ආස්චර්යයේ පෙරමග ලකුණු සුබයි – Miracle is on the way

ආස්චර්යයේ පෙරමග ලකුණු                සුබයි

රේසිං කාර් හැටට හැටේ ගමෙත්            දුවයි

අපට නැතත් අනේ සාදු හොදම          හොදයි

පුහුදුන් සිතෙන් සංතෝසය දෝරෙ       ගලයි

චන්ද්‍රිකාව හෙට ගුවනට යනව               ඇත

මුදලට ගත්තු බව හුඟ දෙන දන්නෙ      නැත

ලෝක බලවතුන් අතරේ අපිත්               ඇත

කියමින් සතුටු වේ කඳුලින් පිරුනු        නෙත

කොළඹින් ගාල්ලට ඉස්සර පැය          තුනකි

ඊ-වන්      නිසා අද යන්නේ   එක       පැයකි

කොට්ටාවට එන්න යන්නෙ පැය        දෙකකි

ඔක්කොම එකතු කල විට යලි පැය      තුනකි

නෙලුම් පොකුණ රඟහල දැක සතුටු       වෙමි

කවුදැයි නොදන්නෙමි ඔය            කුමරස්සාමි

පර නම් ඕනි නෑ අප සැම                දේශප්‍රෙමි

කීයක් ගියත් ගෙවලා ෂෝ එක               බලමි

අගවිනිසුරුගෙ කෙරුමන්           විෂමාචාරයි

ඒක නිසා ඇයහට හිමි ඇගෙ             නිවසයි

නඩුව අහන්නට ගජයන් ලොකු      රොත්තයි

සාපෙල නැතත් ඇමතී බලයෙන්        ඉහලයි

ඉගෙනගන්න ළමයින් හට දෙන්න        කියා

සියයට හයක් වෙන් කෙරුමට ගමන්     ගියා

එච්චර ඕනි නෑ හතරක් ඇතියි              කියා

ලොක්කා ඇවිත් සබයට පවසලා           ගියා

දෝරෙගලන ආස්චර්ය මෙහෙම              නමුත්

පාරේ යන්න බිය සැක නැති නිසා             අපත්

ණය වී නමුත් පිනවමු නෙත සිතත්           ගතත්

අවුලක් නෑනෙ සොමියෙන් ඉඳ හෙට  මැරුණත්

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 25/11/2012, in කාලීන, පද්‍ය. Bookmark the permalink. 11 Comments.

  1. ජයවේවා….!!!

    ඔහේට නෙමෙයි……. කයි වලට…….

  2. අනර්ඝයි. කාලෙකින් කියවපු හොඳම කවි….

  3. හරිම ඉහලයි කවි ටික

  4. ටික්කා

    Niyamai lokkaaa… Elaz..

  5. ඉන්ද්‍රජිත්

    හෙට දින එළඹෙත්දී නව චන්ද්‍රිකා යුගේ
    දිරපු ඒදඬුත් ගහගෙන යනව ගඟේ
    ලියන ගියර් එක ආයෙත් වැටිල වගේ
    දිගටම ඔහොම ලිවුවොත් නම් හරිම අගේ

ඔබේ අදහස් දහස් වටී ....................