ඒක දැක්කම පිස්සු හැදෙනවා ඕයි…..


අම්මප මෙහෙම දෙයක් මගේ ජීවිතේට දැක්කාමයි, ඔයාලත්  පොඩ්ඩක් ලෝකේ වෙන දේවල් ගැන ඇහැ ගහගෙන ඉන්නවානම් මේ වගේ පිස්සු හැදෙන දේවල් හොයාගන්න පුළුවන් ඕන තරම්.  ගහක් උඩ ගෙඩියක් – ගෙඩියක් උඩ ගහක් කියලා අන්නාසි ගෙඩියට කියුවට, ගගක් උඩ පාලමක් – පාලමක් උඩ ගගක් කියලා කියන්නවෙයි කියලා කවදාවත් හිතුවේ නම් නෑ. ඒත් එහෙම් කියන්න වෙනව මේක දැක්කම.

නවීන විද්‍යාව, ඉංජිනේරු තාක්ෂණය සහ දැණුම පාවිච්චි කරලා ජර්මානු ජාතිකයෝ මේ අරුම පුදුම නිර්මාණය කරලා තියෙන්නේ ඒ රටේ නාවික ප්‍රවාහන කටයුතු පහසු කරගන්නලු. මේක හදලා තියෙන්නේ ඒල්බා  ගංගාව හරහායි. හැම්බර්ග් නගරය ආසන්නයේ තමයි මේ නිර්මාණය හදලා තියෙන්නේ, ඒලොව නාවික කටයුතු සදහා භාවිතාකරන දීර්ඝතම ගුවන් පාලම් ජල මාර්ගය ලෙසට. හැම්බර්ග් නගරය පසුකර උතුරු මුහුදට ගලා බසින එල්බා ගංගාව ඔස්සේ භාණ්ඩ ප්‍රවාහනය කරන බත්තල්, කුඩා නැව් හැවෙල් ඇළේ ඉදලා මිට්ටලෙන්ඩ් ඇළ දක්වා ගමන් කරන්න මේ මිග්ඩෙබර්ග් පාළම් ඇළ භාවිතා කරනවා. මීට කලින් මේ වැඩේ කරන්න අමතර කිලෝමීටර 12කට වැඩි දුරක් ගමන් කරන්න වෙලා තියනවා.

පාළමේ මුළු දිග මීටර 918ක් ඒකෙන් මීටර 690ක් භුමිය හරහාත් මීටර 228ක් ජලය හරහාත් ඉදිකරලා තියනවා. පළල මීටර 34ක්, ඇලේ ගැබුර මීටර 4.25ක්. මේ වැඩේ මුලින්ම කරන්න පටන් අරන් තියෙන්නේ 1930දී, ඒත් දෙවන ලෝක යුද්ධය  නිසා වැඩේ නවත්වලා තියනවා. පසුව නැගෙනහිර – බටහිර ලෙස ජර්මනිය බෙදුන නිසා අපහු වැඩේ නතරවෙලා තියනවා. අන්තිමට රට එක්සේසත් වුනාට පස්සේ 1997දී පටන්ගත්තු වඩේ 2003දී ඉවරම කරලා තියන්නේ ලෝකයට අලුත් මානයක්, සංකල්පයක් එකතුකරමින්.

This slideshow requires JavaScript.

ඉස්සර ලෝකේ පුදුම 7ක් කියල තිබුනා. අපේ සීගිරියත් 8 වෙනි පුදුමේ කියලා ලොව පුරාම ප්‍රචලිත කාරනයක් කියලා ඔයාලත් දන්නවානේ. මේ ලගකදි ආපහු ඔය පැරණි පුදුම හත අළුත් වුනා, ඒත් අපේ සීගිරිය ඒකට ඇතුලත් නෑ කොච්චර පුදුම දේවල් තිබුනත්, ඔව්වා ඉතින් කාට කියන්නද? පැරණි ඉංජිනේරු ශිල්පය හා තාක්ෂණය මත පදනම්ව නිර්මානය කළ සීගිරිය වගේම ලොව ලොකුම ගඩොල් නිර්මානය ජේතවනයත් තව පැරණි නිර්මාණ රාශීයක් අපේ රටේ  පැරණි ඉංජිනේරු ශිල්පය හා තාක්ෂණය අභිමානය ලොවට කියාපානවා. අපි හැමදාමත් පැරණි අභිමානය ගැන කතාකරකර වන්සේ  කබල් ගානවා විතරයි, අලුතින් යමක් හොයාගන්න උනන්දුවකුත් නෑ, හොයාගත්තත් ඒකට නිසි සැලකිල්ලක් තැනක් ලබාදීල ඒක වැඩිදියුණු කරන්න උපකාර කරන්නේත් නෑ. මේ ආකල්ප වලින් අපි මිදිලා අළුත් විදිහකට හිතුවේ නැත්නම් අපිට කවදාවත් මේවගේ දේවල් කිසිම අංශයකින් කරන්න වෙන්නේ නෑ අනාගතයේදි. පාසලේ ඉදලම මේ ආකල්ප වෙනස කරන්න අපි මහන්සි ගන්න ඕනී, හරි මාර්ගයක යන්න හොද අධ්‍යාපනයක් තමන්ගේ දක්ෂතාවය මත ලබාගන්න අවස්ථාවක් ලබාදෙන්න ඕනි. එතකොට තමයි එක් එක් අංශයෙන් අතිදක්ෂයන් පිරිසක් බිහිවෙන්නේ. එතකොට සෑම අංශයකින්ම මේ කරලා තියනවා වගේ අරුම පුදුම නිර්මාණ විතරක් නෙවෙයි රටට ලොවට වැඩදායි නිර්මාණත් ඉදිරියේදි බිහිවේවි.

4 thoughts on “ඒක දැක්කම පිස්සු හැදෙනවා ඕයි…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න