Breaking News
Loading...
July 11, 2012

Info Post
රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය හැකි දැයි සැකයක්...
ජායාරූපය රාවණා පුවත පලකරන ලේඛකයන් හටත් සරසවියේ සිසුන්ටත්...
පසුගිය හයවැනිදා පස්‌වරු 3.34 ට මෙම ඡායාරූපය ගන්නා ලද්දේ වනජීවී ඡායාරූප ශිල්පී කීර්ති අමරසේකර මහතා විසිනි.

මේ ඡායාරූපය දෙස හොඳින් බලන්න! මෙහි හඳුනාගත නොහැකි අද්භූත වස්‌තුවක්‌ සටහන් වී තිබේ. ඒ කුමක්‌ද යන්න හෙළි කිරීමට මෙතෙක්‌ මෙම ඡායාරූපය නිරීක්‍ෂණය කළ කිසිවෙකුටත් හැකි වී නැත.

ඒ මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක්‌ සහභාගි වූ චාරිකාවකදී කලාවැව ඉස්‌මත්තේ ඔලොම්බෑව - කොළකඳමුල්ල වැව් පිටියේදීය. එහිදී ගන්නා ලද ඡායාරූප අතර එක්‌ ඡායාරූපයක පමණක්‌ මෙම "අද්භූත" වස්‌තුව සටහන් වී ඇත.

මෙම ඡායාරූපය ගන්නා අවස්‌ථාවේදී කැමරා ශිල්පියා කැමරාවේ කාච විවරයේ වේගය ලෙස භාවිත කර ඇත්තේ තත්පරයෙන් හාරදහසක වේගයකි. එහිදී අධික වේගයකින් ගමන් කරන වස්‌තුවක්‌ පවා කැමරාවට ග්‍රහණය වන බව ද කාච විවරය Cappecher 5.6 සහ ISO 800 ලෙස භාවිත කළ බව ද ඡායාරූප ශිල්පියා පවසයි.

මෙසේ කලා වැව ආසන්නයේ සැරිසරන වන අලින්ගේ ජයාරූප ගැනීමට ගිය ප්‍රවීන ජයාරූප ශිල්පී කිර්ති අමරසේකර මහතාගේ ගේ කැමරාවේ සටහන් වූ අපැහැදිලි වස්තුවක් පිලිබඳ ආන්දෝලනාත්මක කථිකාවක් ගොඩ නැගී ඇත.

එම ජයාරූපයේ ප්‍රශ්නකොට තිබුනේ එය රාවණාගේ "දඬුමොණර" යන්ත්‍රය විය නොහැකිද යන්නයි.

මෙම ජායාරූපය ගෙන තිබෙන්නේ අප මෙයට පෙර ඉදිරිපත් කරන ලද ගල් විහාරයේ සැතපෙන පිළිමයේ රාත්‍රී කාලයේ ජායාරූප ලබාගත් කිර්ති අමරසේකර මහතා විසිනි.ඔහු කැලණිය ඡායාරූප කලා සංගමයේ සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබනවා.

මේ පිලිබඳව අමරසේකරමහතා සහතික වුයේ මෙය ඔහු විසින් ගත ජායාරුපයක් බවත් තමා කලාවැව ආසන්නයේදී මෙය නිකොන් D90 වර්ගයේ කැමරාවකින් ජායරුපගතකොට ඇති බවත්ය.

ජායාරූප ගත්පසු ඒවා විශාල කර බැලීමේදී මිතුරෙකු තමාට මෙය පෙන්වූ බවත් මෙම ජායාරූපය පිලිබඳ පැහැදිලි අර්ථකතනයක් ලබාදීමට තවම හැකියාවක් නොලැබුන බවද අප වෙත සඳහන් කර සිටියා.


තවද මෙම ජායාරූපය "රාවණා" පුවත පලකරන ලේඛකයන් හටත් මොරටුව සරසවියේ සිසුන් පිරිසක් වෙතත් ඉදිරිපත් කල බව ඔහු අප වෙත දන්වා සිටියා.එම ජායාරූපය පහතින් බලන්න