රූකඩ රජ්ජුරුවෝ!
නටාපං ඔහොම
හැඩක් නම් කුමට
උඹේ නොව නැටුම
නූල් ඈ ගාව
මාරු කළ වෙස් මූණ
නටාපං නව නැටුම
නූල් එසවෙන රිද්මෙට
පාද තබන අපූරුව
නූල් ඈ ගාව මුත්
මොළේ උඹ ළඟ තවම
කල්පනා කර බලන්
නැටවෙනා අතර තුර
නටවා උඹ ඇති පදම
නූල් ඈ අතැරි දින
උඹ වැටෙයි උන් තැනම
නැඟිටින්න නොහැකි ලෙස