මල් කෙල්ල
පිනැති දනට මඟ සිට පියුමන් විකුණු
රුවැති නුඹේ සිරි කෙලෙසද මල් වසනු
පැහැති රනින් සඳ රැස් වැටි රුව දිලුණු
තෙදැති දෙවින් නැතිදෝ ගෙපැලට වඩිනු
දුහුල් සලින් නැතිමුත් සැරසී මහරු
විසල් හැඟුම් සිරවේ හදෙ දැක පියොරු
කොපුල් නුඹේ පැරදුවේය රතු තඹරු
උපුල් මලුත් දෙවැනි වේය ඔබෙ රුසිරු
නැතේ පැතුම් මෙදසුන දැක ගන්න සිතා
සිතේ සිහින පත්විය හොඳ ගෙතූ කතා
නැතේ තවත් පෑ හසරැල් නුඹව පතා
අතේ එල්ලි දඟ කරනා නුඹේ පුතා