හසංගිට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..


asammathaya

හසංගි…. ඇය මට හම්බ උනේ Microsoft Student Champs කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට.  ඇය ඉතා දකෂ සිසුවියක්, ඒවගේම හුරතල් කෙල්ලෙක්. ඇය එක්ක ඉන්නකොට හරියට පුන්චි බබෙක් එක්ක ඉන්නවා වගේ තමයි. හැමෝම සතුටින් හිනස්සවලා තියන්න පුදුම දක්ෂතාවයක් ඇයට තිබුනේ.

කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගි නංගි දැන් මාස 6 පමණ සිට තද බල හිසේ කැක්කුමකින් පෙලුනා. මිග්‍රෙන් ලෙස සක කල අතර ඒ සදහා නොකඩවා ප්‍රතිකාර ලබා ගත්තද සුවයක් නොවූ තැන  MRI ස්කෑන් පරීක්ෂණයකට යොමුවුනා. එහි වාර්තාව අනුව ඇගේ පිටියුටරි ග්‍රන්ථිය ඉදිමිමකට ලක්ව ඇති අතර එය පෙනීම සම්බන්ද ස්නායුවකට තෙරපුමක් ඇති කරමින් පවතී.. සැත්කමක් නොකළහොත් එම නිසා සදාකල් පෙනීම නැතිවී යෑමටද ඉඩ ඇති බව වෛද්‍ය මතයයි හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

මෙය කිසිම ආකාරයේ අසත්‍ය තොරතුරක් නොවන අතර ඉදිරියේදී එම සහතික ඔබට ඉදිරිපත්කිරීමට අප සූදානම්.. එහෙයින් යමක් පිළිබද වැඩි විස්තර දැනගැනීමට අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.. එමෙන්ම අපට INBOX කිරීමෙන්ද ඔබට තව අවශ්‍ය විස්තර ඇත්නම් ලබාගත හැකියි..

විමසිය හැකි අය..

නිමේෂ් ගමගේ (https://www.facebook.com/NimeshGamage)
හෝ
අසංක හෙන්දහේවා(https://www.facebook.com/asankahendahewa)
හෝ
අසන්ත මෙන්ඩිස්(https://www.facebook.com/asanthachristina)
සම්බන්ධ කරගත හැක.

මේ ඇය වෙනුවෙන් පිහිටවූ ගිණුමයි.. ඔබේ ආධාරය ඇය වෙනුවෙන් ලබා දෙන්න..

ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

ගිණුම් අංකය – 100953703167
නම – N.R.R.Gamage
බැංකුව- සම්පත් බැංකුව නවම් මාවත
ශාඛා අංකය-009

asammathaya

උපුටා ගැනීම – බස් රේඩියෝ

2 thoughts on “හසංගිට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..

  1. හසන්ගි පවසයි:

    ගොඩක් ස්තුතියි මට උදව් ඕනෙම වෙලාවේ උදව් කලාට. ඔයාල හැමෝගෙම උදව් නිසා අද මං මේ කමෙන්ට් එක දාන්න ඉන්නේ. මං වෙනුවෙන් කරපු හැම පුංචි ලොකු දෙකටම ගොඩක් පිං. උදව් කරන්න හිතපු සිතිවිල්ලක් ගානේ ඔයාලට පිං..

    • නංගා අපි හැමදාම ජීවත්වෙන අය නෙවෙයි. ඒත් ඉන්න ටික කාලෙදි අපිට අනිත් වෙනකෙනක්ගේ දුකේදි පිහිටවෙන්න පුළුවන් නම් ඒක ලිකු පිනක්. ඔයාට උනා වගේ හෙට මට වෙන්න පුළුවන්, ඒ නිසා ඔයත් මේ ලැබුනු අළුත් ජීවිතය අනෙක් අයට යහපතක් කරන්න මහන්සිවෙන්න.

      ඔබට සුබපැතුම්.

ප්‍රතිචාරයක් ලබාදෙන්න