Image and video hosting by TinyPic

හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට (Jude Rogance)

{[['']]}















හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලාදෝ...//


‍රැලි වැ‍ටුනු සුදු ගව්මේ ‍රැලි කොහෙද සැඟවූයේ
සඳකැන් මුවා වීද මා කුමරියේ
බාලිකා කැල සමඟ සැරි සරපු පෙම් කුසුම
න‍ටුවෙන් මිදී යන්නේ අද තනිවදෝ...//

පොත් මිටිය ඔය ළමැදේ තුරුලු කර හමු වුයේ
සිනහා පෑ මගේ පුංචී දඟකාරීයේ
ඒ ළැම වසා ගත්ත සුදු පාට මල් පොකුර
පෙර දිනක මම දුන්නු සුදු මල්ම දෝ...//

හිනැහෙන්නේ ඇයි ඔහොම වාවනේ නෑ සිතට
මම අසරණයි පුංචි පෙම්වන්තියේ
නෙතු තද කරන් ඉන්නේ නැතිවාද ඇහැරෙන්නේ
අවසන් ගමන් යන්න සැරසීලාදෝ...//

ගායනය     ජූඩ් රොගන්ස්
Share This Lyric :

No comments:

Post a Comment

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya