Image and video hosting by TinyPic

සිත හඬයි මා තනිවී (Nirosha Virajini)

{[['']]}










සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ

ඔබගෙ සුරත ගෙන සයුරු තෙරේ හිඳ
දිනක සීත සැන්දෑවේ
හැඬුව අයුරු මට අඳුරු සිතුවමකි
තාම ‍රැඳුනු මා දෑසේ සිහිනයක්ද මායාවේ
ඇයිද මා මුලාවේ තනිකලේ වියෝගේ
සැමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි

ඉන්න බෑ ලංව ඉතින්
සතුට හිමි නෑ සිතට මගේ
ඇයිද මගේ රත්තරනේ
දිවිය අද මේ අඳුරු කලේ

ඔබගෙ සුවඳ මට තවම දැනෙනවා
පාලු සීත රෑ යාමේ
ඈත කොහෙද ඔබ දෑසෙ දසුන හැර
සිහිනයක්ව වෙන් වූයේ ආදරේට පි‍ටු පෑවේ
සඳට අහස වාගේ මලට සුවඳ වාගේ
සෑමදා ප්‍රියේ මා... ඔබට ආදරෙයි

සිත හඬයි මා තනිවී
මා දවාලයි මේ ශෝකේ
ආදරයෙන් මා ලැබුවේ
කඳුල පමණද මේ ලෝකේ

ගායනය     නිරෝෂා විරාජිනී



Share This Lyric :

1 comment:

  1. Casino Review and Ratings for UK Players - DrmCD
    Casino Reviews and Player comments. Casino.com is rated 4.6 out of 5 by our members and 하남 출장안마 28% 계룡 출장샵 of them said: "OK". The 양주 출장마사지 casino 보령 출장마사지 has a lot of casino games available and  Rating: 4 · ‎Review by Dr 익산 출장마사지

    ReplyDelete

ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.

 
Copyright © 2013. Latest Sinhala Lyrics - All Rights Reserved
Proudly powered by Sinhalaya Sindiya