Friday, April 26, 2013

විප්ලවයක්ම ඕනෙද....???




විචාරය......ලංකාවට විචාරය පුරුදුද.....??? මාත් ටිකක් ඕක කල්පනා කලා.....මොකක්ද මේ විචාරය කියන්නේ...ඕක මේ අකුරු වලින් මෙතැන් ලියන්න තරම් මම විද්ග්ග නැහැ කියලා මම හොදටම දන්නවා......

ඒත් විචාරය කියන එක මේ ලෝක ආරම්භයේ ඉදන් අවසානය දක්වා වැදගත් සංකල්පයක් කියන එකයි රස්තියදුකාරයාගේ හැගීම. මොකද මට මෙහෙම හිතුනේ දැන් ලංකාවේ ඉන්න ගොඩක් දෙනාට මේ විචාරය කියන සංකල්පය ඒ තරම් හුරු නැතිගතියක් මට දැනෙනවා....

එත් මෙහෙම දෙයක් තියෙනවා විචාරය කියන දේ ඇතුලේ ඒ ඒ පුද්ගලයට අනුරුප වෙච්ච විචාරනම ලක්ෂණ තියෙන්න පුළුවන්...ඒ එම පුද්ගලයාගේ රසවින්දනය හෝ ඔහුගේ විඤානය වෙන්න පුළුවන්......ඕනෙම සංකල්පයක හෝ නිරමාණයක් විචාරය වෙන්නේ ඒ කියන පුද්ගලයා, ඔහුගේ හෝ ඇයගේ චින්තන පරාසය තුල කරන සැරිසැරීම අනුව..........

කොහොම කලත් අපිට ඕනේම දෙයක් නිවැරදිව තේරුම් ගැනීමට හෝ එය වඩා ප්‍රත්‍යක්ෂ වීමට විචාරය අනිවාර්යයි.....එයින් තොරව අපි ඒ දේ කිරීම උත්සහ කරනවා කියන්නේ දිවක් නැතුව කෑම කනවා වගේ වැඩක්......බඩ පිරෙනවා රස නැහැ.....

එක අතකින් නිවෙන්න යන සිගරට් එකට හුස්ම දෙන ගමන් මේ ලියන පොස්ට් එක යොමු වෙන්නේ විචාරයේ එක පැත්තකට.....

ලංකාවේ ජනතාව, දේශපාලනය ගැන දේශපාලනමය විචාරයක් තියෙනවද......???

ලංකාවේ දැන් ඇති වෙලා තියෙන බහුතරක් ප්‍රශ්න වලට මුලික හෙතුව වෙලා තියෙන්නේ මේ විචාරයක් නැති දැක්ම කියලයි මට හිතෙන්නේ. කොහොමත් මේක මේ ලගදි උද්ගත වෙච්ච තත්වයක් නෙමේ. මේ වෙනකොට ලංකාවේ මුලික ගැටලුව වෙලා තියන විදුලි බිල වැඩි වීම ගැන තියන ගැටලුවටත් මේක බලපානවා....

දැන් කෙහෙළිය ඇමති තුමා කියන විදිහට මේ විදුලි බිල වැඩි උනේ ජනතාවගේ කැමත්තෙන් කියලනේ කියන්නේ....මටත් හිතෙනවා ඒක ඇත්ත කියාල මොකද මෙහෙම දෙයක් අනාගතේ වෙයි කියලා දුපත් මානසිකත්වයෙන් පිරිච්ච අපේ මොළ වලට දැනුනේ නැද්ද.......එහෙම දැනුනන් ඒක ගැන
පොඩි හරි විචාරයක් තිබුනානම් මෙහෙම වෙයිද......


අනික වර්තමානයේ තියන ජනමාධ්‍යත් මේ දේට වග කියන්න ඕනේ.......මොකද ඔවුනගේ පුවත්පතේ හෝ රුපවාහිනී නාලිකාවේ හෝ යන්නේ ඔවුනටම ලගු වූ වෙනම පටු විචාරයක් නිසා....ඔවුන්ගේ එම විචාරය තුලින් ලංකාවේ බහුතරයකගේ මතය ප්‍රකාශ වීමක් වත්මන වන විට නොපෙනේ. එමනිසා
වර්තමානයේ පුවත්පතක් තුලින් මා බලාපොරොත්තු වෙන්නේ එකම දෙයයි ඒ රට යන දිශානතිය දැන ගැනීම පමණයි. එහි අභ්‍යන්තර සාදක යනු එම පුවත් පතේ ප්‍රදාන සංස්කාරක වරයාගේ හෝ සභාපති තුමන්ගේ දේශපාලන දැක්මයි....


නමුත් රටක් වශයෙන් අපට දේශපාලනමය තීන්දු තීරණ ගැන විචාරයක් තිබීම අනිවාර්යයි. මේක මේ රටේ උගත් පිරිසට පමණක් පොදු වෙච්ච දෙයක් පමණක් නෙමේ. ලංකාව කොච්චර සාක්ෂරතාවයෙන් දියුණු වෙලා තියෙනවා කියල මහ බැංකුව කිවුවත්, ලංකාවේ නාගරික ප්‍රදේශ වලින් බැහැරට ගිය පසු ඔවුන් තුල තියෙන්නේ දේශපාලන පිළිබද මොන වගේ පටු දැක්මක්ද කියලා හොදට පැහැදිලි වෙනවා......ඔවුන් කොච්චර ගතානු ගතිකද කියලා පැහැදිලි වෙනවා......

ඔන්න ඕක තමා ලංකාවේ විනාශයට මුලික හේතුව මහා පුදුම ඒකාකාරී චින්තනයක්........


කොහොම කලත් ගම්බද පළාත් වලට ගියහම ඔවුන් සමස්ත සමාජය සමග සම්බන්ධ වීමේ අඩු පාඩුවක් පෙනවා.....එත් ඔවුන් ගාව අලුතෙන්ම ලංකාවට අපු ටැබ්ලට් එක හෝ ෆෝන් එක තියෙනවා. නමුත් ඔවුන් දන්නේ එකෙන් fb යන්න විතරමදෝ කියලත් මට හිතෙනවා.මොකද බහුතරයකට ලෝක සමාජය හා වර්තමාන ලංකාවේ සමාජය අතර වෙනස පැහැදිලි නැහැ......මේකේ දරුණුම කලාපය කියන්නේ මේ කියන වැඩි හරියක් රටේ තරුණයෝ........

මේ කියන කරනා වලින් ඔබ්බට යන්න හොදම පාර තමා අන්තර්ජාලය මොකද තමාගේ පෞද්ගලික දේශපාලනමය විචාර අදහස් අමුවෙන් ඉදිරිපත් කිරීමේ හැකියාව තිබීම........

අනික රටක් වශයෙන් රටේ පාලනය රටේ ජනතාවගේ මේ නිදහස් දේශපාලන විචාර වලට පදනම සකස් කරලා ඒ තුල රටේ පාලනය වීවූහගත ගත කල යුතුයි කියන එකයි රස්තියදුකාරයාගේ අදහස.....

අන්තිමට මට අජිත් කුමාරසිරිගේ මාරු සිදුවක් මතක් උනා..........
 

මල් පොකුරු අරන් ආවත්.......
අඩමානෙම නුබ ආවත්.......යන්න වෙන්නේ රළු පාරක......

තුන් වෙනි ලෝකයේ....රටක් මේක........


10 comments:

  1. නැගිටපං මචං එළි වෙලා!

    ReplyDelete
    Replies
    1. ඔව් බං එලි වෙනවා ඒත්........ඉන්දියන් සාගරයේ (අ)මුතු ඇටයට ඒ එළිය හීනයක් විතරද.......????

      අපේ උන් ඒ එලියට ලං වෙන්න පට්ට බයයි පිච්චෙයි කියලා.........ඒත් අඳුරේ ඉදලම දැන් කොහොමත් ඇස් අන්ධයි......

      Delete
  2. ඒකත් එහෙමද හා හොදයි මං නිදි

    ReplyDelete
    Replies
    1. දැන් නිදා ගන්නවා කියන්නේ......ඉස්සරහට ඇස් ඇරන් නිදා ගන්න වැඩේ සලස්සව ගන්නවා කියන එක.....

      Delete
  3. විචාරය වෙන්නේ නැහැයි කියල මම හිතන්නේ නෑ. "එල" "නියමයි" "අපෝ චාටර්" කියල කීමත් (ප්‍රාථමික මට්ටමක හෝ) විචාරයක් තමයි. බොහෝවිට ඇකඩමික් මට්ටමින් මේවා කියවෙන්නේ ලියවෙන්නේ වෙන්නේ පෞද්ගලික වාසි හෝ අවාසි මත. ඒ හින්ද විචාරයට වැදගත් කමක් නොවීමයි ප්‍රශ්නය. (ඕකෙම අනිත් පැත්තත් වෙන්න පුළුවන්, ඒ කියන්නේ එක විචාරයකට අමුතු වැදගත්කමක් ආරෝපණය කිරීම වගේ.) කොහොම වුණත් මේ වෙද්දී මිනිස්සු ඉන්නේ කිසියම් හිරිවැටීමක් තුල, ඉතින් විචාරය වගේ අතිරේක දේකට අවධානය යොමුවෙනවා අඩුයි.

    ReplyDelete
    Replies
    1. මේ ඒ ඔව් උබ කියනවා වගේ ලංකාවේ වෙන්නේ ප්‍රථමික මට්ටමේ විචාරයක් පමණයි........එකට හේතුව ලංකාවේ උන් දැන් වැටිලා ඉන්න අගාදය ගැබුරුයි එකයි....අනික උබ කියන මේ හිරි වැටීමට පවා මුලික හේතුව මේ විචාරය කියන්න සංකල්පයේ පිරිහීම.

      කොහොමත් වර්තමානයේ තියන විචාර කලාවට වඩා ප්‍රසස්ථ විචාර කලාවක් මිට දශක තුන් හතරකට කලින් තිබුනා....වර්තමානයේ මේ කියන විචාර සම්ප්‍රදායට එන්න පාලන තන්ත්‍රය විසින් මග අහුරලා කියන එක මට හැගෙනවා.......නැත්නම් මාධ්‍ය කියන අපක්ෂපාති කුලකය පවා දැන් පාලනය කරන්නේ ආණ්ඩුවේ නියෝජිතයන් විසින් ඒක තුල මාධ්‍ය විචාරය එකපර්ෂික වෙලා පිරිහිලා ගියා.....ඕක මුද්‍රිත මාධ්‍යටත් පොදුයි....

      මේකෙන් මිදෙන්න හොදම පාර තමා අන්තර්ජාලය.........එක යොදා ගැනීම තාත්වික කරගැනීමයි දැන් කරන්න තියෙන්නේ...

      මොන දේ කලත් අවසානේ පාඩුව මිනිස්සුන්ට......ඔවුන්ගේ ප්‍රතිචාරය ප්‍රතිපෝෂණය වෙන්නේ නැහැ රටේ පාලනයට.......අන්තිමට උබ කියන හිරිවැටීම සදාකාලික හිරිවැටීමක් වෙන එක විතරයි වෙන්නේ..........

      Delete
  4. ලියන්න ඕන උඹලා ලියන්නේ නෑ. දැණුවත් කරන්න ඕන උඹලා දැණුවත් කරන්නේ නෑ. මම නම් මග තොටදි කතා කරන් උන්ටත් කියනවා බ්ලොග් කියලා දෙයක් තියෙනවා, පොඩ්ඩක් බලන්න කියලා.

    ReplyDelete
    Replies
    1. මාතලන්....

      උබ වගේම මාත් ඒක කරනවා බං.......ඒත් බං දැන් ඉස්සර වගේ නෙමේ කොල්ලෝන්ට කෙල්ලොන්ට උන් උන් ඕනේ නැහැව, ඩමී වලින් සතුටු වෙනවා වගේ........උන් මහ ස්වං වින්දනයක යෙදෙනවා.....

      ඉස්සර අපේ උන් බිල හරි කතා කලේ කියවපු පොතක් ගැන, රටේ දේශපාලනය ගැන, සමාජ වෙනස්වීම ගැන දැන් එක ස්ත්‍රී වාදයක් විතරක් වෙලා ඉවරයි බං.....එකයි මන් පිස්සෙක් වගේ මට පේන ලෝකේ මේකේ ලියන්නේ......එකෙක් හරි ආපහු හැරිලා බලයි නේ බං......

      ලෝකේ මිනිස්සු චින්තනය අතින් අපිට වඩා ගොඩක් ඉස්සරහ බං.....අපි තාම දුපතක හිර වෙච්ච් හිරකාරයෝ වගේ හුල්ලනවා විතරයි.....එකෙන් මිදෙන්න බලන් නැහැ......

      ඒක අපේ උන්ට හෙන ආතල් අර කාශ්‍යප මැරෙන්න බයේ හැංගිලා ඉන්න හදපු සිගිරිය ලෝකේ අටවැනි පුදුමේ උනා වගේ වැඩක් මේක.......

      Delete
  5. අර උඩින්ම හරී කියපු එකමයි මටත් කියන්න තියෙන්නේ ලංකාවේ දේශපාලන ක්‍රමය ඇතුලේ මේ සියලු දේවල් හිතළුවක් පමණයි

    ReplyDelete
    Replies
    1. ඉතින් එකෙන් මිදෙන්න් අපේ මිනිස්සු නිකන් වත් උත්සහ ගන්නේ නැහැනේ ඒකනේ මෙතන තියන ගැටලුව........දේශපාලනයෙන් මිදිලා කටයුතු කරන්න නෙමේ මේ කියන්නේ.....ඒත් ඒක හරියට අර්ථ කථනය කර ගන්න ඕනේ...

      Delete

මං පටන් ගත්ත කතාව ඉස්සරහට අරන් යන එක උබලට බාරයි.
ඒක වෙන්නෙ කමෙන්ට් හරහා....
මේ සංවාදයකට කාලයයි...