Friday, June 7, 2013

චමීර කොස්වත්ත ගම්පහින් පන්නයි

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩලය හා මධ්‍යම කමිටුව  විසුරුවා හැර මෙහෙයුම් මණ්ඩලයකට එහි වගකීම භාරගත් බව අප වෙඩ් අඩවිය මීට කලින් සදහන් කලා. ඉන් අනතුරුව ජුනි 02 පැවති ජාතික  මෙහෙයුම් මණ්ඩල කමිටුව ගාලගෝට්ටියකින් අතර මැද නවතා දැමුවද එහිදී මුලින්ම යොදා ගත් තීන්දු 2ක් ක්‍රියාත්මක කිරීමට මෙහෙයුම් මණ්ඩල සාමාජිකයන් ක්‍රියාත්මක වුනා. ඉන් ප්‍රධාන තීන්දුවක් වුනේ තම පක්ෂ අභ්‍යන්තර සමුලුව හරහා ගනු ලැබූ තීන්දු තීරණ දිස්ත්‍රික් මට්ටමින් දැනුවත් කිරීමයි. ඒ සදහා 2013.06.05 දින උදේ ගම්පහ දිස්ත්‍රික් ක්‍රියාකාරී දැනුවත් කිරීමක් යක්කකල දිස්ත්‍රික් කාර්යාලයේදී පැවැත්විය.

පැවති අර්බුධකාරී තත්වය යටතේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරීන් 200ක් පමණ මෙම අවස්ථාවට සහභාගී වූ අතර දිස්ත්‍රික් කාර්යාලයේ ඉඩ මදිවී දොර ජනේල කවුලු තුලින් පවා එබෙමින් මෙම අවස්ථාවට සම්බන්ධ විය.
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ජාතික මෙහෙයුම් මණ්ඩල සාමාජික චමීර කොස්වත්ත මහතා මෙහිදී පැය3කට සූදානම් වී පැමිණි දේශණය පැය ½ක පමණ පැහැදිලි කරද්දී ඝෝෂාවක් මතු විය. එම පැය1/2තුල චමීර කේස්වත්ත මහතා පැහැදිලි කලේ
1 පසුගිය අවුරුදු 2ක කාලයේ ජනතාව අතරට යෑමට බැරිවීම
2 පක්ෂයේ මධ්‍යගත භාවය බිද වැටීම
පැය1/2ට පසුව මෙහි සිටි සමාජිකයෙක් ප්‍රශ්ණයක් නගමින් ඇසුවේ තියරි වැඩක් නෑ වුනදේ කියන්න වශයෙනි. මෙහිදී තවත් සමාජිකයෙක් වරුණට වුන දේ කියන්න කියා අසයි. ඒත් සමගම සියලුම සාමාජිකයන් ප්‍රශ්ණ ඇසීමට පටන් ගත් අතර ක්‍රියාකාරී සාකච්ජාව ගාලගෝට්ටියක් බවට පත් විය. සියලුම දෙනා විවිධ දේශපාලන වැකි, උදෘත පාඨ ආදිය හුවා දක්වමින් ප්‍රශ්ණ කරන ලදි. මෙහිදී කුමාර සහෝදරයා කෝ? කමාර සහෝදරයා එවපු ලිපිය කෝ? ගම්පහ කුමාර සහෝදරයව පාවලා දුන්න අය කවුද? යනුවෙන්ද ප්‍රශ්ණ කරන ලදි.  කෙසේ නමුදු සෑම සාමාජිකයෙක්ගෙන්ම මතු වූ එක් වදනක් වූයේ බොරු කියන්න එපා යන්නයි.
මෙහිදී චමීර කොස්වත්ත මහතා ප්‍රශ්ණ මෙහෙම ප්‍රශ්ණ විසදා ගන්න බෑ කියා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දිස්ත්‍රික් කාර්යාලයෙන් ඉවත් වීමට උත්සාහ කලද එහි සාමාජිකයන් චමීර කොස්වත්ත මහතාව පැය 1ක පමණ කාලයක් නිවාස අඩස්සියේ තබා ගනිමින් දරුණු වාග් සංගාමයකට යටත් කරන ලදි. චමීර කොස්වත්ත මහතා මෙවැනි වාග් ප්‍රහාරයට සාර්ථකව මුහුණ දෙන්නෙක් වශයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය නියෝජනය කරන වකවානුවේ නම් දරා සිටි අයෙකි. (වරක් කැලණිය විශ්වවිද්‍යාලයේදී චමීර කොස්වත්ත මහතා විශ්වවිද්‍යාල සිසුන් ඉදිරියේ දරුණු වාග් ප්‍රහාරයකට ලක් වුවද එදින රජයේ දැඩි බලපෑමෙන් උමතුව සිටි විශ්වවිද්‍යාල සිසුන්ව සාර්ථකව මෙල්ල කිරීමට චමීර කොස්වත්ත මහතා සමත් විය.) එනමුත් දේශපාලන නිවැරදි භාවය පිළිබද තම සාමාජිකයන් ඇසූ ප්‍රශ්ණ වලට පිළිතුරු දී ගැනීමට චමීර කොස්වත්ත මහතා අසමත් විය.
මෙහිදී තවත් විශේශයක් වනුයේ චමීර කොස්වත්ත මහතා තම පක්ෂයේ සමාජිකයින් නිවාස අඩස්සියේ තබා ගනිද්දී ඔහු වෙනුවෙන් පෙනී සිටීමට කිසිම සාමාජිකයෙක් ඉදිරිපත් නොවීමයි.

2 comments:

  1. චමීර ෙකාස්වත්ත පිළිතුරු දීෙම් අයිතියJune 15, 2013 at 7:38 PM

    අපි බරපතල සංවාද කරනවා අපි වැටි වැටී නැගිටිනවා දුෂ්කරවූ ෙවෙහසකරවූ මාවත අපි ෙතාරා ගත්තා සැබෑ නිර්ධන පංති ව්‍යාපාරයකට ධනපති ෙල්බල් අැලවීෙම් දුෂ්කරවූ ෙකාන්ත්‍රාත්තුව භාර ගත්තා. ෙම් මාවත දුෂ්කරයි කියලා කුමාර අයියා නිතරම කියනවා. ඒ්ත් කුමාර අයියා කියන ඒ්වාෙග් ෙමාකද්ෙදා් වැරැද්දක් තිෙයනවා කියලා මට හිෙතනවා. ඒ්ත් දැන් කාලය ෙගවී ගියා ෙකාෙහාමහරි සැබෑ නිර්ධන පංති ව්‍යපාරයක මඩ ගහන්න තව තවත්වූ දුෂ්කර අභ්‍යාසයක නිරත ෙවනවා. ෙකාෙහාම වුනත් ෙම් වැෙඩ් මම ෙල්සිෙයන් අතහරින්ෙන් නෑ. මම මෙග් වූ ෙදයක් නිර්ධන පංති ෙද්ශපාලනයට ෙග්නවා.

    ReplyDelete
    Replies
    1. Kapiya kapiya uba eda ruhunedi dayalekthikaya gana ghapu kaywaruwen mata theruna ubata lassana kathawak thibunata maxwadi darshanaya hariyata therum aran na kiyala.

      Delete