ෆොන්සේකා නිදහස් – වීම ගැන අදහස්

ලේඛකයා මෙන්ම මුලු රටම කලක් තිස්සේ දකිමින් සිටි සිහිනයක් නොබෝදා සැබෑ විය.ඒ හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සිපිරිගෙයින් නිදහස් වීමයි.

ඒත් මේ නිදහස ගැන පැනයන් කීපයක් පුහුදුන් මනස තුල ඇති විය.පහත පෙල ගස්වා ඇත්තේ ඒවාය.

1.ෆොන්සේකා මහතා තම සිරකාලය නිමවා රිමාන්ඩ් බන්ධනාගාරගතව සිටියේලු.එනිසා ඔහුට ලක්ෂ 10 ක ඇප නියම විය.එසේ නම් ඇත්තටම (ඇප අනුමත කිරීමට) නිදහස ලැබුවේ විනිසුරුවරයා ද?

2.ඔහු නිදහස් කළේ නිදොස් කොට ද එසේ නොවේද?

3.සුදු කොඩි නඩුව හා තවත් නඩුවකට (සමාවන්න අමතක වීම ගැන) තමා විසින් ඉදිරිපත් කළ අභියාචනා ඔහුගේ නීතිඥයන් විසින් ඉල්ලාඅස්කර ගත්තේය.එසේ නම් අනෙක් නඩු වලට වන්නේ කුමක්ද?

4.ඔහුට හිමි ව තිබූ පසුව අහිමි කළ ජෙනරාල් පදවිය හා විශ්‍රාම වැටුප යලි හිමිවේද නොවේද?

5.එතුමාට ක්‍රියාකාරී දේශපාලනයේ යෙදිය හැකිද?

6.මේවාට පිළිතුරු ජනමාධ්‍ය වල හෝ පල නොවන්නේ ඇයි.

About ජයශ්‍රී

සිංහල බෞද්ධයෙක්මි

Posted on 21/05/2012, in කාලීන, කෙටිම සටහන්. Bookmark the permalink. 7 Comments.

  1. 6. ෆොන්සේකාට රටින් පිටවීමේ අවසරයක් තිබේද?
    7. දනුන තිලකරත්නගේ මවට / අත්තම්මාට එරෙහිව ඇති නඩුවලට මොකද වෙන්නෙ?
    8. හැංගිලා ඉන්න තැනකින් එලියට එන්න දනුනට දැන් පුළුවන්ද?
    9. සරත් ෆොන්සේකාගේ මකා දැමූ ඉතිහාසය නැවත ඔහුට ලබා දෙනවාද?
    😉

    • 6.විදේශ ගමන් බලපත්‍රය නම් උසාවියෙන් ගත්තා.
      අනෙක් ප්‍රශ්න වලට නම් පිලිතුරු අවශ්‍යයි.

  2. මේවාට පිළිතුරු ජනමාධ්‍ය වල හෝ පල නොවන්නේ ඇයි.?

    ලැයිසම බේර ගන්න ඕනි නිසා

    ප.ලි – මොකද යකෝ ඇඩ් එකක් දාගෙන ?

  3. What ever the conditions of his relese Genaral Fonseka should act wisely.most who gather around him are political beggers. they just want to earn some merit through the genaral..
    Dave

  4. 1 ප්‍රශ්නය ඇතුළු සියළු ප්‍රශ්න වලට එක උත්තරයක් දෙන්නම්. ඒ ඇසුරින් මේ ප්‍රශ්නෙට උත්තරය අපෝහනය කරගන්න.
    දුමින්ද සිල්වට, චන්දන කත්‍රිආරච්චිට විරුද්ධව තිබුන නඩුත් අස් කරගත්තා.

  5. ```Outsider```

    1 මේ නිදහස් කරල තියෙන්නෙ සුදු කොඩි නඩුවෙන් ලබා දුන් තුන් අවුරුදු සිර දඞුවමෙන් විය යුතුයි. (අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා දඞුවම ක්‍රියාත්මක නොවුණත්)

    2 විශ්‍රාම වැටුප් හෝ ජනරාල් තනතුර ලබා දෙන කතාවක් නොකියවේ.

    3 එසේම තවම තීන්දු ලබා නොදුන් නඩු ඇති බැවින් මේක හැබෑ නිදහසක් නොවන අතර, අවශ්‍ය මොහොතක එම නඩු හරහා නැවත කූඩුවට දැමිය හැක. තවම ඔහුගේ ඉරණම අනුන්ගේ අත පත් වූ එකක් පමණි.

  6. @ බුවා – වෙන්න පුලුවන්.(TNL විකාශයේ සංඛ්‍යාත හොරකං කරලලු)
    @Dave – Yes, he was used by cunning politicians
    @රාජ් – ටිකක් පැහැදිලි මදි.ඔබ කියන්නේ පූර්ණ සමාවක් ලැබුණද?
    @Outsider – මට හිතෙන්නෙත් මෙහෙම ම තමයි.

    @මොකද යකෝ ඇඩ් එකක් දාගෙන ? – මුලුමනින්ම මගේ මැදිහත්වීමකින් තොරව (දැනුවත් වීමකින් ද තොරව) සිදුවන්නකි. wordpress විසින් කරන්නක් වියයුතුයි.අපහසුතාවක් වේ නම් සමාවන්න.මට එය වැලැක්විය නොහැකියි.

ඔබේ අදහස් දහස් වටී ....................