Thursday, June 13, 2013

දුමින්ද නාගමුව මහතා කලුතරදී තම පක්ෂයේම සාමාජිකයන් විසින් එලවා දමයි


පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව  විසුරුවා හැර ජාතික මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරදීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දු තීරණ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීම ආරම්භ විය. ඒත් සමගම 2013.06.09 දින කලුතර දිස්ත්‍රක්කයේ සාකච්ජා 2ක් සංවිධානය කෙරුණා. ඉන් පලමු හමුව බංඩාරගමදී පැවැත්වුන අතර එයට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික මෙහෙයුම් මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සම්බන්ධ විය. මෙම සාකච්ජාවට 15ක පිරිසක් සම්බන්ධ විය. එහිදී දුමින්ද නාගමුව මහතා තම දේශපාලන මණ්ඩල සාමාජිකයන් දෙදෙනකු වැඩ නැවැත්වීම සම්බන්ධයෙන් කරුණු හෙලි කරන ලදි.

චමීර කොස්වත්න මහතා ගම්පහදී වරුණ රාජපක්ෂ මහතා ගැන කල විවේචනය ඉක්මවා යමින් දුමින්ද මහතා වරුණ රාජපක්ෂ මහතා පක්ෂය හැරයෑම සම්බන්ධයෙන් බොරු හේතුවක් දක්වන ලදි. එනම් වරුණ රාජපක්ෂ මහතා ජවිපෙ සමාජවාදී තරුණ සංගමය සමග යටින් සබදතාවයක් පවත්වාගෙන ගිය බවයි.
අනතුරුව ජී කුලරත්න මහතා ආණ්ඩුව සමග රහස් සබදතා පවත්වාගෙන ගිය බව දුමින්ද නාගමුව මහතා අතින් කියවුනි. ජී කුලරත්න මහතාගේ හිතවතුන් ලෙසද සිටි කලුතර දිස්ත්‍රික් සාකච්ජාවට පැමිණි මෙම පිරිස දුමින්ද නාගමුව මහතා සමග වචන හුවමාරුවක් ඇති කර ගත්තේ මෙම ප්‍රකාශයත් සමගයි. ජී කුලරත්න මහතාගේ දේශපාලන වැරදි ඇති නමුදු මෙවැනි ආකාරයේ වැඩ ඔහු නොකරන බව එහි සිටි පිරිස ඉතා තදින් කියා සිටි අතර දුමින්ද නාගමුව මහතා මෙහිදී භ්‍රහ්ම වින්සතිය පිළිබද උදාහරණ දක්වමින් මෙම පිරිසගේ කල්පනාව වෙනතකට යොමු කිරීමට උත්සාහ ගත්තද ප්‍රකෝප වූ පිරිස එම ස්ථානයෙන් දුමින්ද නාගමුව මහතා පන්නා දමන ලදි. තාරා - හැරල් වාර්ථාවට එරෙහි සටනේදී වත් පාසැලේ විවාද තරගවලදී වත් මෙවැනි අපහාසයක් දුමින්ද නාගමුව මහතාට අත් නොවීය.
තමන්ගේ වැරදි දේශපාලන භාවිතය සමාජගත කිරීමේ කාර්යයෙන් අසමත් වූ දුමින්ද මහතා ඉන් නික්ම යෑමේදී පැවසූයේ තමන් දුෂ්කරතාවය සතුටින් භාරගන්නා බවත් මෙවන් දුෂ්කර මවතක් තමන් තෝරා ගත් බවත්ය.
දුමින්ද නාගමුව මහතාගේ නික්ම යෑමත් සමග සාකච්ජාවට පැමිණි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සමාජිකයන් 15ස් දෙනාම ජී කුලරත්න මහතා දේශපාලන වශයෙන් ඝාතනය කල දුකට බාර් එකකට ගොස් මත්පැන් පානය කරන ලදි. මෙහිදී 3න් දෙනෙක් දේශපාලන සාකච්ජාව පැවති නිවසට පැමිණ පසුදා වෙරි මත හිදෙන තුරු නිදාගන්නා ලද්දේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් ගොඩ නැගුවායැයි කියූ සංවාද කිරීමේ සම්ප්‍රදාය මොනවට පැහැදිලි කරමිනි. 

5 comments:

  1. ANE DUMINDA DAN ATHI DESHAPALANAYA KALA

    ReplyDelete
  2. කුමාර ගුණරත්නම්June 15, 2013 at 7:27 PM

    ශ්‍රී ලංකාෙව් වම ලිංගික සදාචාරය සම්බන්ධෙයන් මීට වඩා උනන්දු වූවා නම් විප්ලවය ෙවලා ෙගාඩාක් කල්

    ReplyDelete
  3. ජ. වි. පෙ. අප මත්පැන් පානය නොකරමු.ගෙරි මස් නොකමු. මාක්ස්, එංගල්ස් කවදාවත් මත්පැන් පානය කර නැත. ඒ නිසා අපි ඒ සරණ යමු. අපගේ ජයග්‍රහණය ඉතිහාසය විසින් ඔප්පු කරනු ඇත.

    ReplyDelete
  4. ඔබට 'ඉතිහාසයේ' පිහිටයි!

    http://www.slate.com/articles/life/drink/2012/08/labor_day_drinking_a_history_of_proletarian_benders_and_a_guide_to_drinking_on_the_job_.html

    ReplyDelete
  5. කුමාර ගුණරත්නම් විදෙස් ලිපි අධ්‍යයනය කරමුJune 15, 2013 at 11:13 PM

    මාක්ස් බොහෝ සේ දුම් බිව්වේය.
    ප්‍රාග්ධනය ලියා නිම කිරීම සදහා වෙහෙසෙද්දී දුම්බීම සදහා මා වැය කළ මුදල පවා මට එම කෘතියෙන් නොලැබෙනු ඇතැයි ඔහු මට වරක් පැවසීය.
    ඔහු විශාල ගණනක් ගිනි කූරු විනාශ කළේය, ඔහු නිතර ඔහුගේ දුම් කෝවය හා සුරුට්ටු ගැන අමතක කරමින් වැඩෙහි යෙදචීම නිසා නිතර ඒවා පත්තු කිරීමට සිදි විය. සිතීමට පවා නොහැකි වේගයකින් ගිනි පෙට්ටි හිස් විය.
    මාක්ස් එංගල්ස් ගැන ස්මෘති සටහන් 33 පිටුව - පෝල් ලපාර්ග්
    ප්‍රාග්ධනයේ හරය තේරුම් නොගෙන මාක්ස් ගේ දර්ශනය අධ්‍යයනය ඉගෙන නොගෙන මාක්ස්ගේ සුරුට්ටු බීම ඉගෙන ගමු!

    ReplyDelete