Saturday, June 1, 2013

ධනවාදී පවුලේ ශුද්ධ භාවය අහෝසි කල ප්‍රංශයේ පලමු සම ලිංගික විවාහය මහ ඉහලින්


ධනවාදය සංවර්ධිත සමාජයක් ලෙස කරලියට පැමිණියද වර්ථමානයේදී එහි පහලම ආයතනය වූ පවුල පීඩා කාරී ආයතනයක් බවට පත්වූයේ ධනවාදී අර්බුදයත් සමගයි. පවුලකට ධනවාදය ලබාදෙන ඉලක්ක පීඩකාරී දෙයක් බවට පත්වුන අතර සංවර්ධිත රටවල මෙහි ශුද්ධභවය කෙලසන සිදුවීම් මාලාවක් අවසානයේ දැන් එය නීතියක් බවට පත්වෙමින් පවතී. ලොව පලමුවෙන්ම ශීලාචාරවූ ජාතිය ලෙස සැලකෙන ප්‍රංශය ධනවාදී පවුලේ ශෝකාන්ත සනිටුවහන් කිරීමට මත්තෙන් සමාජවාදී රටවල මෙම අවස්ථාව ලබාදෙන ලදි. 
 සමලිංගික විවාහ නීතිය ප‍්‍රංශ පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් දින කිහිපයකට පසුව පළමු සමලිංගික යුවලගේ විවාහ මංගලෝත්සවය දකුණු දිග ප‍්‍රංශයේ මොන්ටිපිලර් නුවරදි දැඩි ආරක්ෂක විධිවිධාන යටතේ පවත්වන ලදි.
වින්සන්ට් ඔස්ටින් සහ බෲනෝ බොයිලියෙව් යන තරුණයන් දෙදෙනා මෙසේ ප‍්‍රංශය තුළදී නීත්‍යානුකූලව විවාහ දිවියට එක්වූ පලමු සමලිංගිකයන් ලෙස  වාර්තා පොතට එක්වූහ.
ප‍්‍රංශයේ කතෝලික පල්ලියේ සහ විරුද්ධ පක්ෂවල දැඩි විරෝධය මත සම්මත කරගත් නව නීතියට අනුකූලව පැවැත්වූ මෙම සමලිංගික විවාහ මංගලෝත්සවය වෙනුවෙන් දැඩි ආරක්ෂාවක් සලසා තිබෙනු දක්නට ලැබුණි.
හොලන්ඬේ රජයේ නායකයන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම විවාහ මංගලෝත්සවය ප‍්‍රංශ රූපවාහිනිය හරහා සජීවිව විකාශනය කරන ලදි. ශුද්ධ වූ දෙයක් ලෙස සලකන පවුල නැමති ආයතනය මෙසේ අර්බුධයට යෑම ශ්‍රී ලාංකිකයන්ට දුරාවබෝධ විය හැකිය.

No comments:

Post a Comment