– කුරුටු කවියා –

Posted: May 6, 2013 in හිතේ ඇදුනු දෙවල්-Ad hoc thoughts
Tags: , ,

නිමිත්ත :- “සීගිරි කැටපත් පවුරේ කුරුටු ගෑ සිසුන් දෙදෙනෙක් අත් අඩංගුවට”

දනිමි මම…
නොනිවැරදි බව..
මුත් සිතේ මට මෙලෙසට…..

තැනූ කල කසුප් රජු…,
සිහ ගිරිය..
නොසිතමි මම..
කැටපත් පවුර තිබුනේ..
කුරුටු ගී ලියන්නට…..

මුත් එකල්…
සිහ ගිරි පැමිනි දන….
කුරුටු ගා ඇත…..දහස් වදන් එය මත……
අගනෙමු අපි අද…..
විචරමින්…..
මහා කාව්‍ය වේමැයි…….

අදත්…සිහගිරි….
බලන්නට යන දන…
කුරුටු ගානවා දුටිමි…..නා නා දේ ඒ මත…….
නොදකිමි මම වෙනසක්…..
එකල්හි කුරුටු ගෑ වුන් සන මොවුනතර……

තව දෙතුන් සිය වසකින්…
ඔවුනද..එක්වනු ඇත…..
කැටපත් පවුර ඔප කල…
මහා කවීන් අතරට……!!

Blog Tatoo

Leave a comment