බටහිර සුපිරි නිලියන් අදින අපේ කෙල්ලන් ලැජ්ජාව නිසා නො අදින ඒ සුන්දරවු රෙද්ද


asammathaya

asammathaya

හොලිවුඩයේ නිර්මාණයක් වන, ලොව පුරා ජනප්‍රිය සිනමා නිර්මානයක් වන “අයන් මෑන් 3 – Premiere” චිත්‍රපටය එළිදැක්වීමේ උත්සව අවස්ථාව පසුගියදා පැවති අතර එහි රගපෑ හොලිවුඩ් නිළි බෙලා ‍තෝර්න් ලංකාවේ කෙල්ලන් අද පිලිකුලින් දකින ඇදුමක් වන රෙද්ද සහ හැට්ටයකින් සැරසී රතුපලස මත සිට ඡායාරූප සදහා පෙනීසිටි අකාරය ඉහත දැක්වෙනවා.

අපේ කෙල්ලෝ බටහිර ඇදුම් ආයිත්තම් ඇදගෙන යන්තම් විලිවහගෙන බලන අයගේ රාගය, හැගීම් අවුස්සනවට වඩා මේ සරල ඇදුම කොච්චර ලස්සනක් කෙල්ලෙක්ට එක් කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. නිකමට හිතන්න පොඩ්ඩක් නිර්මාණශීලි උනා නම් මේ ඇදුම කාර්යාලයට යන අයට සාරියට වඩා ලස්සනට හිටීවි.

 

 

2 thoughts on “බටහිර සුපිරි නිලියන් අදින අපේ කෙල්ලන් ලැජ්ජාව නිසා නො අදින ඒ සුන්දරවු රෙද්ද

  1. fkjd පවසයි:

    නිකන් මොකට බොරුවට අපේ උන්ට බනිනිනවද.. මේ තියෙන සමාජ ක්‍රමේ අනුව
    ඕක ඇදන් කෙල්ලෙක්ට පාරේ තියා, ගෙදරවත් ඉන්න පුලුවන්ද මං අහන්නේ….?
    කෙල්ලොන්ට බැන්නට ඔබ තුමාවත් අඩු තරමේ සරමක් ඇදන් පාරට බහිනවද

    • ඔබ කියන කතාව ඇත්ත, අද සමාජයේ එවුන් මේ වගේ ඇදුමක් තියා සරමක් අදින එකාටත් සලකන්නේ ගොඩයෙක්, නූගතෙක් කියලා. ඒත් ජනාධිපති හරි ඇමතියෙක් හරි සරම අදින්නේ නැතිනම් ඉලගපාර ඡන්දෙනුත් පරදිනවා. ඉතින් මේ රෙද්ද හැට්ටෙට කවර කතාද?

      මම බොහෝම හොදට සරම අදින්න දන්න කෙනෙක් ඒවගේම සරම ඕනම තැනකට බයනැතුව අදින කෙනෙක්. ඇයි මොකො මම සරම ඇන්දාම වැහෙන්නේ මගේ ඇග මිසක් බලාගෙන ඉන්නෙ අයගේ නෙවෙයිනේ. ඒනිසා මට සරම අදින්න අවුලක් ඇත්තේම නැහැ.

      ඒවගේම සරම අදින්නේ සිංහල විතරක් නෙවෙයිනේ අනිත් ජාතිනුත් අදිනවනේ. ඒ අයට ඒ ජාතියේ අය පහත් කරලා සලකන්නේ නැහැනේ. නමුත් සිංහල අපේ එවුන්ගෙන්ම තමයි අපේ කමට නිග්‍රහ කරන්නේ. අනිත් ජාතීන්වල කාන්තාවෝ එයාලෙගේ සාම්ප්‍රදායික ඇදුම කොහොමත් අදිනවා.

      මම මෙතන කියන්නේ මේ ඇදුම අමු අමුවෙම අදින්න කියලා නෙවෙයි මිත්‍රයා. ටිකක් වෙනස් කම් එක්ක මේ ඇදුම හදලා ගත්තනම් එතනත් ෆැෂන් එකක් තියනවා.අනික අපේ කම ගැන කෑගහන ඈයෝ කවදාවත් ඒවා කටින් පිළිපදිනවා මිසක යතාර්ථයේ කරන්නෙ යන්නේ නැහැ.

      ඔබ කියනවා නම් ගෙදර දොරේදි මේ ඇදුම අදින්න බැහැ කියලා ඒක මමත් පිලිගන්නවා. දැන් ඒකට කොට කලිසම තියනවානේ කෙල්ලොන්ට නේද? ඒත් දෙමළ මුස්ලිම් අය එයාලගේ සාම්ප්‍රදායික ඇදුම තමයි තාමත් අදින්නේ. තාම අවුලක් වෙලා නැනේ එයාලට. නමුත් අපි පවතින සමාජය එක්ක ගෙදරට කොට කලිසමක් ඇන්දාට මම වරදක් දකින්නේ නැහැ. නමුත් විශේෂ උත්සව වලදි අපට මේ රෙද්ද හැට්ටේ ටිකක ගැලපෙන විදිහට හදලා ගත්තානම් ටිකක් නිර්මාණශීලි වෙලා එතනත් වෙනසක් තියේවි.

      මොකද දැන් කෙල්ලෝ රෙද්ද හැට්ටේ අදින්නේ අවුරුදු උත්සව වල අවුරුදු කුමාරි තරගෙට විතරයි. එතනම පේනවනේ ලස්සන කියන එක බිකිනියක් ඇදලා බලනවට වඩා වෙනසක් තියනවා කියලා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න