හරි අපූරු රටක් තියෙනවා ඕයි!
වෙන විශ්වෙක ඈත කොනේ
හරි අපූරු රටක් වෙතේ
හොරු රකින්න නීති ඇතේ
හොඳ වැඩ එහෙ කළොත් හිරේ
ආගම රැස රකින ලෙසේ
‘සේනා’ නම් නමක් ඇතේ
නීතිය ගෙන අතට සැපේ
උඩට යටට වනනු ඇතේ
හරකුන් හිස ගසනු නැතේ
අහු උනොතින් මරනු ඇතේ
බාබකියු ය රෑට සැපේ
කැහැටු කුකුළ් නිවන් යතේ
කාකි ඇඳුම් එහෙත් ඇතේ
සේනා පසු පසින් යතේ
නීතිය උඩ දමන දෙසේ
කට බලියං බලන් ඇතේ
චංගුමි රෑ ඇඳට එතේ
උයා පිහා කවනු ඇතේ
බඩු මිල හඳ දෙසට ඇදේ
ජහමනයට ගණන් නැතේ
පිස්සු යක්කු බලයේ ඇතේ
උන්ගේ මළු පිරෙනු ඇතේ
උගේ දරුවන් සූර් වෙතේ
ජොලියට වලි දමනු ඇතේ
රට වලටම තවත් යතේ
ඒත් ඉතිං කමක් නැතේ
ලොවෙම උතුම් රටක් ලෙසේ
නමක් දමන් සතුටු වෙතේ!