Tuesday, June 4, 2013

නිමල් සිරිපාල මහතාට ජනපති සුභපැතුම්! උත්සවයට ඉදිකල තොරණ කඩා වැටේ


වත්මන් වාරිමාර්ග හා ජල කළමනාකරණ අමාත්‍ය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ දේශපාලන දිවියට 30 වසරක් පිරීම නිමිත්තෙන් ඒ මහතාට උපහාර පිදීමේ උත්සවය බදුල්ලේ විල්ස් ක්‍රීඩාංගණයේ දී ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙහිදී ඇමතිවරයා ස්වාමීන් වහන්සේලා 500නමකට දානයක් දී තිබේ. දානය අවසන්වී පිරිත් සජ්ජායානා කරමින් සිටියදී එම තොරණ කඩාවැටී ඇත.
බදුල්ල ඔරලෝසුව කනුවත් තානායමත් අසල මෙම තොරන ඉදිකර
තිබී ඇති අතර ඒ සඳහා බදුල්ල නගර සභාවේ සහ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන්ගෙන් මුදල්ද එකතුකර තිබේ.
කෙසේ නමුත් බදුල්ලේ ජනතාව මෙන්ම එම දානමය පිංකමට සහභාගීවූ ස්වාමීන්වහන්සේලා බොහෝමයක් පවසන්නේ පිරත් සජ්ජායනය අතර තුර තොරණ කඩා වැටීම ඇමතිවරයාට මහත් අපලගෙන දෙන කාරණයක් බවයි.

No comments:

Post a Comment