කාලය ගෙවී ඇත

ගෙවී ඇත කාලය
කුඩා කල සිට
මැවූ සිහින
සැබෑවී ඇත්ද?
උසස් පෙළ සමත් වී ඇත,
සරසවි වරම් ලැබ ඇත,
උපාධිය ලබා ඇත,
රැකියාවක්ද ලැබී ඇත,
මින් ඉදිරියට
කුමක් කළ යුතුද?

කුඩා කල සිටි මිතුරන්
බොහෝ කලෙකින් දැක නැත…
බෝඩිමේ සගයින්
උනුන් නිවෙස් බලා ගොස් ඇත…
සරසවි මිතුරන් මිතුරියන්
කලෙකින් දැක නැත
පෑන අතට හුරු නැත…
කාලය ගෙවී ඇත

සිතේ….
සොම්නසද, දොම්නසද,
ඉතිරිවී ඇත…..

රුසිරු බොතේජු

5 thoughts on “කාලය ගෙවී ඇත

  1. අහෝ ඒ කාලය නැවත නොඑනු ඇත. දුක්වීද පලක් නැත.

  2. life goes on dude. Plan the years ahead 😀 Sky is the limit now that you have achieved so much.

Leave a comment