Image and video hosting by TinyPic

දුර යන්න හිතුවාට සැඟවී හොරෙන් (Shashika Nisansala)

{[['']]}


දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුලු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..//

අව්තැන් වෙලා ලැමතුරේ පෙම් හැඟුම්
හීනෙකින් හෝ තවකෙකුට ඔබ නොදෙමී මං
එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...//

දහසක් නුවන් මා දෙසම නපුරෙන් බලන්
ඉන්නා නිසා හමුවෙන්න බෑ අපට දැන්
එක් වෙන්න සංසාරේ පිං මදිව නම්
අපි දෙන්න එක තැනම මිය යමු ඉතින්...//

දුර යන්න හිතුවාට සැඟවී හොරෙන්
ඔබ නැතිව මම ඉන්නේ කොහොමද ඉතින්
වාවන්න බැරි කඳුලු ආවත් නෙතින්
හුස්මක් දුරින් ඉන්න මට බෑ ඔබෙන්..//

ගායනය    ශෂිකා නිසංසලා
Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya