සඳේ ජායාව හරියට නොපෙනුනේ
වලාකුළු ඊට උඩින් හරස් කැපුව නිසා උනාට
හීන් වැස්සත් එක්ක පිබිදුණු කඩුපුල් මල් වලට
සඳ එළිය වැටිලා දීලිසෙන්නේ
හරියට තරු කැට වගේ......
සඳ එළිය දිය වෙච්ච විල් දිය පාමුල.......
මගේ උර තලයට බර වෙලා ගිමන් නිවන්න
ඔබ ඒනවාද සොදුරිය......
සියොතුන්ගේ මිහිරි නාදයට මුසු වෙච්ච ඉර එලිය
ඈත කඳු යායට මුදුනින් එබෙනකොට
වත්ත කෙළවරේ තිබුන සියඔලා ගහට
ඒ ඉර එලිය වැටිලා ගහ රතු පාටින් වැහිලා
හරියට වර්ණ තවරපු සිතුවමක් වගේ.........
දෝඔ මල් සුවදින් පිරිලා යන ඒ හැන්දෑවේ........
මගේ පපුවට තුරුල් වෙලා ඒ සුවඳ විදගන්න.......
ඔබ ඒනවාද සොදුරිය......
දවස පුරාම පෙම් බස් දොඬවපු මාලගිරවුන්ට
ගෙවල් මතක් වෙලා තිබුනේ දැන්ද කොහෙද
බලන්න බැරි තරමට ආඩම්බර වෙච්ච
නෙලුම් මල් දැන් නම් පරාජය බාරගෙන වගේ
වෙල් යාය රඟ මඩල කර ගත්ත.....
විසේකාර මොනරුන්ගේ නැටුම් බලන්න යන්න.......
මගේ අතේ එල්ලිලා
ඔබ ඒනවාද සොදුරිය......
මාත් ආයි සොදුරියක් හොයාගන්න ඕන..රස්තියාදුවක් ගහන්න.
ReplyDeleteඔව් බං........හුදකලා රස්තියාදුවට වඩා වින්දනියයි, ඒ රස්තියාදුව කාත් එක්ක හරි බෙදා ගන්න කොට.......ඒත් හුදකලා රස්තියාදුවට තරම් ත්‍රිල් එකක් එකේ නැහැ බං....
Deleteඅපිට උණත් ආස හිතෙනවානේ මේ කියන ලස්සන පරිසරය බලන්න.
ReplyDeleteඒක බෙදා ගන්න කවුරු ඉන්න ඉන්න කොට ඒකෙ ලස්සන තවත් වැඩි......
Deleteසොදුරිය පැමිණේවා කියා පතමි.
ReplyDeleteමාත් දැන් කාලෙක ඉදලා බලන් ඉන්නේ බං.............
Deleteමට බෑ....හැක් හැක්..
ReplyDeleteබැරිනම් ඉදපිය .........අපි යනවා.....
Deleteසාමාන්‍යයෙන් කියවන කවිවලට වඩා අමුතුම රිද්මයක්. පොඩි නාට්‍යමය ගතියක් එක්ක.
ReplyDeleteපොදඩ්ඩක් රාමුවෙන් පිට පයින්න හිතුනා........හැගීම් වලට සීමාවක් නැහැ වගේ කවි වලටත් සීමාවක් නැහැ කියලයි රස්තියාදුකාරයට හිතෙන්නේ........
Delete