ෆ්ලෑෂ්... අපේ පාර්ලිමෙන්තුව

ඉස්සර පාර්ලිමෙන්තුව තිබුනෙ ගාලු පාරෙ. ගෝල් ෆේස් එක ඉස්සරහ. දවසක් අපි ගමේ කට්ටිය එක්ක වන්දනා ගමනක් යනකොට ඔතනින් ගියා. නඩේ ගුරා වයසක උපාසක සීයා. හිටි ගමන් අසුනින් නැගිටල ආචාර කලා. තරුණ ගැටව්.. හා.. හා.. සීයෙ.. ඔය දළදා මළිගාව නෙවි කියල කොලොප්පම් කළා. උන් වැරදි.. සීයා හරි..

ඕක දළදා මාලිගාව වගේ ගාම්භීර තැනක්. ඉස්සර ඕක ඇතුලෙ හිටි එව්වොත් ඒ වගේම ගරු ගාම්භීරයි. උන්ගෙ නම් දිහා බැලුවම ඒක තේරෙනව. ඩඩ්ලි සේනානායක , ඇස්.ඩබ්.ආර්.ඩී.බණ්ඩාරනායක, ඊ.එල්. සේනානායක,ලලිත් ඇතුලත්මුදලි, ජේ.ආර්.ජයවර්ධන, කුමාර් පොන්නම්බලම්, ඒ.සී.එස්.හමීඩ්...ඇන්.ඇම්. පෙරේරා.. කොල්වින් ආර් ද සිල්වා

දැන් ඉන්නෙ 2.50 උන්. උන් ගෙ නම්... ලාල්කාන්ත, කේ.පී. සරත් , ආර්.එම්. ගාමිණී.. කිසි වැදගත් කමක් නෑ. වැඩත් ඒ වගේමයි.
ඉස්සර උන් පිල් මාරු කළෙත් නෑ.කැපුවත් කොළ.. කැපුවත් නිල්.

මවුස් එකෙන් ඇදල බලන්න ඉතිරි වෙලා ඉන්න උනුත් ගන්න පුළුවන්ද කියල.

ඔක්කොම හරි. රනිල් විතරක් ගන්න අමාරුයි නේද. ඌ ඔහොම්ම හිටියාවෙ. පිච්චියකට වැඩක් නැති එකෙක්. ඌ හරි නම් UNP එකට ඔහොම වෙන්නෙ නෑ. 

 මේක කළේ මෙහෙමයි. ෆ්ලෑෂ් එක ඇරල.. රතු පාට රවුමක් හරි හතරැස් කොටුවක් හරි අඳින්න. F8 ඔබල movie clip එකක් කරන්න. පහල instance name කියන තැන මේ විදියටම ලියන්න. red_mc ටයිම් ලයින් එකේ 1 ෆ්‍රේම් එක රයිට් ක්ලික් කරල , ඇක්ෂන් යන්න. පහල ඇක්ෂන් පැනල් එකේ මේ කෝඩ් කෑල්ල ඒ විදියටම ලියන්න.
 mask_mc.onEnterFrame = function() { this._x = _root._xmouse; this._y = _root._ymouse; }; maskedbg_mc.setMask(mask_mc); red_mc.onPress = function () { startDrag(this); } red_mc.onRelease = function () { stopDrag(); } 



අළුත් ලේයර් එකක් අරින්න. වෙන පාටකින් රවුමක් හෝ කොටුවක් අඳින්න. නිල් පාට කියමුකෝ. F8 ඔබන්න. movie ක්ලිප් එකක් කරන්න. පහල instance name කියන තැන් blue_mc කියල කොටන්න. අළුත් ලේයර් එකේ ෆ්‍රේම් 1 රයිට් ක්ලික් කරල ඇක්ෂන්  ගිහින් අර කෝඩ් කෑල්ලම කොපි කරන්න. එහි red_mc කියන එක මතක් කරල blue_mc කරන්න එච්චරයි. ඉහත උදාහරණෙ රවුම් හෝ කොටු වෙනුවට අරුන්ගෙ මූණු ටික ගත්තා.




Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන