Sunday, June 2, 2013

පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසුරුවයි


ශ්‍රී ලංකාවේ පැරණි වමේ මූලයන් සහිතව ජනතා විමුක්ති පෙරමුණ තුලින් බිහිවූ පෙරටුගාමී සමාජවාදී පක්ෂය 2013 මැයි 29දින පැවැත්වූ විශේෂ අභ්‍යන්තර හමුවකදී පක්ෂය විසුරුවා හැරීමට තීරණය කොට තිබේ. පැරණි දෙය බොහෝවිට නව දෙයක් වශයෙන් පෙනීසිටීමට තැත්කරමින් එහෙත් අලුත් යැයි ප්‍රකාශ කරමින් ජවිපෙ තුලින් කරලියට පැමිණි මෙම ප්‍රතිගාමී මතවාදය අලුත් වහරේ කඩතුරාවෙන් ආවරණය වී පැරණි වමේ කියමන් පුනරුච්චාරණයත් සමග තමන්ට උරුම විනාශය කරා වේගයෙන් ගමන් කළේය. පෙරටුගාමී සමාජවාදී
පක්ෂයේ දිස්ත්‍රික් සංවිධාන මට්ටමින් කැදවූ මෙම අභ්‍යන්තර හමුව සදහා බොහෝ සාමාජිකයන් පැමිණ නොසිටියේ ඒ වන විටත් ඔවුන් පක්ෂය හැරගොස් සිටි නිසාවෙනි. කඩිමුඩියේ (විප්ලවාදී ලදරු වලිප්පුව) අටවා ගත් දේශපාලන මණ්ඩලයත් මධ්‍යමකාරක සභාවත් ඒවන විට ප්‍රමාණයෙන් මෙන්ම ගුණයෙන්ද පිරිහී තිබුණි. කට්ටිවාදීන් ලෙස නිර්ධන පංති ව්‍යාපාරය තුල හදුනා ගත් මෙම පිරිස, සංවිධාන ප්‍රජාතන්ත්‍රවාදය ගැන නන්දෙඩවූ මෙම පිරිස සමුලුවකින් පත්කරගන්නා ලද දේශපාලන මණ්ඩලය හා මධ්‍යමකාරක සභාව මෙහෙයුම් කමිටුවකට භාරදී කුඩා කල්ලියක්,කණ්ඩායමක් බවට පත් වී ඇත.

No comments:

Post a Comment