ෆ්ලෑෂ් .....පිනිබිංදු

අද ටිකක් වෙනස් දෙයක් උගනිමු. මේකට කියන්නේ Shape Tweening. කියල. ඔබ ඕනෑ තරම් වෙබ් අඩවි වල දැකල ඇති අකුරු..පින්තූර බලන් ඉඳිද්දී වෙනස් වෙනව. ඒක කරන්නේ මෙහෙමයි.

ෆ්ලෑෂ්  document එක ඇරියා. වම් පැත්තෙ text tool එක අරන් , සිංහළ ෆොන්ට්ස් අරගෙන අවශ්‍ය කරන පාට තෝරා ගෙන ෆොන්ට් size එකත් තෝරා ගෙන පිනි බිංදු කියල ටයිප් කළා. vertically  සහ horizontally  align කලා.ඊට පස්සෙ උඩින් තියෙන modify එකට ගිහින් break apart කියන එක දෙපාරක් ක්ලික් කලා. එවිට අර අකුරු ටික " තිත්.. තිත්.." වගේ පෙනෙයි.
ඊට පස්සෙ time line එකේ 15 ෆ්‍රේම් එකට ගිහින් F6  එබුවා. ෆ්‍රේම් 15 දී පිනිබිංදු කියන වචනෙ delete කරල , english  ෆොන්ට් අරගෙන  පරණ size එකටම pini bindu  කියල ලියල කලින් විදියටම align  කලා. modify  ගිහින් දෙපාරක් break apart  කලා.
ඊට පස්සෙ ෆ්‍රේම් 1 ගියා.පහල පැනල් එකේ tween කියන එකේ shape select කලා. එවිට ටයිම් ලයින් එකේ 1 සහ 15 ෆ්‍රේම් අතර ඉබේටම කොල පාට වෙලා ඊ තලයක් හැදෙයි. ඊට පස්සෙ movie එක ටෙස්ට් කරල බලන්න. ඔය තියෙන්නේ වැඩේ. 



මෙන්න මේක දකින කොටයි මතක් උනේ...
පිනි බිංදු කියල ලස්සන සංගීත සංදර්ශනයකුත් ලෑස්ති කරල තියෙනව අපේ ඉන්දු වික්‍රමසූරිය  කියන සංගීත ගුරුතුමී.

2013 සැප්. 07 සෙනසුරාදා හරියටම හවස 6.30 ට Duarte රංග ශාලාවේ. වැඩි ගානකුත් නෑ. ඩොලර් 20 යි. Free Parking.. ඇමරිකාවෙ ලොස් ඇන්ජලිස් අවට ඉන්නා හිතවතුන්ට හිතවතියන්ටයි මේ ආරාධනා. 
 පහුගියදාක රූ කාන්තගෙ ෂෝ එක බලන්න හැතැප්ම 300 ක් 400 ක් ගෙවාගෙන කට්ටිය ආවා. මේක බලන්න නම් එච්චර ඈත ඉඳන් එන එකක් නෑ. මොකද එක එක්කෙනාගෙ taste එක වෙනස්. වැඩි දෙනා පුරුදු වෙලා ඉන්නේ වේග රිද්මයේ , බයිලා වගේ ඒවට. නැත්නම් හින්දි ගී වලට.
 මම මේ ෂෝ එක කරනවා නම් මම ඒක නම් කරන්නේ පිනි බිංදු කියල නෙවි... " ඉඩෝරයට පිනි වැස්සක් " කියල. ඒක ඒ තරම්ම ලස්සනයි. මේකට සහභාගි වෙන වැඩි දෙනෙක් තරුණ කොල්ලො - කෙල්ලො. දැන් මාස ගාණක ඉඳන් , තමන්ගෙ Friday Night.. එක කැප කරල පුරුදු පුහුණුවීම් වෙන හැටි බලන්න ආසයි. තරුණ වයස පහු කරමින් ඉන්න අපේ සරත් ජයසිංහත් ගී ගයනව. 
බලන්ට එපායැ වයසෙ හැටියට නෙවෙයි කියන ඒව. " සිප ගන්ට තිගෙ මූණ දෙනවා නම් බෝම පින් අත්වේ.." තබ්ලා එක ගහන ගමන්ම සරත් ජයසිංහ තමා ඒක ගයන්නේ. ඒ පැරණි නාට්‍යයක එන love song එකක්. ඒ විතරක්යැ මහාචාර්ය සරච්චන්ද්‍රගේ ලොකු දුව ..සුනේත්‍රා.. එයත් ගී ගයනව. මං කියනවට ඇවිල්ල බලන්න. ගෙවන ගානට පාඩු නෑ කියල හිතෙයි. එහෙනං .. ලබන සැප්.07 සෙනසුරාදා Duarte ව්ලදි හමුවෙමු.. මේ තියෙන්න එහි එන ගීයක්. 

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන