ඉන්දියාව අප මිතුරකුද, සතුරකුද? (1)

සුබිම: මේ වසරේ (2012) මුල් භාගයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විමසුමකදී ඉන්දියාව ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. ඉන් පසුව උතුරේ අවතැන් වුවන් පිළිබඳව සොයා බැලීම සඳහා මන්ත්‍රී පිරිසක්ද ශ්‍රී ලංකාවට එවීය. මෙය හා උතුරේ යුද්ධය අවසන් වූ පසු ඉන්දියාවේ ක්‍රියාකලාපයට එරෙහිව මෙරට ජන මතයක් ගොඩනැඟෙමින් පවතී.

අප ඉන්දියාව මිතුරකු ලෙස සැලකිය නොයුතු බව මෙම ලිපියේ තර්කයයි.

අතීතයේ සිටම ඉන්දියාව ශ්‍රී ලංකාවට මිතුරකු වශයෙන් කටයුතු කළ බවක් නොපෙනේ. දකුණු ඉන්දියානුවෝ ඉතිහාසයේ නොයෙක් අවස්ථා හිදී ශ්‍රී ලංකාව ආක්‍රමණය කිරීමට උත්සාහ කළහ. එමෙන්ම පෙර වතාවක එල්.ටී.ටී.ඊ සංවිධානය ස්ථිර ලෙස පරාජය කිරීමට ඉතාමත්ම ආසන්න මොහොතකදී මෙරටට “සාම හමුදාවක්” ගොඩබැස්වීය. මෙරට ගුවන් අවකාශය උල්ලංඝනය කරමින් උතුරේ ඇතැම් ප්‍රදේශ වලට ගුවනින් ආහාර අතහැරියේය. එමෙන්ම මෙරටට අවි හා යුධෝපකරණ විකිණීම ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවට පක්ෂව අදහස් ප්‍රකාශ කළ ඉන්දියානු දේශපාලකයන් හට බලපෑම එල්ල කෙරිණි.

ශ්‍රී ලංකාවේ බහුතර ජනතාවගේ අවශ්‍යයතාවයන්හට ගරු කරනු වෙනුවට මෙරට සුළු ජාතියක ආරක්ෂාව වෙනුවෙන් ඉන්දියාව පෙනී සිටියි. ඒ වෙනුවෙන් මුළු රටේම ඉදිරි ගමන පිළිබඳ තීරණ වලට හවුල්වීමට එරට උත්සාහ දරයි.

අප ඉන්දියාවට විරුද්ධත්වය ප්‍රකාශ කළ යුත්තේ කෙසේද? ප්‍රචණ්ඩත්වයෙන් හෝ පෙළපාලි මඟින් එය කළ නොහැකිය. එමෙන්ම අත්තනෝමතික ලෙස රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා කඩාකප්පල් කරගනීමෙන්ද එය කළ නොහැකිය. ඉන්දියාව කෝටි සියයක ජනගහණයක් සහිත න්‍යෂ්ටික බලවතෙකි. එමෙන්ම කලාපීය ආර්ථික බලවතෙකි. එමෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල ඡන්දයන්හිදී කුඩා රටවලට බලපෑම් එල්ල කිරීමේ හැකියාවද එරටට ඇත. ඉන්දියාව “තරහ කරගැනීම” අනුවණකමකි.

එසේනම් කළයුත්තේ කුමක්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න