පෝස්ටරය හංවැල්ල නගරයේ තැන් තැන්වල මේ දිනවල අළවා තිබෙන්නෙකි. එමගින් කියැවෙන්නේ දක්ෂ තරුණ එම්බීබීඑස් වෛද්‍යවරයෙකු වෛද්‍ය මධ්‍යස්ථානයක ප්‍රතිකාර කරන බවත් එයට පැමිණෙන ලෙසත්ය. මෙම පෝස්ටරය ගැසුවේ වෛද්‍යවරයාද නැතිනම් අදාළ මධ්‍යස්ථාන හිමිකරුද නොදනී.
එහෙත් වෛද්‍යවරයාගේ අනුමැතිය එයට ලැබී ඇතිවාට සැක නැත. වෛද්‍යවරුන් වෙනුවට දැන් වෙදමුදලාලිලා සිටින බවක් නම් පෝස්ටරය බැලූවිට පෙනී යන්නකි.
අද කාලයේ ලංකාවේ බොහෝ ක්ෂේත්රවල වෘත්තීය විනය හා ගරුත්වය පිළිබඳ නැවත සිතන්නට සිදුව තිබෙනවා.