අද ක්‍රිකට් පිටිය (ජූලි 24)

මුලින්ම භාවිතා වූ ටෙස්ට් තරගය ගැන ඊයෙ දිනයේදී කතාකළානෙ. අදත් ඒ ගැන කියන්නයි යන්නෙ. මෙම තරගයේ දෙවන දිනයේදී ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු මලින්ද වර්ණපුරට එරෙහිව හර්බජාන් සිං ලබාදුන් අභියෝගය DRS මුල්වරට භාවිතා වූ අවස්ථාව ලෙස ඉතිහාසගත වුණා. කෙසේ වෙතත් ඔහු නොදැවුණු පිතිකරුවෙකු ලෙස විනිසුරුවරයා ලබාදුන් තීරණය එමගින් තහවුරු වුණා. ඒ වගේම වින්සුරුවරයා විසින් දැවී ගිය පිතිකරුවෙකු ලෙස නම්කිරීමෙන් පසුව DRS මගින් එය නිවැරදි කළ ප්‍රථම අවස්ථාව ලෙස විනිසුරු මාර්ක් බෙන්සන්ගේ තීරණයට එරෙහිව තිලකරත්න දිල්ශාන් සිදුකළ අභියෝගය ඉතිහාස පොතට එකතු වුණා.

ඒ වගේම පකිස්ථානු කණ්ඩායම සහ ඕස්ට්‍රේලියාව අතර පැවති තියුණු ටෙස්ට් තරගයක් පකිස්ථානයට ජය ගෙනදෙමින් නිමාවූයේ 2010 අද වගේ දවසකදී. පකිස්ථානයේ පැවති ආරක්ෂක තත්වය නිසා මේ තරගය පැවැත්වුණේ එංගලන්තයේ හෙඩිංලි හිදී. මෙහිදී පකිස්ථානය කඩුළු 3ක තියුණු ජයක් ලැබුවා. ප්‍රවීණ ක්‍රිකට් විනිසුරුවරයෙකු වූ රූඩි කර්ට්සන්ගේ අවසන් ටෙස්ට් තරගයත් මෙයයි.

සුපිරි පකිස්ථානු පිතිකරු සහීර් අබ්බාස් මෙන්ම ඕස්ට්‍රේලියාවේ ඩග්ලස් බොලින්ජර් අද උපන්දින සමරනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න