කාර් බාර් වල යන උන් මන් දිහා බලලා හිනා වෙන්ඩ ඇති මම පිස්සෙක් වගේ සින්දු කියා කියා බයික් එකේ ආවේ සිනෙක් එක හරියේදී ඩයල් එකක් බොහොම අමාරුවෙන් අළු පාට බයික් එකක් තල්ලු කරගෙන යනවා මම කිට්ටු කරලා ස්ලෝ කරා.
"මචං මොකෝ අවුල ?"
"පෙට්රල් ඉවර වෙලානේ මට අමතක වෙලා පෙට්රල් ගහන්න" මහා අලි වැස්සේ වුනත් උගේ මුනේ තිබ්බේ අසරණ කම මට හොදට පෙනුනා මොකද මමත් ඔය විදියටම ඔය කට්ට ඕනි තරම් කාලා තියන හින්දා ඒ වගේ වෙලාවට පුදුම මුසල අසරණ කමක් හිතට දැනෙන්නේ ඒ මදිවට මැන් හිටියේ ගර්ල් කෙනෙකුත් එක්ක කට්ට ඉතින් ඩබල්නේ.
"මචං උබට මාලබේටම තල්ලු කරන්න වෙයි තෙල් ගහන්න උබ ගාව බෝතලයක් තියනවද මම මේකෙන් පෙට්රල් ටිකක් අරන් දෙන්නම්"
"අනේ ලොකු උදව්වක් යාලු පුලුවන්නම් එත් බෝතලයක් නැනේ මචං" පොරගේ මුන්ට පොඩ්ඩක් හිනාවක් අවා"
ඔහොම ඉස්සරහට එන්න මචං මම බෝතලයක් අරන් එන්නම් කියලා මම ආවා ආපහු පොරගේ මුණ කළු වුනා ඌ හිතන්න ඇති මම ආපහු එන එකක් නැහැ කියලා
මම ටිකක් ඉස්සරහට යද්දී ප්ලාස්ට්ක් වතුර බෝතලයක් පාරේ වැටිලා තිබ්බා වෙනදට මම මේ හරියෙන් යද්දී පාරේ කුණු දාලා යන එවුන්ට හිතින් බැන බැන යන්නේ මටම හිනා ඒක මතක් වෙලා මම බයික් එකේ ඉදන්ම නැමිලා බෝතෙල් අරන් ආපහු හරවාගෙන ගියා පස්සේ ගහක් යට නතර කරලා බොහොම අමාරුවෙන් මගේ බයික් එකේ පෙට්රල් බටේ ගලවලා ෂෙඩ් එක ගාවට යන්න ශේප් වෙන්න පෙට්රල් ටිකක් අරන් දුන්නා,
"ලොකු උදව්වක් මචං කරේ උබ ෂෙඩ් එක පැත්තටද යන්නේ යමු මම පෙට්රල් ගහලා දෙන්නම් උබට"
"එපා එපා මචං මම පුංචි උදව්වක් කරේ අවුලක් නැහැ"
"එහෙම හරි යන්නේ නැහැනෙ යමු යමු නැත්නම් හරි නැනේ "
"අවුලක් නැ යාලු කවුරු හරි මේ වගේ කට්ටක් කද්දී දැක්කොත් උදව් කරන්නකෝ ඒ ඇති"
මම එහෙම කියලා උගේ බයික් ස්ටාර්ට් වෙනවද කියලත් බලලා තමා ආවේ පව් වැඩේ මම නතරකරේ නැත්නම් මේ වැස්සේ කවුරුත් නතරකරන්නේ නැහැ උදව් කරන්න. ආපහු වැස්සේම මම තෙමිගෙන ගෙදර ආවා දොර ගාවට යද්දී මතක් වුනේ මගේ යතුර මට අරන් යන්න බැරි වුනානේ කියලා හුටා පෝච්චි මල් පෝච්චි මාර කට්ටක් කන්න වෙන්නේ දැන් වාහම මම මෑණියන්ට දුන්නා ඇමතුමක්
"හෙලෝ අම්මේ බලන්නකෝ මගේ යතුර ඇතුලෙනේ මම මේ හොදටම තෙමිලා ඉන්නේ "
"අයියෝ බලන්නකෝ මේ ළමයින්ගේ සිහිය ඉතින් දැන් ඉතින් එන්න කඩේට මගේ යතුර දෙන්නම්"
"අනේ අම්මේ දැන් ඔච්චර දුර එන්න බැහැ හොදටම වහිනවා දැනුත් තෙමිලා ඉන්නේ අසනීප වෙයිද දන්නේ නැ එවන්නකො යතුර කාගේ හරි අතේ "
හරි හරි මම එවන්නම් කියලා මට තව පොඩ්ඩක් බැනලා තිබ්බා දැන් ඉතින් යතුර කොල්ලුපිටියේ ඉදලා එනකම් ඉන්නත් එපයි ඔහේ කැරකි කැරකි ඉද්දි තමා අවුරුද්දට ගෙනාපු අහස් කුරු ටික දැක්කේ ආවා පුංචි මොලේට කුරුවල් අදහසක් වට පිට බලලා හැදුවා ලෝන්ච්පෑඩ් එකක් වැඩි කතා ඕනි නැහැ බලන්නකෝ වීඩියෝ එක
ප.ලි
මනුස්සයෙක් කරදරේ වැටුන වෙලාවට අහක බලන් යන්න එපා උදව් කරාට මොකුත් හම්බවුනේ නැතත් කවදා හරි අපිට ලස්සන මතකයක් හරි තියනවා විශේෂයෙන් බයිසිකල් පදින අය අනිත් බයිකර්ස් ලා කරදරේ වැටුනාම උදව් කරන්ඩ ප්ලීස් දන්නවනේ කට්ට
10 comments:
ea manusayata loku padamak uba kiyala duna.(oyata mage salute eka).
Jayawewa.
මට නම් පැට්රොල් නැතිව බයික් තල්ලු කරන උන් දැක්කම හරිම තරහයි. බයික් එකකට ලීටර් 5ක් ගැහැව්වම කොච්චර දුවන්න පුලුවන්ද? අඩු තරමේ කිලෝ මීටර් 150, කාර් එකේ යන්න පුළුවන් කිලෝ මීටර් 35යි නැත්නම් හතළිහයි. ඉතින් ඉන්ධන නැතිව කාර් මග නොහිටන විදියට දුප්පත් අපි සැලසුම් කරනවා නම් ඇයි මොරට සයිකලයට සැලසුම් කරන්න බැරි?
@ WMK
යමක් කියන්න කැමතියි.බයික් එකකට ලීටර් 5 ක් පෙට්රල් ගහපු මිනිස්සු හිටියෙ අතීතෙ.දැන් ඉන්නෙ උදේට රුපියල් 100ක පෙට්රල් ගහගෙන වැඩට ගිහින් එන මිනිස්සු.අනික ගොඩක් බයික් වල පෙට්රල් මීටර් නැහැ.රිසව් වැටුනට පස්සෙ හිතෙ සෝදිසියෙන් කොතන නවතීද හිතාගෙන යන්න ඕනෙ ෂෙඩ් එකක් හොයාගෙන.ෂෙඩ් එකක් හොයාගන්න කලින් බයික් එක නතර උනොත් ඔබතුමාලට කොච්චර තරහ ගියත් ෂෙඩ් එකක් හම්බෙනකං තල්ලු කරන්නම වෙනවා.
ඉතින් ඔබතුමාට ආයෙමත් බයික් එකක් තල්ලු කරගෙන පාරෙ යන මිනිහෙක්ව දකින්න ලැබුනොත් පොඩ්ඩක් ඒ මිනිහගෙ පැත්තෙනුත් කල්පනා කරල බලන්න.සමහර විට ඔබතුමාට තේරේවි ඇයි එහෙම වෙන්නෙ කියලා.
ඔබ කියන දේත් ඇත්තක් තියෙනවා. ඒත් දුප්පත් නිසා තමයි ටැංකිය පිරෙන්න ඉන්ධන ගහන්න ඕනෑ. එතකොට වාෂ්ප වෙලා ඉන්ධන අඩුවෙන එක නවතිනවා. අනෙක ෂෙඩ් එකේදී වෙන හොරකම් වලින්ද තරමක් දුරට මිදෙන්න පුළුවන්.රුපියල් ගන්නට ඉන්ධන ගන්නවා වෙනුවට ලීටර් ගණනට ගහන්න පුරුදු උනොත් නියමිත ඉන්ධන ප්රමාණය ලැබෙනවා. අනෙක අමතක උනා වාගේ පොම්පෙන් ටිකක් ඇතින් නැවැත්තුවාම ඔක්කොම ඉන්ධන ටික ටැංකියට එනවා. මම මේ ටික කිව්වේ දුප්පතෙක් කොහොමද වාහනයක් පාවිච්චි කරන්න ඕනෑ කියල කියන්නයි. මොකද මමත් දුප්පතෙක් නිසා.
කොහොම හරි යතුර හම්බවෙකං අහස්කූරු යව යව හිටියද?
ඔය බයිකර්ස්ල ගැන අනික් වාහන කාරයො ගනං ගන්නෙ නැත්තෙ බයිකර්ස්ලගෙං සමහරක් පාරෙදි කරන වැඩ නිසා තමයි.
@ WMK
පෙට්රල් ෆුල් ටැංක් ගහන්න ඕනි කියන දේට මම එකගයි එත් ඉතින් කොච්චර ප්ලෑන් කරත් වැඩ වරදින අවස්ථා තියනවා උදා මම බයික් එක ගත්ත අලුත ටැංකියේ තෙල් බාගයක් තියෙද්දී ගෙදර එන්න අවා ගෙදර පෙනී පෙනී තියද්දී නතර වුනා බලද්දී චෝක් එක ඇදලා තිබිලා තියෙන්නේ අලුත් බයික් එක හින්දා මට මීටර් වුනේ නැහැ කොහම වුනත් අදහසට ස්තුතියි බයික් වලට විතරක් නෙමේ මනුස්සයෙක් අසරණ වුනාම උදව් කිරීම තමා වටින්නේ ජය වේවා
@ ප්රසන්න
ඔව් ඔව් ඊට පස්සේ ෆෝන් එකට මුණ ඔබන් හිටියා ඉතින් ස්තුතියි මේ පැත්තේ ආවට
බයිකර්ස්ලා උදව් කරන හැටි අහන්න එපා බං.
උන් නවත්තන්නේ නෑ :(
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
උදව්වක් අවැසි කෙනෙකුට උදව් කිරීම ඉතාමත් වටිනා ක්රියාවක්...එවැනි විටෙක මමත් පසුබට වෙන්නෙ නෑ කවදාවත්....බයික් එකක තෙමි තෙමී යද්දි තියෙන ෆන් එක ගැන නම් කියලා වැඩක් නෑ....ඒක විදලම බලන්න ඕනෙ දෙයක්...
මට මේක සෙට් වුණේ අදමද කොහෙදෝ... මොනවා වුණත් මනුස්සයෙකුට උදව් කරන එක ආත්මීය ප්රීතියක් වෙනවා හැම වෙලාවකම. සමහර වෙලාවට වදින්න ගියාම ඉහේ කඩා වැටෙන දේවාලත් නැතුවම නෙවෙයි.
Post a Comment
කැමතිනම් විතරක්