ෆ්ලෑෂ්..... ක්‍රියේටිව් මාස්කින්.

මාස්කින්ග්  වලින් හරි ලස්සන දේ කරන්න පුළුවන්.
අපි බලමු පහනක දැල්ලක් සුළඟට නටන ආකාරය කොහොමද හදන්නෙ කියල.
ෆ්ලෑෂ් පේජ් එක ඇරල,පසුබිම් වර්ණය කළු වගේ තද පාටක් දෙන්න. Line tool එක අරන් සිරස් රේඛාවක් අඳින්න. ඊට පසු selection tool එක ඒ රේඛාවෙ මැද හරියට කිට්ටු කළාම , ඊ තලයට පහලින් වක්‍රයක් පෙනෙයි. දැන් මවුස් එක පොඩ්ඩක් එහාට කළාම අර සිරස් රේඛාව දුන්නක් වාගේ ඇද ගන්න පුළුවන්.

දැන් ඒ වක්‍ර රේඛාවෙ මුදුනේ ඉඳන් පහලට සිරස් රේඛාවක් ඇඳ ගන්න. මේ තමයි පහනේ දැල්ල. දැල්ලේ පහල කෙළවරින් තිරස් රේඛාවක් අඳින්න. selection tool එකෙන් කලින් විදියට වක්‍ර කර ගන්න. නැවත ඒ වක්‍ර කළ රේඛාවෙ මුල ඉඳන් අගට තිරස් රේඛාවක් අඳින්න. මේ තමා පහන. paint bucket ටූල් එකෙන් කැමති පාටකින් පුරව ගන්න.
දැන් දැල්ල ක්ලික් කරල , F8 ඔබල movie clip එකක් කර ගන්න.
modify > transform>free transform යන්න. එවිට දැල්ල මැද සුදු පාට තිතක් පෙනෙයි. මවුස් එකෙන් ඒ තිත දැල්ලේ පහල කෙළවරට ගෙනියන්න. දැන් ටයිම් ලයින් එකේ 5 ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න. modify>transform> scale and rotate ගිහින් එහි අංශක ගණන -15 කරන්න. ටයිම් ලයින් එකේ frame 10, F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න.දැන් අර අංශක ගණන +15 කරන්න.
15 ෆ්‍රේම් එකේ කී ෆ්‍රේම් එකක් ඇරල , අර අංශක ගණන -15 කරන්න. දැන් ටයිම් ලයින් එකේ මැද රයිට් ක්ලික් කරල motion tween එකක් අරින්න.ලේයර් එක right click කරල mask  එක   ක්ලික් කරන්න  දැන් ඔබ හැදූ movie එක ටෙස්ට් කරන්න. මට වඩා ලස්සනට ඔබට කළ හැකියි. දැන් පහන් දැල්ල අපූරුවට වැනෙයි.



Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන