එක්තරා පියෙක්……
පාට පාට සීනි බෝල කොහොම ගෙනෙන්නද
නේක හැඩැති බැලුම් බෝල කොහොම ගෙනෙන්නද
මේ මාසෙට උඹට බොන්න කිරි පැකැට්ටුවට
ගාණ පමණි අතේ ඉතිරි පයින්ම එමි ගෙට
පහුගිය දා උඹට පුතේ උණ ගන්නා කොට
දොස්තරලා වර්ජනයේ දරුවන් බිල්ලට
උනුත් පුතේ ඉගෙන ගත්තේ බදු මුදලින් අප
ඒත් පුතේ හැම ගිණිගෙඩි අපගේ හිස මත
එදා දිනේ උඹට පුතේ බෙහෙත් ගෙනෙන්නට
අම්මා උඹේ ණයට ගත්තේ වැඳලා සුමනට
කඩයේ මුදලාලිත් මට ගෝරනාඩු කළ
“ණය ගෙවපන් නැත්තම් තව බඩු දෙන්නේ නැත”
අමාරුවෙන් අටෝ ගත්තු පැල් කොටේට මම
බදු ගෙව්වෙත් මේ වසරේ ණයවී ජින්නට
කඳුලු උනයි මටත් නොදැනි දෑස් අගිස්සට
මහරජාගේ පැටව් පුතේ රේස් පදින කොට