Monday, January 21, 2013

ඉන්දියාවේ සංචාරේ - මා දුටු ගුවන් සේවිකාවෝ : P

ගුවන්සේවා ගැන කියනකොට මතක් වෙන්නේ මොනවත් නෙමේ ගුවන් සේවිකාවෝ ! මම ඉතින් එහෙම කිව්වොත් කවුරුවත් ඉතින් නෑ කියන එකක් නෑ කියලා හිතනවා.


ගුවන් සේවිකාවන් / සේවකයන් ඒ ඒ ගුවන් සේවාවන්ට සුවිශේෂියි. ඒ වගේම තමා මම තේරුම් ගත්ත දෙයක් තමා සමහර ගුවන් සේවා වල ගමන් කරන පංතිය අනුවත් ගුවන් සේවක සේවිකාවන් වෙනස් වෙනවා.

මුලින්ම කියන්න යන්නේ මම දැකපු ලස්සනම ගුවන් සේවිකාවෝ ගැන

ජෙට් එයාවේස් කියන්නේ ඉන්දියාවේ තියෙන ප්‍රසිද්ධම ගුවන් සේවාවක් , හුගක් වෙලාවට මට ඩොමෙස්ටික් ෆ්ලයිට් සෙට් වුනේ ජෙට් ඒයාවේස් ඒවගේම කීප සැරයක්ම ලංකාවේ ඉදන් ඉන්දියාවට ඉන්ටර්නැෂනයි ෆ්ලයිට් එකත් සෙට් වුණා.මේ ගොල්ලන්ගේ සේවාවනම් උපරිමයි කියලා කියන්න පුලුවන්. හුගක් මිත්‍රශීලියි , ඒ වගේම පැනලා දුවන්න වගේ නෙමේ හොදට කතා කරනවා.

හැබැයි මට මේ ෆලයිට් වල බියර් හෝ වයින් දෙනවානම් දැකලා නෑ. ඒ වගේම තමා ජෙට් එයාවේස්වල හොද ෆ්ලීට් එකක් තියෙනවා. මම දැකලා නෑ කිසිම සවුත්තු ෆලයිට් එකක්, එ වගෙම මේ ෆයිට් වල වෙච්ච පොඩි පොඩි සිදුවීම් ටිකක් තියෙනවා මට සහ යාලුවන් කීප දෙනෙකුටම පස්සේ වෙලාවක ඒ ගැන ලියන්නම්.
ඒ වගෙම තව දෙයක් තමා මම දැකපු , මේ ගුවන් සේවයේ කැබින් කෘ එකේ හිටිය පිරිස හුගක්ම ලස්සනයි ,කිසිම නුසුදුසු කෙනෙක් දැකලා නෑ බහුතරක් මේ දාල ඉන්න පින්තුරේ ඉන්න අය වගේ තමා.ඇග හරිම හැඩයි.හැබයි ලැන්ඩ් කරද්දිනම් පොඩ්ඩක් වගේ අවුල් නිකම් ප්‍රයිවෙට් බස් කාරයෙක් බ්‍රේක් ගහනවා වගේ තමා.

කටාර් එයාවේස් තාම මම දැක්ක ලොකුම ෆලයිට් එක කැතේ ෆැසිෆික් වලට පස්සේ. එකම එක සැරයයි මම කටාර් එයාවේස් වල ගිහින් තියෙන්නේ . සේවාවනම් උපරිමයි , තවදෙයක් තමා මේ ගුවන් සේවයේ රටවල් කීපයක වෙනස් වෙනස් ගුවන් සේවිකාවෝ ඉන්නවා.කැම බීමත් නරකම නෑ.

අන්තිමට කියන්න යන්නේ ශ්‍රී ලන්කන් සහ එයාර් ඉන්ඩියා ගුවන් සේවයන් ගැන

මේ ගුවන් සේවයන් දෙක හුගක් සමානයි , වෙනසකට තියෙන්නේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ කෑම බීම පොඩ්ඩක් අපිට අල්ලලා යනවා.ඒ වගේම මේ පින්තුරේ ඉන්න ගුවන් සේවිකාවෝ වගේ කට්ටිය ඉන්දියාව ලංකාව අතර කිසිම වෙලාවක බලාපොරොත්තු වෙන්නම් එපා. මේ සම්බන්ධයෙන් ඉතින් බලධාරින් පියවර ගන්නවානම් හොදයි.

හැබැයි ඉතින් ලාංකිකයෙක් වශයෙන් කියන්න දෙයක් තියෙනවා , ටික කාලයකට පස්සේ ලංකාවට එද්දී දකින් ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක් තරම් ඇසට ප්‍රිය දෙයක් කොහෙවත් නෑ. මාස ගණකට පස්සේ මුණට මුණට බලාගෙන අයුබෝවන් කියද්දි දැනෙන සතුට උපරිමයි.ඒ හැගීම හරිම අපුරු හැගීමක්.

2 comments:

  1. ගුවන් සේවිකාවො කරන්නෙ හරි ලේසි රස්සාවක් කියලයි මට හිතෙන්නෙ..ඒ වුනාට එයාල ලොකු සමාජ තත්වයක් අපේක්සා කරනවා..

    ReplyDelete
  2. ම්හ් මමනම් ඒකට එකග නෑ මොකොද අපි නොදන්නවාට උනුත් කට්ටක් කනවා, ඒ වුණාට දෙවන ප්‍රකාශනයටනම් එකගයි අනවශ්‍ය පරිදි ඉහල සමාජ තත්වයක් අපෙක්ෂා කරනවා.

    ReplyDelete