වයිෆ්ටනං නොමිලේ හම්බවෙලා

the_joker-wallpaper 500

ටවුමෙ පෙට්‍රල් ෂෙඩ් ගොඩක් තියෙන නිසා එක ෂෙඩ් කාරයෙක් බිස්නස් වැඩි කරගන්න ක්‍රමයක් කල්පනා කලාලු. කල්පනා කරල කරල මිනිහ ෂෙඩ් එක ඉස්සරහ බෝඩ් එකක් ගැහුවලු මෙහෙම.

දැන්….. ඔබ ෆුල් ටෑන්ක් ගසන හැම විටම
නොමිලේ සෙක්ස් ලබාගන්න අවස්ථාවක්…!

අපෙන් පමණයි….!!!

මේක දැකපු පොරක් ඒ ෂෙඩ් එකට ගිහින් ෆුල් ටෑන්ක් තෙල් ගැහුවලු. පස්සෙ ෂෙඩ් කාරය ගාවට ගිහින් බිල පෙන්නලා නොමිලේ සෙක්ස් දෙන එක ගැන ඇහුවලු.

“බොහොම ස්තූතියි මහත්මයා මේ තරගෙට ඉදිරිපත් උනාට. හරි ඔයාට 1 ඉඳන් 10 දක්වා ඕනම අංකයක් තෝරගන්න පුළුවන්…”

“අංක 5”

“අයියෝ… කණගාටුයි මහත්තයා… ඔයා නිවැරදි පිළිතුර ළඟට ආවා… ඒත් අදට නියමිත අංකෙ 5 නෙවෙයි. කණගාටුයි… නොමිලේ සෙක්ස් ගන්න ඊළඟ වතාවෙ උත්සාහ කරන්න.”

පොර කරබාගෙන ආවා. සතියකට විතර පස්සෙ මිනිහා තමංගෙ යාළුවෙකුත් එක්ක ගමනක් යන අතරෙ ආයෙම අර ෂෙඩ් එක දැක්කා. පොර යාළුවටත් කතාව කියලා ෂෙඩ් එකට ගිහින් ෆුල් ටෑන්ක් ගැහුවා. එදත් නොමිලේ සෙක්ස් තරගෙට ඉදිරිපත් වුණා. මෙදා පාර කිව්වෙ අංක 8.

“උත්සාහයට ස්තූතියි. ඔබ බොහොම කිට්ටුවටම ආවා. ඒත් උත්තරේ 8 නෙවෙයි.”

ෂෙඩ් කාරයා කිව්වා. එදත් මිනිහ කරබාගෙන යාළුවත් එක්ක එන්න ආවා.

මගදි යාළුව කියනවා…

“ඔය ෂෙඩ් කාරය කරන්නෙ බොරුවක් බං. එහෙම කොහොමද නොමිලේ සෙක්ස් දෙන්නේ… මිනිහ හැමෝටම කියනව ඇති ‘ඔබ උත්තරේ ළඟටම ආවා, ඒත් ඒක නෙවෙයි උත්තරේ’ කියලා… උඹලත් නිකං ගොන්නු වගේ ඒවට අහුවෙනවනේ…”

අපේ පොර එතකොට මෙහෙම කිව්වා…

“අනේ පලයං බං යන්න ඒක ඇත්තටම තියෙන තරගයක්. ගිය සතියෙ අපේ නෝන දෙපාරක්ම දිනුවා…”

4 thoughts on “වයිෆ්ටනං නොමිලේ හම්බවෙලා

  1. wife maara lucky ne?????????

  2. හෙක් හෙක්

කමෙන්ටුවක් දැම්මනං මට සතුටුයි. නැතත් කිසි අවුලක් නෑ! ඊමේල් අරව මේව දාන්න ඕන නෑ!