Sunday, June 2, 2013

19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් 13ඉවත්වෙන්න බෑ


දහතුන්වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ඉවත් කළයුතු බවට හෙළ උරුමය විසින් ගෙන එන යෝජනාවට මේ වනවිටත් ආණ්ඩු පක්ෂයේ  ප‍්‍රබලයන් තිස් එක් දෙනකුට ආසන්න පිරිසක් තරයේ විරුද්ධතාව පළකර ඇති බව අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා පවසයි.
අමාත්‍යවරයා පැවසුවේ දහතුන්වන සංශෝධනය ගෙන ආ අවස්ථාවේ තමා ඊට පක්ෂව ඡන්දය ලබා දුන් අයකු බවත් දහතුන්වන සංශෝධනය ඉවත් කිරීම සඳහා ගෙන ඒමට නියමිත යෝජනාවට තමන් එකහෙළාම විරුද්ධ බවත්ය.

අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ උතුරු පළාත් සභා ඡන්දය පවත්වන බවට ප‍්‍රකාශ කිරීම හරහා පැහැදිලි වන්නේ ආණ්ඩුවේ මතය දහතුන්වන සංශෝධනය ඉවත් නොකිරීම බවත්, එය හෙළ උරුමයේ පුද්ගලික යෝජනාවක් ලෙස ඉදිරිපත් කිරීමක් බවත්ය.
හෙළ උරුමය ගෙන ඒමට නියමිත යෝජනාව සම්මත නොවන බවත්, තමන් ඇතුළු ආණ්ඩුවේ විශාල පිරිසක්ද තම විරුද්ධතා ප‍්‍රකාශ කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය තිස්ස විතාරණ මහතා පවසයි.

No comments:

Post a Comment