6 thoughts on “ලංකාවේ පොලිසිය ගැන ඔබේ අදහස කුමක්ද?

  1. 13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

  2. සුප්‍රසිද්ධ මල්ලවපොර ශූරයෙකු වන ක්‍රීස් බෙනොයිට්ස් Chris Benoits ගේ සිය දිවි නසා ගැනීම පොලිසියට එතරම් ප්‍රශ්නයක් නොවිය. එහෙත් ඔහු සියදිවිහානි කර ගත්තේ තනියම නොවේ. ඔහුගේ ආදරණීය බිරිය නැන්සි සහ හත් හැවිරිදි පුත්‍රයා වන ඩැනියෙල් ද ඝාතනය කිරීමෙන් පසුවය. ක්‍රිස් සිය පණ මෙන් ආදරය කළ සිය බිරිඳ නැන්සි සහ හත් හැවිරිදි පුතා ඝාතනය කර ඉන්පසු සියදිවි නසා ගත්තේ ඇයි? පොලිසියට වදදුන් මෙම ප්‍රශ්නයට පිළිතුරු සොයා ගැනීම සඳහා ඔවුන් දිවා රෑ කල්පනා කිරීමට පටන් ගත්හ. තමන්ගේම බිරිඳ සහ පුතා මේ තරම් සාහසික ලෙස මරා දැමීමට ක්‍රීස් මේ වන තරම් දරුණු වූයේ ඇය? ක්‍රිස්ගේ බිරිඳ කිසියම් කෙනෙකු සමඟ ඔහුට හොර සම්බන්ධකමක් ඇති කරගැනීමේ ප්‍රතිඵලයක් වශයෙන් ඔහු සිය බිරිඳ ඝාතනය කළේද? එවැනි සම්බන්ධයක් නැතිව සිය බිරිඳ ඝාතනය කරයිද? පොලිසිය ඒ ගැන සෙවීමට පටන් ගත්තේය.

  3. සාදූන් පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119ට වහාම කථාකල ද පොලිසිය පැමිනියේ නැත. මැර කන්ඩායම ප‍්‍රමානයෙන් විශාල වන විට ආධාර පතා කිලෝමීටරයක් පමන දුරින් ආසන්නයේම පිහිටි කොහුවල පොලිස් ස්ථානය වෙත යාමට ඔහුට බල කෙරුනි. බොහෝ සාකච්ඡා වලින් පසුව පොලිස් නිලධාරීන් කිහිප දෙනෙක් තමන්ගේම වාහනයෙන් ප‍්‍රහාරය සිදුවූ තැනට රැගෙන යන ලෙස ඔහුට දැනුම් දෙන ලදී.

  4. ජෝර්ජ් පවසයි:

    නීතිය හා සාමය සුරැකීමට බැදී සිටින ඔවුන්ට දේශපාලන බලපෑම්වලින් තොරව අභිමානනීය අයුරින් රාජකාරිය ඉටු කිරීම සදහා අවශ්‍ය පරිසරය ගොඩනැගිය යුතුයි. නමුත් වර්ථමාන තත්වය අනුව නම් පොලීසියේ කටයුතු සොයා බැලීමට තවත් පොලීසියක් පිහිටුවිය යුතුයි වගේ.

  5. හොද නිලධාරීන් සපිරි නරක නිලධාරීන් පිරි,නරක නිලධාරීන් නිසා කරන හොද අඩුවෙන් පෙනෙන,හොද නිලධාරීන් නිසා නරක වැඩ අඩුවෙන් කරන්න සිදුවෙලා තියන, දේශපාලුවන්ට යට වෙලා ඉන්න සිදුවෙලා තියන, ලංකාවේ අත්‍යාවශ්‍ය සේවයක්

    සිතුම් සයුර

  6. Diane Morrow පවසයි:

    බ්‍රිතාන්‍යයන් ශ්‍රී ලංකාව මුලින්ම යටත් කර ගැනිමෙන් පසු ශ්‍රී ලංකාවේ විධිමති පොලිස් සේවයක් ආරම්භ කිරීමට ඔවුන් කටයුතු කළහ. බ්‍රිතාන්‍යයන් තමන්ගේ යටතෙ පැවති ප්‍රදේශවල අවශ්‍ය නගරවල පොලීසි පිහිටුවා පවත්වාගෙන යන ලදී 1818 කැරැල්ලෙන් පසු 1818 දෙසැම්බර් 7 මහනුවර නගරයේත්, 1819දී කුරුණෑගලත්, 1820දී සබරගමුවේත් පොලිස් ස්ථාන පිහිටුවන ලදී. මෙසේ 1806 අංක 6 සහ 14 දරණ රෙගුලාසි වලින් මුහුදුබඩ ප්‍රදේශවලද, 1844 අංක 14 දරණ පනත මගින් අවශ්‍ය නගරවල පොලිස් ස්ථාන පිහිටවූ නමුත් ලංකාවේ බොහෝ ප්‍රදේශයන්ට පොලිස් ස්ථානයක් නොවීය. 1863 අවසාන වනවිට ලංකාවේ පොලිස් ස්ථාන 48 තිබුනි. 1865 අංක 16 දරණ පොලිස් ආඥා පනත මගින් පොලිස් නිළධාරීන් නිරන්තරයෙන් රජකාරියේ යෙදි සිටින බවටත් දිවයිනේ කිනම් ස්ථානයක වුවද පොලිස් බලතල ක්‍රියාත්මක කළ හැකි බවටත් ප්‍රතිපාදන ඇති කරණ ලදී. 1867 ප්‍රථම පොලිස්පති ලෙස කැම්බල් මහතා පත්වීම පොලිස් සේවයේ වැදගත් කඩඉමකි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න