Flash 4 Fun

හැම භාෂාවකින්ම වාගේ ටියුටෝරියල් තියෙනවා. විශේෂයෙන් දෙමළ බසින්. ඒ නිසයි මටත් හිතුනේ අපේ භාෂාවෙනුත් තියෙනවා නම් හොඳයි කියල. හැබැයි ඉතින් අමු හිංගලෙන්ම ලියන්න අමාරුයි. සිංග්ලිශ් වලින් තමයි දෙන්න වෙන්නේ.
"ෆ්ලෑෂ්" හරිම විනෝද ජනකයි.
වෙබ් අඩවි එහෙම හදන අයට වැදගත්. මම හැමෝටම තේරෙන විදියට ලියන්නම්. මුලින්ම කියන්න ඕන සිංහළ අකුරු ( fonts ) කොම්පියුටරයේ install කර ගන්න කියල. සේරටම කලින් හොයා ගන්න ඕන ෆ්ලෑෂ් ප්‍රොග්‍රෑම් එක. නොමිලේ බා ගන්න පුළුවන් අඩවි ඕන තරම් තියෙනවා. කුඩා ඇනිමේශන් එකේ ඉඳන් පොඩි වීඩියෝ ගේම් එකක් දක්වා කියල දෙන්න මම බලාපොරොත්තු වෙනවා.



මේ තියෙන්නෙ ෆ්ලෑෂ් පිටුවක ස්ක්‍රීන් ෂොට් එකක්. නිකමට වාගෙ ඒකෙ තියෙන tools අත පත ගාල ඉගෙන ගන්න. 
මම ටිකක් කාර්ය බහුල කෙනෙක්. විනෝදෙටත් එක්කයි මේ බ්ලොගය පටන් ගත්තෙ. 

අද මුලින්ම කියල දෙන්නම්.. ගෝලයක් වගේ දෙයක් ස්ටේජ් එක හරහා ගමන් කරවන හැටි.

1  පාඩම:

ඩොකියුමන්ට් එක ඇරලා, වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් රවුම් අඳින එක අරන්, ස්ටේජ් එකේ රවුමක් අඳින්න. කී බෝඩ් එකේ F8 ඔබලා අර ඇඳපු රවුම සිම්බල් එකකට convert කරන්න. ටයිම් ලයින් එකේ ෆ්‍රේම් කැමති ගාණක කී ෆ්‍රේම් එකක් හදන්න.දැන් වම් පැත්තෙ තියෙන ටූල්ස් වලින් selection ටූල් එක අරන් අර රවුම ස්ටේජ් එකේ ඔබ කැමති තැනකට ගෙන යන්න. කී බෝඩ් එකේ F6 ඔබලා. දැන් ටයිම් ලයින් එකේ කී ෆ්‍රේම් අතර මැද right ක්ලික් කරල මෝෂන් ට්වීන් එකක් අරින්න. දැන් හරි. කී බෝඩ් එකේ Enter ඔබන්න. මෙය ඉතා සුළු දෙයක් .


















මේ තියෙන්නේ මා හැදූ එක.

ඔය ක්‍රමයට හැදූ උදාහරණයක්.

  මේක අභ්‍යාසයක් විදියට එක එක විදියට කරල බලන්න. මේ තව විදියක්. ෆ්ලෑෂ් පිටුව ඇර ගන්න. වම් පැත්තේ line tool එක අරන් ඊතලයක් හදාගන්න. F8 ඔබල movie clip එකකකට convert කර ගන්න. ටයිම් ලයින් එකේ 5 වන ෆ්‍රේම් එකේ key frame එකක් අරින්න F6 එබීමෙන් එය කළ හැකියි ඊට පස්සෙ කී බෝඩ් එකේ right arrow එකෙන් අර ඊතලය ටිකක් එහාට ගෙනියන්න. time line එකේ 10 ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් හදන්න. ඊට පස්සෙ modify ගිහිල්ල transform එකේ rotate clockwise අංශක 90 ඔබන්න. එවිට අර ඊතලය දිශාව වෙනස් කරයි. දැන් ටයිම් ලයින් එකේ 15 වන ෆ්‍රේම් එකේ කී ෆ්‍රේම් එකක් අරින්න. right arrow එකෙන් අර ඊතලය පහලට ගෙනියන්න. දැන් දන්නවානෙ මොනවද කරන්න ඕන කියල. ටයිම් ලයින් එකේ මැද තැනක right click කරල මෝෂන් ට්වීන් එකක් අරින්න. හැදූ movie එක ටෙස්ට් කරල බලන්න.



අත ටිකක් හුරු උනාම මීට වඩා ලස්සන දේ කරන්න පුළුවන් ෆ්ලෑෂ් වලින්. යමක් කරකවන හැටි අපි අද බලමු. මේක ඉගෙන ගත්තාම වෙසක් කාලෙට on line තොරණක් හදල බුදු රැස් වළල්ලක් එහෙම කරකවන්න මම කියල දෙන්නම්.





මුලින්ම rectangle tool එකෙන් උදාහරණයේ විදිහට සෘජුකෝණාස්‍රයක් ඇඳ ගන්න. දකුණු පැත්තෙ align එකට ගිහින් horizontal සහ vertical click කලාම ස්ටේජ් එකේ හරි මැදට අර සෘජුකෝණාස්‍රය සෙට් වෙයි. F8 ඔබල movie ක්ලිප් එකකට convert කර ගන්න.time line එකේ 10 වන ෆ්‍රේම් එකේ F6 ඔබල කී ෆ්‍රේම් එකක් අරින්න. modify >transform. rotate clockwise අංශක 90 .. කර ගන්න. ටයිම් ලයින් එකේ 20 කී ෆ්‍රේම් එකක් ඇරල modify >transform>rotate clockwise අංශක 90 කරන්න. මේ විදියට ෆ්‍රේම් 30 ත් 40 ත් කරන්න. ටයිම් ලයින් එකේ මැද රයිට් ක්ලික් කරල මෝෂන් tween අරින්න. කී බෝර්ඩ් එකේ enter ඔබන්න. ඔය ලස්සනට කැරකෙන්නෙ. කොහොමද මේක? ඔය විදියට තමා හැදුවෙ.

Comments

Popular posts from this blog

ෆ්ලෑෂ් - වීඩියෝ...

ඩිජිටල් ඔරලෝසු

ගී සර රංගන