{[['']]}
දැන්වත් කියන්න මගෙ රත්තරන්
ඔබ මගේද මා ඔබේද අපි අපේද කියලා
දැන්වත් කියන්න මගෙ රත්තරන්
පැහැදුල් නුවන් ගල්වා
මා දෙසට පා කරලා
හදගැස්ම මග නවතා
දෙහදක් ගොලූව වුන්නා
ඔබේ සෙනෙහෙ මඟ රැඳුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්
මේ ඇස් දිහා බලන් ........
කඳුලැල් නෙතින් පලවා
පැතුමන් සිතේ තනි බින්ඳා
සිල් ගත්තු සිත සඟවා
ඔබෙ දෑත වෙත අත පෑවා
ඔබේ සෙනෙහෙ මඟ රැඳුනේ ඇයි සංසාරයේ
මේ භවයේ මා වෙනුවෙන් ඔබ මැව්වේ
දැන්වත් කියන්න මගෙ රත්තරන්
මේ ඇස් දිහා බලන් ........
ගායනය ශිහාන් මිහිරංඟ
No comments:
Post a Comment
ඔයාගේ හිතට මේ ගීතය ගොඩාක් සමීප වුණා නම් ඔයාගේ ජීවිතේ අමතක නොවන කෙනෙක් වෙනුවෙන් දැනෙන පුංචිම හරි දෙයක් ලියලා යන්න.ඔබට ජය.