1970-77 රජය, ජාතිය ගෙනගියේ ඉදිරියටයි! – It was a “Golden era”, I bet

Sirimavo

මාතලන් ගේ ලිපියකට ප්‍රතිචාරයක් ලෙස බුවා දැක්වූ අදහසක තිබූ පහත වාක්‍ය ඛණ්ඩය දැක ඇතිවූ කම්පනයෙන් මෙම ලිපිය ලියැවේ

“සිරිමා විසින් අන්ත ගෝත්‍රික ජාතියක් බවට ඇදගෙන යමින් තිබු රට”

සිරිමා බණ්ඩාරණායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණ රජය මෙරට ගෙන ගියේ අනාගතයටයි. වෙන කවරදාකටත් වඩා අනාගතයටයි. ඒ කෙසේදැයි අප එකින් එක කරුණු විමසා බලමු.

1972 ආණ්ඩුක්‍රම ව්‍යයවස්ථා සංශෝධනය

අප රට පූර්ණ වශයෙන් නිදහස් ජනරජයක් බවට පත් උනේ 1972 ව්‍යවස්ථාව මගිනි. 1948 දී ඩොමිනියන් තත්වය ලබා තිබුණ ද එතෙක් අප රට පැවතියේ අර්ධ වශයෙන් බ්‍රිතාන්‍ය කිරීටයට යටත්වය. ඒ හස්තයෙන් මුලුමනින්ම නිදහස් වීමී ගෞරවය සිරිමා  බණ්ඩාරනායක මැතිණිය ප්‍රමුඛ සමගි පෙරමුණු රජයට ද අචාර්ය කොල්වින් අර් ද සිල්වා මහතාට ද හිමි විය යුතු. එමෙන් ම  මූලික මිනිස් අයිතිවාසිකම් පිලිබඳව ලංකාවෙ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මුල් ම වරට ඇතුලත් වන්නේ ද 1972 දීය. මෙය රට ඉදිරියට යාමක් ද නැද්ද?

තෙල් ජනසතුව සහ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව.

1970 වනවිට මෙරට ඛනිජ තෙල් වෙලඳ ඒකාධිකාරය පැවතියේ ෂෙල් සමාගම සතුවය. එය ෂෙල් බූවල්ලා ගෙන් නිදහස් කර ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පිහුටුවීමේ ගෞරවය ද හිමිවන්නේ සමගි පෙරමුණු රජයට ය.එපමණක් නොව පිරිපහදු කරන ලද ඛණිජ තෙල් වල අවසන් නිශ්පාදන  (ඩීසල්, පෙට්‍රල්, භූමිතෙල්….) වෙනුවට බොර තෙල් ආනයනය කොට, ඒවා මෙරට දී පිරිපහදු කිරීමට සපුගස්කන්ද තෙල් පිරිපහදුව පිහිටුවන්නනේ ද මේ රජය යි. මෙය රට  ඉදිරියට ගෙනයාමක් ද ආපස්සට ගෙනයාමක්ද? ඛනිජ තෙල් කර්මන්තය ඇරඹුණේ ද ඒහරහා ඛනිජ තෙල් වල අතුරු නිශ්පාදන රැසක් ( LPගෑස් ද ඇතුලුව) මෙරට ඇතිවන්නෙ ඉන් අනතුරුවය. මෙරට ජනතවගේ පරිභෝජනයට අවශ්‍ය එම නිශ්පාදන ආනයනයට වැය වූ විදේශ විනිමය රටට ඉතිරි වූ බව ද අලුත් රැකිය අවස්ථා රැසක් තෙල් ජනසතුව හරහා බිහිවූ බව ද නොකිවමනාය. මේ ජාතියේ ඉදිරි ගමනක් ද ආපසු යෑමක් ද? තීරණය කිරීම ඔබට භාර කරමි.
අද වන විට, තෙල්පිරිපහදු අකර්මන්‍යය කොට, ඩීසල් පෙට්‍රල් අනයනය කරමින්, ඉන්දියන් ඔයිල් කොම්පැණියට තෙල් ටැංකි හා බෙදාහැරීම (2/3ක් වියයුතුයි) පවරා, LP ගෑස් යලිත් ෂෙල් බූවැල්ලාට ම භාරදී පසුකාලීනව විවිධ රජයන් කලේ ඉදිරියට යාමක් ද? ආපස්සට යාමක් ද? (අද නම් බාල තෙල්, හෙජින් සූදූ ආදී අතුරු කතා රැසක් ම මීට ඇතුලත්ය)

මහවැලි ව්‍යාපාරය

මහා ජලස්කන්ධයක් රැගෙන, කිලෝමීටර 300 ක් මග ගෙවා ගෙන නිකරුනේ මුහුදට ගලාගිය මහවැලි ජලය උතුරට හරවා රජරට වී වගාව දියුණු කිරීම සමගි පෙරමුණු රජයේ සංකල්පයකි. වසර 30 ක දීර්ඝ කාලීන සංවර්ධන යෝජනා ක්‍රමයක් ලෙස පොල්ගොල්ල හැරවුම් වේල්ල ඉදිකරමින් මේ ව්‍යාපෘතියේ මුල් පියවර තැබුවේ සිරිමා බන්ඩාරණායක මැතිණිය යි. මීලඟට බලයට පත්වූ එ.ජා.ප රජය මහවැලි ව්‍යාපෘතිය අත් හැර නොදැමීම අගය කලයුතු උව ද (UNP රජයේ විශාලතම සංවර්ධන යෝජනා ක්‍රමය වූයේ ද මෙයයි), වසර 30ක ව්‍යාපෘතිය වසර 6 කට හකුලුවා “කඩිනම් මහවැලිය” බවටපත් කිරීම විවාදාපන්නය. විශේෂයෙන් ම  පරිසරය හා සම්බන්ධ ව්‍යාපෘතියක් බැවින් කඩිනම් කිරීම තුල පරිසර හානිය ද වැඩිය. වසර 30 ක දීර්ඝ කාලීන ක්‍රියාවලියක දී පරිසර හානිය විශාල නොවන්නේ පරිසරයට තම විසින්ම තම හනිය ප්‍රති පූරන කිරීමට ප්‍රමාණවත් කාලයක් ලැබෙන බැවිනි. කෙසේ උව ද ජනතාවට ප්‍රතිලාභ ලැබීම ඉක්මන් වීම කඩිනම් මහවැලියයේ සාධනීය ලක්ෂනය යි.
UNP රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කල ද පොල්ගොල්ල වේල්ල ඉදිකරමින් මෙම ව්‍යාපෘතිය අරඹා කෘශිකාර්මික නවෝදයකට ද , අදටත් ලබදායී ම ශක්ති ප්‍රභවය වන ජල විදුලි බලාගාර හරහා රට නව ලොව වෙත ගෙන යාම ඇරඹුවේ සමගි පෙරමුණු රජය නොවේද? මේ ඉදිරියට යාමක් ද පසුපසට යාමක් ද?

විදුලිය පරිභෝජනය කරන සමස්ථ ජනතාව ද (පරිඝනකය ඉදිරියේ වාඩී සිටින ඔබ ද මා ද ඇතුලත්ව), මහවැලි කලාප වලින් එන බත් ඇටයක් හෝ ආහරයට ගෙන ඇති සියලු දෙනා ද, මහවැල් ගොවිජනපද වාසීන් ද ඒ අතින් සමඟි පෙරමුණු රජයට සිය කෘතඥතාව දැක්විය යුතුමය. (නොබෝදා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 150 ක් එක්කළ ඉහල කොත්මලේ ජලවිදුලි බලාගාරය ද විවිධ භාධා කිරීම් නිසා ප්‍රමාද වූ මහවැලි ව්‍යාපාරයේ ම අවසන් විශාල ජලාශය බැව් බොහෝ දෙනා දන්නේ නැත)

ජනවසම

ජනතා වතු සංවර්ධන මණඩලය හරහා වැවිලි කර්මාන්තය රජයට පවර ගත්තේ ද ඒ හරහා විදේශයන්ට ඇදී ධනස්කන්ඩය මෙරට රඳවා ගත්තේ ද සමගි පෙරමුණු රජයයි. අද වනවිට නැවත මේ වතු වල පරිපාලනය පුද්ගලික අංශයට පවරා ඇත. කඳුකර තේ වතු වල පිවිසුම් මාර්ගවත් නිසි ලෙස නඩත්තු නොකරමින් මේ සමාගම් වතු වලින් ලාභ ලබයි.

රාජ්‍ය සංස්ථා

ශ්‍රී ලංකාව සාපේක්ශව ස්වභවික සම්පත් බහුල රටකි.  මෙරට යුරෝපීය අධිරාජ්‍යය වාදීන් ගේ ග්‍රහනයට නතු වූ පසු  (විශේෂ ම බ්‍රිතාන්‍යය) මේ සම්පත් වලින් සමහරක් නෙලාගනු ලැබිණි. ‍යුරෝපයේ ඇතිවූ කර්මික විප්ලවයෙන් පසු යුරෝපා රටවල් දේශගවේශනයේ යෙදුනේ ද, යටත්විජිත්කරනයේ යෙදුනේ ද තම රටවල කර්මන්ත සඳහා කාර්මික අමුද්‍රව්‍යය සොයා ය. ඒනිසා ඉංග්‍රීසින් ද මෙරට ස්වාභාවික සම්පත් එලෙසින් ම අපනය කලා මිසක් ඉන් මෙරට කර්මන්ත කිරීමට උත්සුක වූයේ නැත. ඊට ඔවුන්ට දොසක් කිව නොහැක.
ණමුත් 1948 දී නිදහස් ලැබීමෙන් පසු අපේ ම පාලකයන් ද අනුගමනය කලේ ඒ පිලිවෙතම ය. ඉන් අපගමනය වීමක් පෙන්නුම් කලේ සමගි පෙරමුණ රජය පමණි. 1970-77 යුගයේ සමගි පෙරමුණු රජය විසින් අරම්භ කරන ලද කර්මාන්ත ගනණාවකි.

පුත්තලම සිමෙන්ති  – අද හොල්සිම් 

කැළණිය ටයර් – අද පුද්ගලික අංශයේ

ඇබිලිපිටිය කඩදාසි  – අද වන විට නැත්තට ම නැතිවී ඇත

ඔරුවල වානේ  – අද චිකෝ

ගින්තොට තුනී ලෑලි – අද ගිංතොට ප්ලයිවුඩ්

වේයන්ගොඩ සහ පුගොඩ පෙහෙකම්හල් –අද වන විට නැත්තට ම නැතිවී ඇත

හිඟුරාන සිනි – (පාඩු ලබන්නක් නිසා දෝ) යලි රජයට පවරාගෙන ඇත

රත්තොට පිඟන් – නොරිටාකේ සමාගමට පවරා ඇත

මේ කර්මන්ත ශ්‍රී ලංකාව තුල ඇරඹීම රට ඉදිරියට යාමක් මිස ආපස්සට යාමක් වන්නේ කෙසේද? නමුත් අද වනවිට ‍‍මේ බොහොමයක් ආයතන දුර්වල පලනය නිසා ගරා වැටී තිබීම හෝ පුද්ගලික අංශයට පවරා තිබීමම නම් ආපස්සට යාමක්මය. සමඟි පෙරමුණු රජයට පසු පත් වූ රජයන් සමහර ආයතන මුදලට විකුණා මඩි තර කරගත්තේ රත්තරන් බිජු දාන කිකිලිය ගේ කතාව සිහිපත් කරමිනි.

එසේම ලක් ඉතිහාසයේ අයවැය පරතරය ශුන්‍ය වූ අයැවැයක් ඉදිරිපත් කලේ ද සමගි පෙරමුණු රජයයි. මහාචාර්ය සේනක බිබිලේ මහතා ගේ මූලිකත්වයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව හා ඔසුසල පිහුටුවන්නේ ද සමගි පෙරමුණූ රජයයි. (බිබිලේ මහතා ගේ අකල් වියෝවෙන් දශක 4කට පසු අද වන විටත් “සේනක බිබිලේ ඖෂධ ප්‍රතිපත්තිය“ ක්‍රියාත්මක කරගත නොහැකිව රජය තටමයි.

ඉඩම් ප්‍රතිසංස්කරන කොමිසම හරහා අක්කර 50ට වැඩ් ඉඩම් රජයට පවරාගෙන ඒවා ජනතාව අතට පත් කළේ ද මේ රජයයි. මෙයින් අගමැති සිරිමා මැතිණීය, හෙක්ටර් කොබ්බෑකඩුව බඳු අමාත්‍යවරු ද තම පාරම්පරික දේපල අහිමි කරගත්හ. 1970 රජයේ අවසානයත් සමගම මේ ජනහිතකාමී මහත්මා දේශපාලනයේ අවසාන ද සනිටුහන් වීම ජනතාවගේ අහේතුවයි.

මෙතරම් ජනතවාදී රජයක් මීලඟ මැතිවරණයේදී පාර්ලිමේන්තුව තුල 1/6 ක වත් බලයක් නොමැතිව පරාජය වුයේ ද  UNPය 5/6 ක විශාල ජයග්‍රහනයක් ලැබුවේ ද මන්දැයි පාඨක ඔබට සධාරණ ගැටලුවක් ඇතිවාට සැක නැත.

මුලින් ම කිව යුත්තේ 1977 මැතිවරණයෙන් UNPය පාර්ලිමෙන්තුව තුල 5/6 ක බහුතරයක් ලැබීම එවකට ක්‍රියත්මක වූ මැතිවරණ ක්‍රමයේ විකෘතියක් මිස සැබෑ ජනමතයේ නිරූපනයක් නොවන බවය. සැබැවින් ම එදා UNP ය ලැබුවෙ 50% යන්තමින් ඉක්ම වූ බලයක් පමණි. මේ පිලිබඳව සවිස්තර වාර්තාවක් ලියුම්කරු විසින් මීට පෙර පල කර ඇත.

කෙසේ වුව ද 1977 දී සමඟි පෙරමුණු රජය පරාජයට පත් විය.ඊට හේතු කීපයකි.

    • ස්වයංපෝශිත පරිභොජන රටාව වෙත ජනතාව බලෙන් දැක්කීමට යත්න දැරීම.

    කිරිපැණි වත් ජනතාවට බලෙන් දිය නොහැක. විශේෂයෙන් ම හාල් පොලු, මිරිස් පොලු, පාන්න පෝලිම් ජනතාව නොඉවසුවා වන්නට ඇත. රොබට් නොක්ස් තම “එදා හෙල දිව” ග්‍රන්ථයේ ද දැක්වූ පරිදි අපේ රටේ  සිටින්නේ තමන් ගේ දේ පිලිඹද වටිනාකමක් නොදන්නා ජනතාවකි, මේ රටේ හොදම දේවල පල ලබන්නේ පිටස්තරයින් යයි ඔහු කීවේය .(අද ද අපේ ගැමියෝ ගෙදර ඇති පිරිසිඳු එළකිරි පිටට විකුණා ඒ මුදලින් කිරිපිටි ගෙනත් බොති). ඒ ජනතාව බලහත්කාරයෙන් නීතිරීති මගින් වෙනස් කිරීමට උත්සහා නොකොට සිටියා නම් සමඟි පෙරමුණ් රජයට යහපතක් ම වන්නට ඉඩ තිබිණි.

          2. රාජ්‍ය කාලය දිගු කරගැනීමට උත්සාහ කිරීම

    පස් අවුරුදු නිළ කාලය අවසානයේ මැතිවරණයට ඉදිරිපත් නොවී පාලන කාළය වසර දෙකකින් දිගු කරගැනීම ද, ඇත්ත පත්‍රයට සීල් තැබීම බඳු මර්ධනකාරී ක්‍රියාවන් ද රජයේ ප්‍රතිරූපය බිඳවැටීමට හේතුවන්නට ඇත. ජේ.ආර්.ජයවර්ධන රජය පසු කලෙක බන්ඩාරණායක මැතිණිය ගේ ප්‍රජා අයිතිය කෘර ලෙස අහෝසි කරනුයේ ද මේවා දඩමීමා කරගෙනය.

     කෙසේ වුව ද අවසාන ප්‍රතිඵලය වූයේ ශ්‍රී.ල.නි.ප යට වසර 17 ක් ම විපක්ෂයේ සිටීමට සිදුවීමය. විධායක ජනපති ධූරය ද ඇති කර බලවත් එ.ජා.ප රජයක ග්‍රහනයට ජනතාව ලක්වීමය.

    යලිත් මේ ලියුම්කරු අවධාරනය කරන්නේ 1970-77 යුගයේදී අපරට ජාතියක් වශයෙන් දැවැන්ත ඉදිරි පියවර රැසක් ගනුලැබුව ද ඒවා සියල්ල ආපසු හැරවූයේ පසුකාලීන රජයන් විසින් බවයි. ඒ රිද්මයේ ම අප ගසමන් කලා නම් ජාතියක් වහයෙන් විශාල දියුණුවක් ලැබීමට හැකිව තිබූ බව ලියුමුකරු ගේ පුද්ගලික අදහසයි.

    About ජයශ්‍රී

    සිංහල බෞද්ධයෙක්මි

    Posted on 22/03/2013, in මතවාද. Bookmark the permalink. 19 Comments.

    1. රාජ්‍ය ව්‍යාපාර යනු අසාර්ථක සංකල්පයකි , එනිසා ඔබ පැවසූ කිසිවක් රට ඉදිරියට ගෙන යාමක් ලෙස මා සලකන්නේ නැත . මහවැලිය එම රජයේ ව්‍යාපෘතියක් නම් එය අගය කොට සලකමි .

      • මහවැලිය එයාලගෙ සංකල්පයක් තමයි. ඔය ආන්ඩු ක්‍රම ව්‍යවස්ථාව හැදුවේ කොල්වින්. ඉතින් ඒ නිසා වෙන දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැබයි මහවැලිය යෝජනා ක්‍රමය 30 අවුරුදු ප්ලෑන් එකක්. ඒකනම් හොඳ යෝජනාවක් බව නම් කිව යුතුයි. පප්පා එක කඩිනම් කරලා. අන්තිමෙදි ලංකාවේ කාළගුණෙත් වෙනස් කලා.

      • @ බුවා, අඩු ම තරමින් ශ්‍රී ලංකාව ජනරජයක් වීම, මූලික මිනිස් අයිතිවාසිකම් ව්‍යවස්ථාවට ඇතුලත් කිරීම, (රාජ්‍ය ව්‍යාපාර එක්ක ඔච්චරම තරහයි නම් අයිතිය කාගේ ද යන්න අමතක කර) ඒ කර්මාන්ත ඇරඹීම වත් රට ඉදිරියට යාමක් ලෙස ඔබ දකින්නේ නැද්ද?
        පොල්ගොල්ල හැරවුම් වේල්ල ඉදිකරමින් මහවැලි ව්‍යාපාරය ඇරඹුවේ සිරිමා මැතිණිය. මා කුඩා කළ පොල්ගොල්ල වේල්ල අසල අදාල සිහිවටන පුවරුව දක්නට තිබුණා. නමුත් ඉතිහාසය මකා දැමිය හැකියයි සිතන මුග්ධ පාලකයින් මේ සිහිවටන පලක පවා පසු කලෙක විනාශ කළා.ඒත් සත්‍යය විනාශ කරන්න බෑ.

        • ශ්‍රි ලංකාව ජනරජයක් වීම නරකයි කියා මා කියන්නේ නැත , නමුත් භාහිර ලෝකයාට විවර නොවූ සංවෘත ආර්ථික ක්‍රමයක් තුලින් රටක් ගෝත්‍රික භාවයට ඇදෙගනවා යන්න ඒ තුලින් ප්‍රතික්ශේප වන්නේ නැත . මැතිණියගේ සංවෘත ආර්ථිකයේ ගුණ වැයු බොහෝ දෙනෙකුට මා පවසා ඇති පරිදි ඔබටත් කියන්නේ චානුක වත්තේගම මහතාගේ සිහි සටහන් බ්ලොග් අඩවියේ අසූව දශයකය අග භාගය වන විටත් සංවෘත ආර්ථිකයක් අනුගමනය කරමින් තිබු ඉන්දියාවේ සහ විවෘත ආර්ථිකය වැලඳගත් ශ්‍රි ලංකාවේ වෙනස පිලිබඳ සංසන්දනය කෙරෙනා පහත ලිපිය කියවන ලෙසයි
          http://sihisatahan.wordpress.com/2011/04/07/blogpost6/
          රාජ්‍ය ව්‍යාපාර පිලිබඳ සංවාදය ඉතා දිගු විය හැකි බැවින් මෙතනදී වැඩි විස්තර කථා කිරීමට බලාපොරොත්තු නොවෙමි

    2. රාජ්‍ය ව්‍යාපාර යනු අසාර්ථක සංකල්පයක් පමණක් නොව ප්‍රයෝගික ලෝකයේ රටවල් අභාග්‍ය වෙත ඇද දමා රටේ සංවර්ධනය වල පල්ලට යැවූ සාප කලයුතු දෙයකි . අපේ රට මිට හොඳම උදාහරණයි. කලාපයේ අපට වඩා පහලින් සිටි හැම රටක්ම අප පසු කර ඉදිරියට යද්දී අප පසුපසට ගෙනගියේ මේ මුග්ධ සංකල්පය ක්‍රියාත්මක කිරීමට යෑම නිසාය.
      ඉහත ඔබ ලැයිස්තුගත කරන ලද කර්මාන්ත සියල්ල නැත්තටම නැතිවී යන්නට වැඩ සැලසුනේ රජය මේවා කරන්නට ගිය නිසාය. මේ කර්මාන්ත කිරීමට පෞද්ගලික ව්‍යවාස දිරිගැන්වීම පමණක් රජය කරානම් අද මේවා පිට රට සමග කරට කර තරග කරන අපනයන කරුවන්ය. ලෝකයේ කිසිම තැනක සාර්ථක නොවූ මෙවැනි මතවාද අදටත් වපුරන ඔබ මෙවන් අදහස් කියන්නේ දිගු නින්දකින් අවදිවී විය යුතුය.
      රජයක් කලයුත්තේ හිටපු උපාලි විජයවර්ධන වැනි පිටරට වෙළඳ පොළ හා තරංග කළහැකි කර්මාන්ත කරන ව්‍යාපාරිකයින් වැඩි වැඩියෙන් බිහිවෙන පරිසරයක් ඇතිකිරීම මිස රජය ව්‍යාපාර කිරීමට යෑම නොවේ. ඔබ වැනි නින්දෙන් නැගිට නැති අදහස් දරන අය තවමත් අපේ රටේ පාලක හෙජමොනිය දරයි හොඳම උදාහරණය මිහින් එයාර් පාඩු ලබන ගුවන් සේවයයි. එබැවින් තවමත් අපි ඉදිරියට යන පාටක් නැත. රටේ අභාග්‍ය ඇත්තටම පාලකයින් නොව ඔබ වැනි පසුගාමී ලෝකයේ කිසි තැනක සාර්ථක නොවූ හනමිටි අදහස් මාර අදහස් යැයි සිතන ජනතාවක් සිටීමයි.

      • ජෙමා

        සංකල්පීය වශයෙන් රාජ්‍යය විසින් ව්‍යාපාර සිදුකිරීම අසාර්ථක දෙයක් නොවේ. සියලුම රාජ්‍ය ව්‍යාපාර සාර්ථක යැයි එයින් අදහස් නොකරනමුත්, ඕනෑම ව්‍යාපාරයකට අදාළ සාර්ථක/අසාර්ථක භාවය මේවාටත් අදාළ වේ. සින්ගපුරුවේ ඇති සාර්ථක සුවිසල් සමාගම් වලින් සැලකියයුතු ප්‍රමාණයක් රාජ්‍යට අයත්(Singapore Airlines,SingTel,emasek Holdings,ST Engineering,PSA International,CapitaLand වැනි ) බව ඔබ දන්නවාද?? ඉන්දියාවේ තත්වයද මෙආකාරයෙන්ම වේ (Indian Oil, Steel Authority of India Ltd, Coal India, State Bank of India, Oil and Natural Gas Corp., NTPC Life Insurance Corp,
        Some of the companies Indian taxpayers own are true gems. Indian Oil) . ප්‍රශ්නය ඇත්තේ අදාළ ව්‍යාපාරය අයත් වන්නේ රජයට ද පෞද්ගලික අංශයට ද යන්න තුල නොවේ. එය කළමනාකරණය කරන්නේ කවුද කෙසේද යන්න මතයි. අප රටේදී බොහෝ රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වී ඇත්තේ ඒවායේ ඉහල කළමනාකාරිත්වයට පත් කරනු ලබන පුද්ගලයන් නිසි සුදුසුකම් නොලත් දේශපාලකයන් හෝ ඔවුනගේ හෙන්චයියන් වීමත්, ඔවුනගේ ඒකායන පරමාර්ථය ලැබී ඇති කෙටි කාලය තුලදී තමාගේ මල්ල හැකිතාක් පුරවාගැනීමට කටයුතු කිරීමත් වී ඇති බැවිනි. අදාළ ආයතනයේ සුභසිද්ධිය ඔවුනට කිසිසේත් අදාල නොවන්නේමය. එවන් තත්වයක් යටතේදී වුවද යම් යම් කාල වකවානු වලදී සමහර ආයතන ලාභ ලබන තත්වයට පත්කිරීමට ඒ ඒ පාලනාධිකාරීන් සමත්වී ඇති බවද දක්වනු කැමැත්තෙමි (Independent Television Network‎ ,Sri Lanka Insurance,Bank of Ceylon,සහ ජය ශ්‍රී විසින් ඉහත දක්වා ඇති සමහර ආයතන ). අනෙක් අතට ඔබ විසින් ඉහත පවසන පරිදි පෞද්ගලික අංශය ලවා ව්‍යාපාර කිරීම හොඳම සාර්ථකම විසදුම නම්, ඉහත පවරාදී ඇති එවන් බහුතරයක් තවමත් පාඩු ලබන්නේත්, සමහර ඒවා වසා දමා ඇත්තෙත් ඇයි ?කරුණාකර පැහැදිලි කරන්න. එබැවින් මවිසින් මෙහිදී කීමට උත්සාහ දරන්නේ ඔබ විසිත් ඉහත මතුකරනු ලබන ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වීමට හේතුව ඔබ දක්වන පරිදි එම සංකල්පයේ ඇති අවුලක් නිසා ඇතිවුවක් නොව අපේ සිස්ටම් එකේම ඇති අවුලේ තවත් එක් දිගුවක් පමණක්ම වන බවය. ප්‍රතිපත්ති සම්පාදකයන්, දේශපාලකයන්ගේ මන දොළ සපුරන ගණිකාවන් බවට පත්වී ඇති රටක තත්වය මීට වඩා වෙනස් වන්නේ කෙසේද මා මිතුර??

        • ඔබ එකතු කළ අදහස් වලට ස්තුතියි ජෙමා.

          ඔබ දක්වා ඇති “ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යාපාර අසාර්ථක වීමට හේතුව ඔබ දක්වන පරිදි එම සංකල්පයේ ඇති අවුලක් නිසා ඇතිවුවක් නොව අපේ සිස්ටම් එකේම ඇති අවුලේ තවත් එක් දිගුවක් පමණක්ම වන බවය“ යන්න මා උදිතට ලබාදීමට බලාපොරොත්තු වූ පිලිතුර මය.

        • //ඒවායේ ඉහල කළමනාකාරිත්වයට පත් කරනු ලබන පුද්ගලයන් නිසි සුදුසුකම් නොලත් දේශපාලකයන් හෝ ඔවුනගේ හෙන්චයියන් වීම//
          ඉතින් මේකම තමයි රාජ්‍ය ව්‍යාපාර වල අවුල.මෙහෙම කරන්න දේශපාලකයින්ට අවස්ථාව ලැබිල තියෙන්නේ ඒවා රාජ්‍ය ව්‍යාපාර නිසාම නේද? පුද්ගලික දේපල සංකල්පය සහ පොදු දේපල සංකල්පයේ වෙනස පදනම පිළිගන්නේ නැත්නම් මම කියන කතාව ඔයාට වැටහෙන්නේ නැහැ.. මිනිස් ස්වභාවය තමයි මිනිස්සු තමන් මහන්සියන් කරන දේවල් වල පතිපලය තමන්ට නෙලාහන්න බැරිනම් මිනිස්සු මහන්සිවෙලා වැඩ කරන්නේ නැහැ. අනුන් වෙනුවෙන් පොදු දේපල වෙනුවෙන් කවුරුවත් තමන්ගේ දක්ෂතාවය කැප කරන්නේ නැහැ.
          දෘෂ්ටිවාද වැලඳගෙන ඉන්නකොට සමහර තර්ක දිගින් දිගට ගෙනිහින් වැඩක් නැහැ කරලම බලන්න කියන එක තමයි කියන්න තියෙන්නේ. වැරදි වැරදි ඒකම හරියි කියා කිය නැවත නැවත එකම මෝඩකම් නැවත නැවත කරමින් ඉන්න ඔයාලට ඇති ශුද්ධ වූ අයිතියට මම එකඟයි. කරලම පෙන්නන්නකො. හැබැයි මතක තියාගන්න මෝඩ කම වැටහෙන මිනිස්සු රටින් පැනල යනවා බොරු මති මතාන්තර වෙනුවෙන් විඳවන්න හැමෝම ලැස්ති නෑ .

      • @උදිත, නැවතත් කියන්නේ මේ ලිපියේ පරමාර්ථය රජයේ ව්‍යාපාර පිලිබඳව ඇගයීම නොවන බවයි. පුත්තලමේ හුණුගල් වලින් සිමෙන්ති සෑදීම ජාතියක් ලෙස අප ඉදිරියට යාමක් බව කීමටයි මේ ලිපිය ලැයැවෙන්නේ(අද හොල්සිම් යටතේ උනත්). එම ව්‍යාපාරය රජය සතු ද නැද්ද යන්න ඒ අනුව නොවැදගත් කාරණයක්. අද කොමිස් පිට බාල පෙට්‍රල් ගෙන්වීම ආපස්සට යාමක් වන නමුත්, එදා බොරතෙල් ගෙනවිත් මෙරට පිරිපහදු කිරීම රට ඉදිරියට යාමක් බව කීමටයි මාගේ උත්සාහය.

    3. මහවැලිය යනු කෘෂිකර්මය සඳහා යටිතල පහසුකම් සලසන ව්‍යාපෘතියකි එය සහ රාජ්‍ය ව්‍යාපාර එකට දමා කතා කල නොහැක.
      ඔබ කියන මේ ලස්සන සුරංගනා කතාව ඔබ හිතන්නේ ඔබ කියන එකක් කියාය. නැත මෙය එක්තරා පරම්පරාවක් අනන්ත වාරයක් නැවත නැවත කියමින් මානසික තෘප්තියක් ලබන දෙයකි. මෙය ඔබ නැවත කියයි. මම කුඩා කල දැඩි ශ්‍රී ල නි ප 56 දරුවකු වන මගේ පියාද මේ කතාවම මට කියා ඇත. සුරංගනා කතා අසන විට සන්තෝෂයි තමයි හැබැයි මේවා ඇත්ත නොවෙයි කියල තේරුම් ගන්න තමයි මිනිස්සුන්ට විචාර බුද්ධිය කියන එක තියෙන්නේ. කොන්ඩේ බැඳපු චීන්නු පවා අද මේ සංකල්ප පිළිගන්නේ නැත. චීනා අද ලොවමටම බඩු දෙන්නේ මේ සත්‍ය තේරුම් ගත් නිසාය.
      රටේ වැවිලි කර්මාන්තය රජයට ගෙන අසාර්ථක පාඩු ලබන තේ කොම්පැනි හැදු ජනවසම වැනි දේවල් සාර්ථක හොඳ දේවල් ලෙස දකින ඔබට අමු කැවිලා විය යුතුය මේවා පාඩු ලබන කොම්පැනි වී පසුව වෙන කරන්නට දෙයක් නැතිව නැවත පුද්ගලිකකරණය කරන්න විය. ඔබ ඉතිහාසය සහ කාලය ඉගැන්වූ පාඩම් වත් නොපිලිගන්නට තරම් දෘෂ්ටිවාදයකින් අන්ධ වෙලා. රජය ව්‍යාපාර කරන්න ගියාම ටික කලකින්ම ඒවා නැත්තටම නැතිවෙලා පාඩුවෙලා ජනතා බදු මුදල්වලින් නඩත්තු වෙන ජනයාට බරක් වෙන දෙයක් වෙනවා ඒ කර්මාන්ත විදේශ වෙළදපොල හා තරඟ කරන්න තියා තමන්ගේ වියදමවත් කවර් කරගන්න බැරි වෙනවා. බුද්ධියෙන් දේවල් තේරුම් නොගැනීම මට තේරුම්ගත හැකියි ඒත් කාලය සහ ඉතිහාසය කියාදෙන පාඩම් මේ ඇස් පනාපිට සිදුවුන දේවල් පිළිගන්නේ නැති වීම අරුමයකි.
      කර්මාන්තය රජයට පවරා ගැනීම තමයි අපේ රටට ජනතාවට පාලකයෙකු විසින් සහ අපේ වැඩිහිටි පරම්පරාව අපිට කරන ලද කරන ලද සමාව නොදිය හැකි විශාලතම අපරාධය. අපි අපේ දරුවන් සහ පරම්පරාවන් දුක් විදිමින් නය ගෙවමින් රට ගොඩගැනීමට නොහැකිව අදටත් මේ ගෙවන්නේ එහි ප්‍රතිපලයි. ඒවා කරපු අදූරදර්ශී පාලකයන් පමණක් නොව අසාර්ථක රට වල පල්ලට යැවූ ඒවා මාර දේවල් යැයි උඩ දමන්නට ඔබ වැන්නන් දරන වෑයම රටට ඉතා හානිකරය.
      රටේ කර්මාන්ත රටේ මිනිස්සුන්ට කරන්න ඉඩ දෙන්න එවිට ඒවා දියුණු වේවි. රජය ඇඟිලි ගහන හැම තැනම පාඩු ලබයි . අසාර්ථකය.

      • එදා වේල කන්න කුඹුරු ගොවිතැන් තියා, මොනම ගොවිතැනක් වත් කරලා වැඩක් නෑ. එයත් ලාබ දායි ව්‍යාපාරයක් තත්වයට ගොඩ නගා ගත යුතුයි. එහිදී වඩා ලාබදායි වගාවන් තෝරාගත යුත්තේ ගොවියා මිස වගා නිළධාරියා නොවේ. වගා නිළධාරියා යනු රජයේ ස්ථිර වැටුපක් ලබනා ගල් යුගයේ උපාධිදාරියෙකි. ඌට ස්ථිර වැටුපක් ඇත. උදෑසන 10 ට පමණ සේවයට වාර්ථා කොට. 2ට පමන කසිප්පු වඩියක් ගසා ගෙදර යන කාළකන්නියෙකි. ඌට වගා පාලු උනද, නියං උනද, ගං වතුර උවද, මොන මළදානය වූවද පඩිය ලැබේ. අපේ කාළකන්නින්ට සිඳී ඇත්තේ තමා ගැන තමාට තීරනයක් ගැනීමට නොහැකිව අනුන්ගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටීමේ කාළකන්නි පුරුද්දෙන් එලියට ඒමට නොහැකිව සිටීමයි. මඩ සෝදා ගත් කල ගොවියා රජකමට සුදුසුයි කීවාට. මඩ සෝදා මී හරක් වෙනුවට නැවත් කුඹුරටම් බැස්සිය යුතු පිරිසකි.

      • @උදිත, වරද ඇත්තේ රජයේ ද පුද්ගලික අංශයේ ද යන්න මත නොවේ.ව්‍යාපාරයක් සාර්ථක වනනේ කෙසේද? මේ පැනයට ඇත්තේ ඉතාම සරල එකම එක පිළිතුරක් පමණි.

        “අයෝජනය කරන මුදලට වඩා ලැබෙන ආදායම වැඩියි නම් එම ව්‍යාපාරය සාර්ථක ව්‍යාපාරයකි“

        ශ්‍රී ලංකාවේ රාජ්‍යය ව්‍යාපාර අසාර්ථක වන්නේ ඉහත සූත්‍රය තෘප්ත නොකරන නිසා මිස ඒවා රජයේ වීම ම නිසා නොවේ. සූත්‍රය තෘප්ත නොකරන තාක් පුද්ගලික ව්‍යපාර ද සාර්ථක නැත (නමුත් පාඩු ලැබීමට හේතු සොයා ඒවාට පිලියම් කරනු මිස, පාඩු පිට දිගටම පවත්වාගෙන යාමට තරම් පුද්ගලික ව්‍යවසායකයන්ට පිස්සු නැත). දේශපාලන අතපෙවීම්, වංචා දූෂණ ආදිය නිසා රජයේ ව්‍යාපාර පාඩු ලබා අසාර්ථක වන්නට ඇත. එය වෙනම ම සාකච්චා කළ යුතු මාර්තෘකාවකි.

        මගේ ලිපියේ මුඛ්‍ය පරමාර්ථය එය නොවේ. මාගේ පරමාර්ථය වූයේ, රජයේ හෝ වේවා පුද්ගලික අංශයේ හෝ වේවා ව්‍යාපාර මගින් රටේ ස්වාභාවික සම්පත් වලින් පලක් ගෙන කාර්මික සංවර්ධනයේ දිශාවට රට යොමු කළේ සමගි පෙරමුණු රජය බව කීමයි.

    4. වැඩි විස්තර ඕන නෑ. ඒ කාළේ ජීවත් උන මිනිස්සු ඕක බොහෝම ඉහලින් අගේ කළ නිසා තමයි 5/6 අසීමිත බලයකින්. පප්පා විධායක ජනාධිපති කෙනෙක් උනේ. බන්ඩා කාපු රට, සිරිමා උලා කෑවා, දුව විස්කි බිබි බයිට් එකට ගත්තා.

      • @ මාතලන්, ඔය කියන 5/6, ඇත්තටම 1/2ක් පමණයි.

        • ආගම් යනු කුමක්දැයි මාක්ස් කියා දී ඇත. මට ඔබට ආදේශ කල හැක්කේද එම තියරිය මිස වෙන කිසිවක් නොවේ. ඔබේ කොමෙන්ට්ස් වලින් පවා ඔබේ අදහස් පිළිඹිබු වන නිසා. වැඩි දුර තර්ක කිරීමෙන් පලක් නැත. මේ රට කෑවේ බන්ඩාරනායකවරුන් මිස වෙන කවුරුවත් නොවේ.

    5. @මාතලන්,
      මම බණ්ඩාරණායකවරුන් නොඅදහමි. නමුත් සිරිමාවෝ මැතිණිය පිළබඳව මා තුල විශේෂ ගෞරවයක් ඇත.(සමහර විට මගේ පියා ගේ අභාශය නිසා වන්නට පිලිවන – එතුමිය ගේ පාලන කාලයේ මා ජීවත් වී නැති බව සැබෑය). එතුමිය පිළිඹදව වෙනමම ලිපියක් ලිවීමට අදහස් කරන නිසා වැඩිදුර යමක් නොකියමි.එක් දෙයක් පමණක් මතක් කරමි. ඉඩම් ප්‍රතිසංස්කරණ පනත හරහා එතුමිය පරම්පරාවෙන් තමන්ට හිමිවූ ඉඩම් අක්කර සිය ගනනක් අහිමි කරගත්තාය. එවන් පාලකයයෝ අප රටේ සිටිත් ද?

      • ඒවා ඔවුනගේ ඉඩම් නොව. සුද්දාගෙන ලැබුනු නින්ද ගම්ය. පවුලේ ඔක්කෝටම හා ගෙදර වැඩ කරන උන්ටත් අක්කර 50 ගානේ බෙදුවා මිසක් මහ ළොකු දෙයක් දුන්නේ නෑ. ඔබ ඒ කාළයේ ජීවත් නොවි. කෙනෙක් කියපු දේ ලියයි. අප ඒ කාළයේ අපා දුක් විඳි පිරිස් වන්නෙමු.

    6. ගණිතය විෂය හොඳින් දියුණු වුනා!
      ළමයි හයේ පන්තියේදීම බූලියන් ඇල්ජිබ්රා ඉගෙන ගන්න පටන් ගත්තේ ඒ කාලේ!

      • එ කොහොමද? syllabus revise එකක් නිසාද?
        බූලියන් ඇල්ජිබ්රා ඉගෙන ගත්ත මතකයි Physics වලට.අර AND, OR, NOT logic gates තියෙන්නේ ඕකේ නේද?

    ඔබේ අදහස් දහස් වටී ....................