වාසනා කොල !

Posted: August 27, 2013 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts

ඇවිද …හිරු මත…..
උණු තාර මත… පතිත…..,
ඔසවා …..ගඩොල්….
හිසකේ…වී …තඹව….,
ගලා..ගිය දහදියෙන්…
යකඩ…දියවී..හැදෙන….,
කාසි..අහුලන්නෙ …ඔහු….
අඹු දරුන්…සනසන්නට….

අහවරව කාරිය…,
හැරුණි….හිරු අවරට…..,
ඉරි තැලුනු…පා යුග….,
මිරි වැඩිය…පස නොලද…..,
සෙමෙන්…ගමනින් …පැලට….
සුරුට්ටුව …එක අතෙක…..
දිවිය …සටනකි…ඔහුට…
අකුරු..නූගත්..කමට…

හමු වෙලා..සයිකලය….
ලෑලි මත ..වාසනා..කොල ඇතුරුව…..
හැරෙන්නට…මොහොතකට ..පෙර….
පැලට…යන …නියරට….
බීඩි…බොන්නට තිබූ…..කාසි ගෙන සුරතට….
ඉල්ලුවා ඔහු….
වාසන කොලයක් හෙමිහිට…….

නිමාවී…තවත් දිනයක..
දාහය….
ඇදැමින් …පැලට…
වේලකට….අඩුම කුඩුම අතැතිව…

දුටුවා…ඔහු…
පාර අද්දර මොර දෙන…..
වාසනා කොල…කුටියම…..

මතක් වී…
කමිස සාකුවේ..රූ….
වාසනා..කොලය..පෙර දින…..
ඔහු ගියා අසන්නට…….
“වාසනාවක් වීද මට” ??

අතට ගෙන කොලය…..
බැලුවා….. වාසනා විකුනන්නා….ඔහු දෙස….
උගෙන….ඔහු අකුරු…නොදත්තෙකු…බව…
කීවා….
ඇදී ඇත…රුපියල් දහසක්…ඔබ හට……

ඇදුනි…සිනහවක්…
ඔහුගෙ….දැල්වුනු…..දෑස්…මත….
දෙවියන්…ගෙනත් දී ඇත…
දෙතුන්..දොහකම….පඩිය…..
අතටම….. !!

පින් වන්ත වෙමින්….වෙළදුට……
පිට උනා ඔහු…
අතදරා.. නොට්ටුව…සුරැකිව….!

වෙලෙන්දා…හනිකට….
වසා දැමුවා…කුටියම……
යා යුතුයි….ඔහු….උදැහැනැක්කෙම…….
රැගෙන එන්නට…
දස ලක්ෂය …… !!

Blog Tatoo

Leave a comment