන් කැප්ටන් මගීන්ව ඇමතුවලු…

“ආයුබෝවන්… මේ කතා කරන්නෙ ඔබේ කපිතන්. අද ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිට කටුනායක බලා යන ගමනේදි කිසිම කරදරයක් වෙන්න ඉඩක් නෑ. සුළං තත්ත්වය හොඳයි… කාලගුණය යහපත්… අඳුරු වලාකුළු.. බුදු අම්මෝ….”

ටික වෙලාවක නිහඬතාවයක් ඇති උණා… ටිකකින් ආයෙමත් කැප්ටන් කතා කලා…

“නෝනාවරුණි මහත්වරුණි කලින් ඔබට කතාකරපු වෙලේ මම ඔබව බය කලානං සමාවෙන්න. අපේ ගුවන් සේවිකාවක් අතින් උණු කෝපි කෝප්පයක් වැරදිලා මගේ උකුලට වැටුණා. මට එක පාරම කෑ ගැස්සුනෙ ඒකයි. මගේ කලිසමේ ඉදිරිපස දැක්කොත් ඔබලාට ඇත්තටම හිනා යයි.”

එතකොට යානයේ ගමන් කරපු මගියෙක් මල පැනල මෙහෙම කිව්වලු.

“බම්බුව තමයි… ඕක මොකක්ද යකෝ? ඇවිත් මගෙ කලිසමේ පස්ස පැත්ත බලහං”

6 thoughts on “පස්ස පැත්තෙ හදිසි අනතුරක්

  1. පට්ට පට පට ……. ඕක ඇත්තටම මත්තලද උනේ ????

  2. Superb….. මේක තමයි මම කිව්වේ… නියම යාං හෑල්ල…

  3. නියමයි ජෝකර් මල්ලි, මම මේ බ්ලොග් එකට එන්නේ ලේ පිරිසිදු කරගන්න

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!